අමාත්‍ය ෆොන්සේකා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව පාර්ලිමේන්තුවේදි පැහැදිලි නොවේ..

September 21, 2016 at 1:20 pm | lanka C news
අමාත්‍ය ෆොන්සේකා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව පාර්ලිමේන්තුවේදි පැහැදිලි නොවේ..

ඊයේ පාර්ලිමේන්තුවේදි ප්‍රාදේශිය සoවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් එම අමාත්‍යාංශය සඳහා රුපියල් පනස් නව කෝටි විසිනව ලක්ෂ විසිපන්දහසක පරිපූරක ඇස්තුමේන්තුවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ‘රටට සාමය ගෙනාවේ රණවිරුවෝ ලේ දහදිය හෙලා අපි මැරිලා ඉපදිලායි’ සහ ‘මම රට වෙනුවෙන් කල කාර්යයභාරය වෙනුවෙන් මේ දේ ලැබීම වරදක් නෙවි’ යන්නයි.

අමාත්‍යාංශය සඳහා වෙන් කරන් ලද රුපියල් මිලියන 592න් 75% වඩා වැඩි මුදලක් එනම් මිලියන 492ක් ම මේ වසරේ අමාත්‍යාංශය නඩත්තු කිරීමට විශේෂයෙන්ම මිලියන 63 අමාත්‍යවරයාගේ වාහනවලට සහ මිලියන 90 ක් පමණ පුද්ගලික ආයතනයකින් ඔහුගේ කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා ගොඩනැගිල්ල කුලියට ගැනීමටයි.

එහෙත් පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමේදි ඔහු විසින් යුද්ධය සඳහා කැපවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන ලද ෆීල්ඩ් මාර්ෂල් තනතුර සහ ඒ වෙනුවෙන් ලබාදී ඇති පහසුකම් සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකිරීමට වග බලාගත්තේය.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර සඳහා ශ්‍රීලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකුට නිල බලයේ සිටින විට ලැබෙන සියලු පහසුකම් ලබාදී ඇති අතර කොළඹ 7 පිහිටි මන්දිරයට අමතර මහපාරේ ගමන් කරන ඉදිරිපස සහ පිටුපස තරු පහ සහිත එකම නිල රථය එනම් බෙන්ස් එස් 400 වර්ගයේ අධි සුඛෝපභෝගි වාහනය ඇතුළු ආරක්ෂක වාහන කිහිපයකටද එම තනතුර හිමිකම් කියයි.

එම විවාදයේ කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ කෝප් කොමිටියේ සභාපති සුනිල් හදුන්නෙත්ති පවසා සිටියේ අමාත්‍යාංශය මුදල් වෙන් කිරීමට රජය කඩිනමින් පියවර නොගත් බවත් මේ මුදල් වෙන්කිරීම් ඉතා වැදගත් බවත් ඒ සමග අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍යාංශයට අද සිට ඉර පායන බවයි.

580 views
Main News