වැරදි කරපු නිලධාරීන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා…

November 26, 2019 at 8:40 am | lanka C news
වැරදි කරපු නිලධාරීන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා…

“වරාය කියන්නේ හදවත වගේ තැනක්. විශාල ආදායමක් ලැබෙන තැනක්. අපේ අරමුණ මේ වරාය ඉතාම කාර්යක්ෂම වරාය බවට පරිවර්තනය කරගැනීම. අපි දැක්කා ඉතිහාසයේ වරායේ කොහොමද වැඩ කටයුතු කරේ කියලා රජයේ පරිපාලනය යටතේ. විශේෂයෙන් වෘත්තීය සමිති සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා අපි එකතු වෙලා වැඩකරමු කියලා. මේ වරාය කාර්යක්ෂම වරායක් කරන්න ඕන. ඒ සඳහා සියලු දෙනා සහයෝගය ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා. මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂා කරන වැඩ කරන රටක් ආර්ථිකය දියුණු රටක් බවට පත්කරන්න ඒ දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපි ලබාදෙන්න ඕන. ඒ පණිවිඩය මේ අවස්ථාවේ දී මා ලබාදෙන්න කැමතියි. විශ්වාසයෙන් අපි වැඩ කටයුතු කරමු. තියෙන ප්‍ර‍ශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බලමු. මම සාකච්ඡා මාර්ගයෙන් ප්‍ර‍ශ්න විසඳාගැනීම විශ්වාස කරන ඇමතිවරයෙක්. මම විශ්වාස කරනවා තමුන්නාන්සේලාගේ උපරිම සහයෝගය මට ලබාදෙයි කියලා. ඒ වගේම මම එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙක් විදියට ජාතික සේවක සංගමයේ කටයුතු කරලා තියෙනවා. අපේ පක්ෂයේ වෘත්තීය සමිති නායකයින් සමගත් මම වැඩ කරලා තියෙනවා. ඒ නිසා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා අපට එකතු වෙලා මෙතන ඉතාමත් ආදර්ශමත් තැනක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා. ඒකට සහයෝගය ලබාදෙන්න කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් දැනුම් දෙනවා. ඒ වගේම තමුන්නාන්සේලා සියලු දෙනාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා….” යනුවෙන් මාර්ග, මහාමාර්ග සහ වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසයි.

මේ බව පැවසූයේ උදෑසන වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයෙහි පැවති සිය අමාත්‍ය ධුරයෙහි අභිනවයෙන් වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව හා එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ, කොළඹ වරාය කාර්යක්ෂම වරායක් බවට පත්කිරීම යුගයේ අවශ්‍යතාවක් බැවින් සියලු වෘත්තීය සමිති ඇතුළු සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ සහයෝගය ඒ සඳහා අවශ්‍ය බවත් පවතින ගැටළු සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගනිමින් ඉදිරි සංවර්ධන කටයුතු උපරිම ශක්තියෙන් සිදුකරලීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් ය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්න හමුවේ පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, “අපි මැතිවරණයේ දී කියපු දේවල් වචනයට සීමා වෙන්නේ නැහැ. රටට ආදරය කරන නායකයෙක් ජනාධිපතිවරයා බවට පත්වෙලා තියෙන්නේ. ජනතාව විශ්වාසය තබා තියෙනවා ඒ ජනාධිපතිවරයා කෙරෙහි. ඒ නිසා ගන්න අවශ්‍ය තීරණ ජනාධිපතිවරයා ඉක්මනින් ගන්නවා. රටේ නීතිය අනුව මොකක් හරි වරදක් කරලා තියෙනවා නම් ඒ වැරැද්දට නීති මගින් කටයුතු කිරීම රජයේ වගකීමක් වෙනවා. නමුත් අපි පසුගිය ආණ්ඩුව වගේ සාක්කි හදලා පැමිණිලි හදලා තමන්ට ඕන නිළධාරීන් ගෙනල්ලා තමන්නට අවශ්‍ය එෆ්.සී.අයි.ඩී ආයතන නිර්මාණය කළා වගේ දේශපාලන දඩයමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරු හරි නිළධාරියෙක් වරදක් කරලා තියෙනවා නම් ඔවුන්ට රටේ නීතිය අනුව අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. ඒ නිසා තමයි ජනතාව ඡන්දය දුන්නේ ඒ වෙනස ඇති වෙයි කියලා. මම හිතන්නේ නැහැ පැනලා යන්න ඉඩ ලැබෙයි කියලා. නීති මගින් අනිවාර්යයෙන් කටයුතු කරනවා.

අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේ රටේ ජනතාවට වැඩ කිරීම. මේක වැඩ කරන රටක් බවට පත්කරනවා කියලා තමයි අපි ඡන්දය ගත්තේ. අපි මූලිකත්වය දෙන්නේ ඒ සඳහායි. නීත්‍යානුකූල නොවන දේවල් කරලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වලා රටේ නීතිය අනුව කටයුතු කරනවා මිසක් ඔවුන් කරපු දේවල් කරන්න අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය හැදීමේ පමාවක් සිදු වී තිබෙනවා. ඒක අපි දන්නා කරුණක්. මේ වනවිට වරාය සම්බන්ධව විශාල පිරිසක් මා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික ප්‍ර‍ජාවත් සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ට ඇති ලොකුම ප්‍ර‍ශ්නය තමයි මෙහි විශාල පමාවක් තියෙනවා කියන එක. ඒ නිසා වහාම ඒ ජැටිය ආරම්භ කළ යුතුයි. ඒ ගැන අපි නිළධාරීන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හෙට දවසේ. මගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින්ම එහි වැඩ කටයුතු ආරම්භ කිරීම. එය ඉක්මනින් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.

අතිගරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මට පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා හැකි ඉක්මනින් වරායෙහි වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා. ඉතින් මං බලනවා අද මේ ආරම්භක දිනයේ සිට ම මෙය සාකච්ඡා කරන තැනක් නොව වැඩකරන තැනක් බවට පත්කරන්න. මගේ උපරිම ශක්තිය යොදවනවා මෙහි කටයුතු ඉක්මනින් ආරම්භ කරන්න. ඒවගේම මේක කාර්යක්ෂම වරායක් බවට පරිවර්තනය කරන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුව…..” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මාධ්‍ය ඒකකය
වරාය හා නාවුක කටයුතු අමාත්‍යංශය

125 views

8 Comments to “වැරදි කරපු නිලධාරීන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා…”

  1. Happy to hear yr word dear Hon. Minister Jony, now we, the people living in this country can breath a sigh of relief expecting that we will have a Noble motherland where there are political leaders who keep the promises that were given and also a country where there are people who work for the benefit of the country.

  2. රජරැටියා says:

    අපේ ජනාධිපතිතුමාගේ මහින්ද මහත්තයගේ ප්‍රතිපත්ති දර්ශනය හැබැහින්ම ඉටුකරන්ට ශක්තිය ධෛර්ය ලැබේවා

  3. desta says:

    mara porak pora talk denawa janadipathi tumage weda piliwela me aya nisa monawa weida?

  4. malraj says:

    bambuwa thamiee…!!!!!

  5. Wijebahu says:

    Look who is talking.? Punish yourself first. Anyway this is the case for your almost all cabinet Johnny. Then will take you seriously.

  6. Lol says:

    Just dont do that ethanol shit again. Last chance

  7. Manel says:

    Dear Jonston, That’s enough talking now. Study your portfolio and make plans to improve it. Have targest for 3, 6 and 12 months. Start implementing your plans involving knowledgeable and efficient healthy people. Show us results. That’s what we want to see.

Main News