සජිත් ජාතික නායකයෙක්..- කබීර්

November 26, 2019 at 6:48 pm | lanka C news
සජිත් ජාතික නායකයෙක්..- කබීර්

සජිත් ප්‍රේමදාස මහතා ජාතික නායකයෙක් බවත් ඔහු ජනාධිපතිවරණයේදී ලක්ෂ 55ක් ඡන්ද ලබාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප හිටපු සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහුට අපේක්ෂකත්වය ඉතා ප්‍රමාද වී ලබා දෙන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඔහුට සිදු කිරීමට තිබුණේ මාස එකහමාරක් වැනි කෙටි කාලයක් පමණක් යැයිද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

පවතින තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ජනතාව ඉල්ලා සිටිමින් නායකයා පත් කළ යුතු බව ද ඔහු පැවසීය.

මන්ත‍්‍රීරීවරයා මෙම අදහස් පල කරන මාවනැල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

314 views
Main News