ගෝටාභය ජනාධිපති වී මහින්ද අගමැති වීම ජාතියේ වාසනාවට වූ සිද්ධීන්…

January 14, 2020 at 8:02 am | lanka C news
ගෝටාභය ජනාධිපති වී මහින්ද අගමැති වීම ජාතියේ වාසනාවට වූ සිද්ධීන්…

වසර පහක යහ පාලන අඳුරු යුගයේ රටට හා ජාතියට සිදු වූ අහිතකර දේ දැන් නිරාවරණය වෙමින් පවතින බවත් එවැනි යුගයක් අප මව් බිමේ යළි ඇති නොවනු ඇතැයි යන්න පොදු ජනයාගේ ප්‍රාර්ථනය බවත් අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වී ඒ සමඟ ම මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වීමත් රටේ ජාතියේ වාසනාවට වූ සංසිද්ධීන් දෙකක් බව කී ඒ මහතා අරහත් ධජයේ සෙවනින් සියලු ජන වර්ග වලට දැහැමින් ජීවත් වීමට රට තුළ ඉදිරියේදී සුදුසු පරිසරය නිර්මාණය වනු ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,කොටපොල – කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම විහරස්ථ මහා මායා දහම් පාසලේ වාර්ෂික දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

අප සමාජය මෙතරම් හෝ යහපත් තැනක තිබෙන්නේ දහම් අධ්‍යාපනය නිසයි .අපේ භික්ෂුන් වහන්සේලා ,දහම් පාසල් ගුරුවරුන් ඒ වෙනුවෙන් කරන කැප කිරීම විශිෂ්ටයි .සසර ගමන අවසන් කර ගන්න බුද්ධ ශාසනයට ඇතුල් වන භික්ෂුව අන් අයද සසරින් එතෙර කරවන්න ගන්නේ දැඩි වෙහෙසක් .එය සුලු පටු නෑ .එය කාගේත් අවධානයට ලක් වෙන්න ඕනෑ . ගිහි – පැවිදි හැම කෙනෙක් තුළ ම අඩු පාඩු තියෙනවා .

පසු ගිය වසර 5ක කාලයේ බුදු දහමට හා භික්ෂුන් වහන්සේලාට සිදු වූයේ විශාල හානියක් .එය සමාජයේ යහ පැවැත්මට නරක ලෙස බල පෑවා .සමාජය අවුල් ජාලාවක් බවට පත් වුණා .දහමට පයින් ගසා යහ පාලනය ගිය ගමන නතර කළේ මේ රටේ දැහැමි පොදු ජනතාවයි .

දුර්ජනයින් නිසා රටට සමාජයට ලොකු විපතක් සිදු වෙනවා .ඔවුන් හැම තැනකම ඉන්නවා .දුර්ජනයන්ගේ ඇසුරින් සිදු වන හානිය බුදු දහම හොඳින් පෙන්වා දෙනවා .ඒ නිසා අපි දුර්ජනයින්ගෙන් ඈත් වෙන්න ඕනෑ .උගත් යැයි කියන ඇතැමුන් දුර්ජනයින් ලෙස හැසිරෙනවා .ඔවුන් තුළ මානව දයාවක් නෑ .පරාර්ථකාමී හැඟීමක් නෑ .එවැනි අය කොතරම් උගත් පඬිවරුන් වුනත් වැඩක් නෑ .සමාජය ලස්සන වෙන්නේ සුගන්ධවත් මිනිසුන්ගෙන් .

අපට අවශ්‍ය වන්නේ දුකට වේදනාවට පත් මිනිසුන්ට පිහිට වෙන අයයි .දේශපාලනය කරන අය ද නායකයන් ද මෙය තේරුම් ගත යුතුයි .මිනිස්සු මනින මිනුම් දඬු වෙනස් වෙන්න ඕනෑ .ධනයට බලයට වඩා මුල් තැන හිමි විය යුත්තේ මනුෂ්‍යත්වයටයි .අපේ දරුවන් මේ දහම තුළ රඳවා ගත යුතුයි .

යහ පාලන ආණ්ඩුවේ වැඩ නිසා ගෞරවනීය ආයතන වලට වූ හානිය සුලුපටු නෑ .වැරදි නඩු තීන්දු නිසා අසාධාරණයට ලක් වූ අය ඉන්නවා .සමහරුන් ජීවිතාන්තය දක්වා හිරේ ගිහින් .ගරු කළ යුතු තැන් කෙලෙසිලා .සමාජයේ ගෞරවනීය චරිත සමහරුන් හිතා මතාම විනාශ කරනවා .ඇතැමුන් තමුන් ම විනාශ කර ගන්නවා .අද සමාජ වටිනාකම් නැති වේගෙන යන්නේ ඉතා වේගයෙන් .මෙය සමාජයේ යහ පැවැත්මට බලපානවා .වග කිව යුතු හැම දෙනාම එක්ව මේ ගැන සාකච්චා කර විසදුම් සොයා ගන්න ඕනෑ .මේ සඳහා යහපත් දේශපාලන සංස්කෘතියක් ද අවශ්‍යයි . රාජ්‍ය නායකත්වයෙන් ජනතාව ඉල්ලන්නේද එයයි .” යැයි ද හෙට්ටිගේ මහතා කීය .

– Khmedia

9,646 Viewers

3 Comments to “ගෝටාභය ජනාධිපති වී මහින්ද අගමැති වීම ජාතියේ වාසනාවට වූ සිද්ධීන්…”

  1. ඩපයා says:

    කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු කාලයකට දැන් අපි එළඹ ඇත. කිසිම ප්‍රතිපලයක් පෙන්නන්න බැරි අපේ මුදලින් උන් හැදෙන්න පමණක්ම හිතාගෙන පාර්ලිමේන්තුවට යන්න බලන් ඉන්න පර පෝෂිත මැක්කන් නැවත නැවතත් එතනට යවන පුරුද්ද දැන්වත් ඉවරයක් කොරගමු. උඩ බලාගෙන කෙල ගහන්නේ මෝඩයින්ය.

  2. Nihal says:

    China ge pinata ko Dan harbour ganna katha.

Leave a Comment

Main News