ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය ඉහලටම ගිහින්.. ඒකාබද්ද විපක්‍ෂය දියවෙනවා..

September 21, 2016 at 6:48 pm | lanka C news
ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය ඉහලටම ගිහින්.. ඒකාබද්ද විපක්‍ෂය දියවෙනවා..

ඒකාබද්ධ විපක්ෂය තනිකරම අයිස් කන්දක් වගේ උඩින්, මැදින් සහ දියවෙලා යන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් කොළොන්නාවේ පැවැති විශේෂ සෞඛ්‍ය සායනක් නිරීක්ෂණය කිරීමට එක් වෙමින් පවසන ලදී.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වන ලදී.

‘පසුගිය කාළේ ආණ්ඩුවට දෝෂාරෝපණය කර කර හිටියා හොරු අල්ලන්නේ නෑ. වැරදි කරුවන්ට දඩුවම් දෙන්නේ නෑ කියලා. දැන් ගෙවුණු සති දෙක ඇතුලත ආණ්ඩුවේ ජනප්‍රියතාව ඉතා ඉහළට ගිහින්. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවත්සරය ඉතා සාර්ථක ආකාරයෙන් පැවැත්වුනා. අනික් අතින් එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයට ලොකුම සෙනග ගෙනල්ලා මේ ආණ්ඩුවේ බලය අපි පෙන්නුවා.

ඒ එක්කම පසුගිය කාලේ විභාග වෙමින් පවතින නඩුවලට අදාලව වැරදි කරුවන් හිරේට යනවා, තවත් අය පරික්ෂණ කරලා අත්තඩංගුවට ගන්නවා. ඒකාබද්ධ විපක්ෂයේ අය කියන්නේ අද කවුද හෙට කවුද කියලා හිතාගන්න බෑ කියලයි. මේක ඔවුන්ට නෙමෙයි හිතා ගන්න බැරි අපිටයි හිතා ගන්න බැරි. හොරකම් කරපු අය තමයි දන්නේ තමන් කරපු හොරකමේ ස්වභාවය මොකක්ද? ඒකේ බරපතලකම මොකක්ද සහ ඒ අනුව අත්තඩංගුවට පත්වෙනවාද නැද්ද කියලයි.

ඒ වගේම පසුගිය කාලේ රාජ්‍ය බලය සහ මුදල් බලය කියන දෙක මුල් කරගෙන හදා ගත්තු කෘතිම බලවේලයක් මේක. රාජ්‍ය බලය නැතිවෙනකොටත් කළු සල්ලි එළියට දාන්න බැරි වෙනකොටත් බලය රදවා තබා ගැනීම අමාරු වෙලා තියෙනවා.

මේ සියල්ලත් එක්ක අපිට කියන්න පුළුවන් එක්බද්ධ විපක්ෂය අයිස් කන්ද දියවෙනවා වගේ උඩිනුත් , යටිනුත් සහ මැදින් දියවෙනවා කියලා. ඒ වගේම දැන් පායන කාලේ වැඩිවෙනකොට ඉක්මනට දියවෙනවා.පායන කාලේ කියන්නේ මොකක්ද කරන පරීක්ෂණ වල අවසාන හරිය එන එකයි. ඒ නිසා පරීක්ෂණ අවසාන නිසා ඉක්මනින්ම දියවෙනවා.

– මිනුර රෂාන්ත

6 views

9 Comments to “ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය ඉහලටම ගිහින්.. ඒකාබද්ද විපක්‍ෂය දියවෙනවා..”

  1. sinha le says:

    සිංහලයින් කෑ ගහද්දී මුස්ලිම් අය පමණක් රැගෙන ගිය මුස්ලිම් බෝට්ටුව..මුන් ඇත්තටම තිරිසන්නු

    • Suba Anagathayak says:

      අනේ මන්ද මරික්කාර් ගොයියෝ, ආණ්ඩුවේ ජනප්‍රියතාවය නගින්න නම් දැන් ඉතින් ජෝන් පෙත්තක්වත් ගහන්න වෙනවා. ඒ වගේ කෘතිමව බොරුවකින් නග්ග ගත්තොත් මිසක්, නැතිනම් හොඳටම බැහැලානේ තියෙන්නේ!!

    • janaka says:

      මුගේ කියමනින් මුගේ ආප්පයාගේ ඉඳන් මුගේ ගංජා දුමියගේ ඉඳන්,මොංගල් ගේ ඉඳන් ,සැටලයිට් වේසිගෙ ඉඳන් කොලිටි නැති දෙකයි පනහේ, බඩගෝස්තරය වෙනුවෙන් රට පාවා දෙන හීනමාන මවුබිමට ද්‍රෝහී චරිත වල සැලසුම හෙළිවෙනවා
      මුන් හිතාගෙන ඉන්නේ කොහොම හරි මොනවා හරි බොරු නඩු පටලවලා සටන් පෙරමුණේ ඉන්න ප්‍රධාන චරිත නිශ්ශබ්ධ කරලා දාන්න .මුන්ගේ උපක්‍රමය එච්චරයි .මුන්ට විකල්ප නෑ
      එනිසා ඒකාබද්ද විපක්ෂය ආප්පයා ප්‍රමුක හීනමාන ද්‍රෝහී නඩය ගෙන එන මෙම බොරු චෝදනා වලට නිර්භිතව මුහුණ දෙන ගමන් කලයුතු ප්‍රධානම කරුණු දෙකක් තිබෙනවා

      1) මොනතරම් චෝදනා ගෙන ආවත් මොනතරම් බොරු සාක්ෂි ඉදිරිපත් කලත් අද රටේ ජනතාව ඒ ආප්පයලා ඉදිරිපත් කරන සුරංගනා කතා පිළිගන්නේ නැත .එනිසා නිර්භීතව එම චෝදනා වලට මුහුණ දෙනගමන් කිසිම විටෙක කිසියම්ම ආකාරයක සහනයක් ගැනීමට මුන් සමග සාකච්චා නොකලයුතුයි .ඔබ ජනතාව පිළිගන්නේ ආප්පයලා සමග එකඟතාවන්ට පැමිණීමෙන් නොව ඔවුන්ට විරුද්දව සටන් වැදීමෙන් බව මතක තබාගන්න .අත්අඩංගුවට පත්වීමෙන් හෝ හිරගේ දැමීමෙන් ඔබේ දේශපාලන දිවිය අවසන් වන්නේ නැත එයින් වන්නේ ඔබ තවත් ජනතා ප්‍රසාදයට පත්වීම පමණකි.

      2) ආප්පයා ප්‍රමුක සක්කිලි නඩය හඹා එන්නේ පුද්ගලයන් පසුපස පමණකි උන්ට උන් කරනා රටට ද්‍රෝහී වැඩපිළිවෙල වෙනස් කිරීමට නොහැක එනිසා උන්ගේ එකම අරමුණ උන්ගේ ද්‍රෝහී වැඩපිළිවෙල රටට පෙන්වා දෙන නායකයන්ගේ කට වැසීම පමණකි .මුන් සිතාගෙන ඉන්නේ නායකයන් නිහඬ කල පසු බඩ වෙනුවෙන් සටන් කරන කාලකන්නි හීනමාන මුන් නඩයට රටේ දේශප්‍රේමී ජනතාව සිය කැමැත්තෙන් චන්දය දෙවි කියාය .
      එනිසා රජයේ දේශද්‍රෝහී වැඩපිළිවෙල වටා ජනතාව පෙලගස්සවන්නට කටයුතු කරන්න .එසේම දෙවන පෙළ නායකයන් ලෙස ඉතාම දක්ෂ චතුර තරුණයන් පුහුණු කරන්න ඔවුන් ඉදිරියට ගෙන එන්න .
      මේ දේශද්‍රෝහී නඩය පැරදවිය යුත්තේ මුන්ගේ දේශද්‍රෝහී වැඩපිළිවෙල රටේ ජනතාවට හෙලිකිරිමෙන්ය .
      3) විශේෂයෙන් මුන් සුදානම් වන්නේ වැඩි දේසපාලන දැනුමක් නැති තරුණ ප්‍රජාව බොරු සයිබර් අවකාශයේ සාධාරණයක් පෙන්වා ජනපතිවරණයේ මෙන් ඔවුන්ගේ චන්ද බිලිබාගනිමටයි
      එනිසා තරුණයන් සියලුම සමාජ ජාලා ඔස්සේ දැනුවත් කරන්න ඒ සඳහා කාටුන් ,වීඩියෝ ,සංගීත රචනා ,ඉල ඇදෙන විහිලු ආදී දේ යොදාගන්න
      විෂ නැසිය යුත්තේ විශේන්ම සේ ඇමෙරිකන් කාරයාගේ සමාජ ජාලා දේශපාලනය පැරදවිය යුත්තේ උන්ගේම ආයුදවලින් බව සිහිකරන්න
      රුසියානු ජනතාව ඇමෙරිකානු කුමන්ත්‍රණ වලට හසු නොවුයේ කෙසේද කියා ගවේෂණය කරන්න .
      (ශ්‍රී ලංකාවේ රුසියානු RT චැනලය ඩයලොග් චැනලයේ පෙන්වීම නවතා දැම්මේ ඇයි )

  2. sugath says:

    කොලිටි නැති තමුන්ගේ බඩ වෙනුවෙන් තනතුරක් වෙනුවෙන් යානවාහන වෙනුවෙන් රට ජාතිය පවල දෙන හීනමානයෙන් පිරුණු මිනිස්සු ගැන කොමෙන්ට් දැමීම අපරාදයක් .
    හැබැයි ඉතින් රනිල් වික්‍රමසිංහ ආත්ම වංචා කාරයන්ට වඩා දහස් ගුණයක් හොඳයි .මිනිහා කියන දේ කරනවා කරන දේ කියනව (පහුගිය කාලේ පොඩි පොඩි දේවල් හන්ගුවට )අපි දන්නවා රනිල් කරන්නේ මොනවද එයාගේ සිතුම් පැතුම් මොනවද කියල .
    රට ජාතිය ගැන කියමින් බඩ වෙනුවෙන් රට පාවල දෙනගමන් දේශප්‍රේමියෝ වගේ පෙනී සිටින උන් තරම් අලුගුත්තේරු මිනිස්සු මටනම් පෙන්නන්න බෑ .ඒ අතින් අපි දන්නවා රනිල්ට ඕනා ඇමෙරිකාව කියන දේ කරන්න ඇමෙරිකාවේ ඔබාමාගේ කරට අතදාගෙන ලංකාවේ පාලනය ඔහු වෙනුවෙන් කරන්න කියල .එයා ඒ අතින් කිසිම සැඟවීමක් නෑ .

  3. රටවැසියා says:

    යකෝ මේකද රටේ දැන් තියෙන ප්‍රශ්නය.

  4. ගුරුළු says:

    ආණ්ඩුවේ ජනප්‍රියතාව ඉතා ඉහළට ගිහින්. කොටින් අතරද ? දේශපාලනය තුළ දීර්ඝ කාලීන මිත‍්‍ර සම්බන්ධතා නැත වත්මන් රෙජීමයේ ආතක්පාතක් නැති මංමුළාවත් අතර ජනතාව සිරව සිටිති. ඒකාබද්ධ විපක්ෂය පෙර නොවූ විරූ අයුරින් එක්සත්ව සිටී.රටේ ජනතාවගේ එකම බලාපොරොත්තුව ඒකාබද්ධ විපක්ෂයයි ..මේ රටේ දේශපාලන ඉතිහාසයේ යහපාලන ආණ්ඩුවේ අස්ථිර සහ දුර්වල ස්වභාවය ඔවුහූ හොඳින් හඳුනති..දිනෙන් දින සිදුවන යහපාලන දුෂණ ..අසාධාරණය .. ..දේශද්‍රෝහී ක්‍රියාවල් නිසා ජනතාව ඔවුන් ගැන ඇත්තේ කලකිරීමකි…. ඒකාබද්ධ විපක්ෂ සිටීම රටේ ජනතාවට ලොකු ධෙෙර්යකි . ආරක්ෂාවකි ඔවුන් යහපාලනයේ ක්‍රියාවල් විවේචන කිරීම ඉතා වැදගත්ය යහපාලනයේ ක්‍රියාවල් යුක්ති සහගතද, සාධාරණද, පදනම් සහිතද හෝ සාදාචාර සම්පන්නද යන්න ජනතාව දැන ගන්නේ බොහෝ විට ඒකාබද්ධ විපක්ෂ නිසයි . එනිසා ලගදීම යහපාලන නැව පෙරලෙන බව නම් නිසැකය ඒ නිකුත් වන මුල් සංඥාවේදීම ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් එළියට පැන ගනු ඇත එත් මරික්කාර් මේ සැරේ ඔබට පැනගැනීමට තැනක් නැති වනු නිසැකයි ..ත්‍රස්තවාදී කොටි නාඩගමක් වීර කතාවක් බවට පරිවර්තනය කිරීම අද වත්මන් රෙජීමයේ වෑයමයි … යමක් කමක් වැටහෙන නුවණ ඇත්තා…. ඔබතුමා කියන මේ දේවල් තුළ ඇති බූරු ගතිය වටහා ගනී .දේශපාලනයෙන් සමුගන්න ඔබවන්නන් දේශ පාලනයට සුදුසු නැත

  5. ගම කන්නා says:

    අනුන්ගෙ අයිස් කඳු හොයන්න කලින් කොලොන්නාවෙ කුණු කන්දට මොනව හරි කරන්න බලපිය​.ගෙදර කුණු ගඳ ගහනව මූට දැනෙන්නෙවත් නැහැනෙ..

  6. Chaminda says:

    Mu anunge magul hoyanawa UNP eka ratama kaala ivarai. Wedak karapaan marikkar nethnam umbala ilaga chanden paradai.

Main News