13 දෙනවාද.. බලය බෙදනවාද.. මෝඩිගේ කතාවට ගෝටාභය ඉන්දියාවේදීම උත්තර දී එයි..

December 1, 2019 at 2:10 pm | lanka C news
13 දෙනවාද.. බලය බෙදනවාද.. මෝඩිගේ කතාවට ගෝටාභය ඉන්දියාවේදීම උත්තර දී එයි..

උතුරු නැඟෙනහිර සන්නද්ධ ගැටුම් නිමා කිරීම සඳහා 1987 මෙරට ව්‍යවස්ථාවට හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බහුතර ජනතාවගේ කැමැත්තට පටහැනිව සම්පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට තමා එකඟ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඉන්දියානු සංචාරය අතරතුර The Hindu පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

මේ වන විට 13 වන සංශෝධනයේ තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි පොලිස් බලතල හැර ඇතුළු අංශ කිහිපයක් හැරුණු විට රටේ ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ විකල්ප පිළිබඳ සාකච්ඡාවකට තමා සූදානම් බවත් හෙතෙම පවසා තිබේ.

වසර 70ක් තිස්සේ බලය බෙදීම පිළිබඳ මන්තරයක් මෙරට පාලකයන් දේශනා කළ ද කිසිවක් සිදු නොවූ බවත් බහුතරයේ කැමැත්ත සහ ආශීර්වාදය නොමැතිව කිසිවක් කළ නොහැකි බව තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

කිසිවකු බහුතරයේ කැමැත්තට පටහැනිව යමක් පොරොන්දු වන්නේ නම් එය බොරු පොරොන්දුවක් බවත් සිංහල ජනතාව උතුරු නැඟෙනහිර දියුණු කිරීමට හෝ රැකී රක්ෂා උත්පාදනයට එරෙහි නොවන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වසර පහ අවසානයේ තමා උතුරු නැඟෙනහිර ඇතුළු රටේ සිදුකරන සංවර්ධනය අනුව තමා විනිශ්චය කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියි.

තම අවංක අදහස ඉන්දියාවට පැවසීමට මැලි නොවන බව පවසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට කළ හැකි දේ ඉතා ඉක්මනින් කරන බවත් කළ නොහැකි කිසිවක් පොරොන්දු නොවන බවත් අවධාරණය කරයි.

19 වන සංශෝධනය නිසා මෙරට රාජ්‍ය පාලනය අයියා මලෝ දෙදෙනෙකුට මිස කිසිවකුට ගෙන යා නොහැකි තැනට පත්ව ඇති බවත් එළඹෙන ජනාධිපතිවරණයේ දී 2/3ක බලයක් ලබාගත හොත් එය අහෝසි කර දමන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දියානු සංචාරය අතරතුර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර සංහිඳියාව ගොඩනැඟීම සඳහා 13 වන සංශෝධනය ද බලාත්මක කරනු ඇතැයි තමා විශ්වාස කරන බවය.

– emanisa

103,621 Viewers

21 Comments to “13 දෙනවාද.. බලය බෙදනවාද.. මෝඩිගේ කතාවට ගෝටාභය ඉන්දියාවේදීම උත්තර දී එයි..”

  1. ජයවේවා මැතිදුනි…මගේ රට දිනේවා…

    පසුගිය ආන්ඩු පෙරලියේ පසුපස සිටි ප්‍රබල චරිතයක් වූ මෝදි අතේ දුරින් තබා ගත යුත්තකු බව නිතර සිහිතබා ගත මැනවි…

    • Amda says:

      ඇත්ත.

      ඉන්දියාවේ දැන් සිටින ශ්‍රී ලන්කා ඇම්බැසඩර් ඔස්ටින් වරක් ප්‍රභාකරන්ට පිස්තෝලයක් තෑගි කරපු කෙනෙක්. එයත් අමතක කරන්න හොඳ නෑ.

      • Wijebahu says:

        That bugger is the one who addressed Pulidhevan as Machan Pulie. He also went to Asiri hospital in Colombo with a bag full of Apples to see Pulidhevan when he was sick and admitted to that hospital.

    • Banda says:

      Make no mistake Mr.Prime Minister; Gota is no cheap politian who can be cowd to sway from the manifesto he offered and promised to his electorate. Neither cash grants nor lentil drop by IAF would change his resolve. Better Indians understand that Sri Lanka is a sovereign nation who value ‘one country one law’ as its motto. Needless to say that the word federal is anthema to Sinhalas.

    • Suren says:

      What straight talk in India telling can’t implement 13 without the majority will & no police power! Even MR was not bold enough.What a great leader.Compare with hiding Sajith & other traitors in the UNP. Jayawewa Gota.

  2. Cecil b de mel says:

    Yes, we know you can get rid of the term limit, summary sacking of PM (even entire parliament is against of it), remove all commissions including election commision. change dual citizen rule where Basi can become a MP and hold a powerful ministry as well.

  3. Sadda says:

    දෙමල ජනතාවත් සිංහල ජනතාවත් එකවරම රවටන ජූඇම්පී නායකයින්ගෙයි මෙතුමගෙයි වෙනස බලන්න.ඒ නිසයි අපි මහින්දට සහ ගෝටාභය ට ලෙන්ගතු.

  4. අන්න නියම පිරිමි නායකයා.අම්මපා මෙච්චර කල් මේ රටේ නායකයො හැටියට ඉදල තියෙන්නෙ කලිසම් ඇඳ පු න්රනලානෙ. මුන්ව කොහෙත්ම පිට කොන්දක් තිබිලා නැහැනෙ බලපුවම අම්මපා.

  5. රාහුල කොලුවා says:

    19 සංශෝධනය අනුව අක්කටයි නංගිටයි… අයියටයි මල්ලිටයි… ගෑනිටයි මිනිහටයි රට පාලනය කල හැකියි… රනිලුයි සිරිසේනයි එහෙම නොවුන නිසා තමයි බැරි වුනේ…

  6. T says:

    Sinhala Ithie hasa pothe Rana Akuren Oba Nayaya Liyawei Janadi Pathi Tumani! JAYA WEWA!

  7. සරා says:

    13 ගැන කතා කරනවාට වඩා ‌ෙකොච්චර ‌ෙදේවල් උතුරු නැගෙනහිර ජනතාවට කරන්න පුළුවන්ද.රාජපක්ෂලා විශ්වාස කරන්නේ උතුරට සංවර්ධනය කිරිම තුලින් ‌ෙගොඩක් ප්‍රශ්න විසදන්න පුළුවන් කියලා.ඉතින් බහුබුත 13 ගැන නායකයෝ කීදෙනෙක් කතා කරාද?‌ෙගෝඨා කියන කතාව හරියටම හරි.‌ෙමොනවා කරත් සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍යමයි.

  8. guru says:

    මෝදිට ඕන දෙයක් විශ්වාස කල හැකිය .ඒ ගැන කාගෙවත් විරෝධතාවයක් නැත .

  9. Lanka says:

    Gotabaya if u can do that then u are great leader.

  10. Manel says:

    That is what I like about you Mr GR. I like those who talk straight. I am sure you will even talk to American president in this manner. When our leaders act and talk like you, that’s our pride and dignity. Fellows, now you have a man with a back bone. He is a here I had my dreams. I am proud to call myself a Srilankan.

  11. SL says:

    උතුරෙන් සිංහලයින් ඉවත්කරන්න කියන TNA කතාවටද නිසි පිළිතුරු දීමක් අවශ්‍යමයි , ඊළඟ චන්දෙට හොඳ වුර්තිකයින්,ව්‍යාපාරිකයින් සමාජසේවකයින් ,දේශපාලකයින් පරිසක් ඉදිරපත් කරන්න.2/3 කොහොම හරි අරන්දෙන්නම් .

    ඔක්කොටොම කලින් ස්විස්ටර් ලන්තෙට හොඳ පාඩමක් කියල දෙන්න !

    • Aceman says:

      අනිවර්යෙන්ම ස්විස් වැඩේට ප්‍රතිචාර දැක්විය යුතුයි. නරක විදියකට නෙවේ. ස්විස් තානතිපති ගෙන් official statement එකක් අරගෙන මාද්යට දාන්න ඕනෙ මේක බොරුවක් කියල.

      මේක නිකන් යට ගහල තිබ්බොත් අර යුද්ද කාලෙ human rights වගේ ආයෙත් ආයෙත් මේක එලියට අරන් western media එක ආන්ඩුවට ගහනව.

  12. People most like this President is because he is talking straight and promise what he can achive only. That’s the differnce. Well done HE.

  13. වැඩ්ඩා says:

    Do a professonal study about privinxial councils snd then decide. A fireign power shouldn’t dictate the solution, as it will be one to suit their vested interests

  14. lucky says:

    hey guys we have a great leader now!

  15. Anuruddha Karunaratne says:

    එක රටක් ,එක නීතියක් ,යටතේ සැමට එකට ජීවත්විය හැකි රටක්..එතනින් එහාට බෙදිලි නැත.දෙමලා දෙමල උනු පලියට මුස්ලිම් මිනිහා මුස්ලුම් උනු පලියට උන්ට විශේශ වූ ප්‍රශ්න මේ රටේ නැහෑ..සිංහලයට වැඩියෙනුත් සුලු ජාතින්ට අඩුවෙනුත් සැලකිලි මේ රටේ නෑ..කාටත් පොදුවූ ප්‍රශ්න ඇරෙන්න..එක එකාගෙ උවමනාවට මේ රට බෙදන්න,ව්ශේශිත වූ වරප්‍රසාද ලබාදෙන්න බහුතර සිංහල අපි එකග වෙන්නේ නෑ..

  16. ss says:

    Sinhalayanta Uthure padinchi weemata NIDAHASA & ithiya thibiya yuthuya.

    Sinhala people also should have the same right and freedom to live in the NORTH of SRILANKA

Leave a Comment

Main News