කොරෝනා කියා විදුහල්පතිලා කොන් කලත් ජනපති එසේ නොකරයි.. වූහන් මෙහෙයුමේ සියළු නිලධාරීන්ට ජනපති මැදුරේ භෝජන සංග‍්‍රහයක්..

February 3, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා කියා විදුහල්පතිලා කොන් කලත් ජනපති එසේ නොකරයි.. වූහන් මෙහෙයුමේ සියළු නිලධාරීන්ට ජනපති මැදුරේ භෝජන සංග‍්‍රහයක්..

කොරෝනා වෛරසය පැතිරයාම නිසා  වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්ව එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ ආරාධනය අනුව ඕවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී  භෝජන සංග්‍රහයකට එක් වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවෝ, ඉංජිනේරුවෝ හා කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක් වූහ.

මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන්  කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළහ. ඔවුන් ගත් අවදානම ශ්‍රීලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් කළ බව එතුමා සඳහන් කළේය.

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රි ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්,  ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමග සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට  පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය

43,209 Viewers

13 Comments to “කොරෝනා කියා විදුහල්පතිලා කොන් කලත් ජනපති එසේ නොකරයි.. වූහන් මෙහෙයුමේ සියළු නිලධාරීන්ට ජනපති මැදුරේ භෝජන සංග‍්‍රහයක්..”

  1. Susil says:

    Best crew with the best President!
    We salute you all for thinking the endangered lives of our fellow citizens in China.
    Sri Lankans for Sri Lankans!
    Amazing!

  2. ගරසරප says:

    රහස මොකක්ද ? පහුගිය කාලෙ අකිල සුදුසුකම් නැති ගොට්ටො ටිකක් ව්දුහල්පති කලා. ඒ අයට මේ සිද්දිය ඇහේ කටු අනිනවා වගේ.

    • අභේතිස්ස says:

      සහතික ඇත්ත, මේ රටේ ඉස්කොල වල උගන්නන්න “සාමාන්‍ය දැනුමවත්” අවශ්‍ය නැ. පොන්නයෝ රටේ නායකත්වය දරන කොට උන් රාජ්‍ය තනතුරුවලට දාන්නෙත් ඒවගේ එවුංම තමයි. මේ සාමාන්‍ය දැනුම නැති විදුහල්පති කියෙන හරක් රැල ඉස්සර වෙලාම එලවලා දාන්න ඕන. බඩගින්න වැඩි වෙලා වමෙන දාපු දැරිවියක, ගැබ් ගත්තා කියලා පාසලෙන් අයින් කරපු ජාතියේ විදුහල්පති ලා ඉන්න රටක් මේක.

  3. nihal says:

    It should not be a political slogan for the up coming election. Its his duty to protect his fellow citizens.

  4. රටවැසි says:

    පිරිච්ච කලේ ඔහොම තමා . අඩු කලේ දිය – දිය සෙලවේ .

  5. සිරියාවතී says:

    ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට හා මෙහෙයුමට මග පෙන්වූ ජනපති තුමන්ට අපගේ අතිශය ගෞරවය පිරිනමමු … ! ශ්‍රී ලාංකිකයෙකුව ඉපදීම ගැන මහත් ආඩම්බරයක් දැනෙනවා ….

  6. නිහඩව බුද්ධිය පමණක් පෙරටු කර ගනිමින් රට ඉදිරියටම ඇදගෙන යන අපේ ජනාධිපතිතුමණි.. ස්වං ආඩම්බරයක් ලබනවා ඔබතුමා වෙනුවෙන් මාගේ ඡන්දය භාවිතා කලාට. ඔබතුමාට දළදා සමිදු පිහිටයි !

  7. ජනාධිපතිතුමණි ඔබතුමාගේ උගත්කම මත ගොඩනැගුණු සරළකම සහ ඉදිරි දැක්මට අපේ ආචාරය

  8. මේ නිදහස අපි ලබා ගත්තේ ගරු මහින්ද මැතිඳුන් සහ ඔබතුමාගේ මඟ පෙන්වීම මතය. ඉතිං දැන් අපි ජිවත් වුවත් රටේ අනාගතය ඔබතුමා සතුය. මේ තුප්පහි රට සහ මෙම රටේ ජිවත් වන මිනිස් සුනඛයන් මෙල්ල කර රට ගොඩනගන්න මැතිඳුනි. ගමන දුෂ්කර වුවත් ඊට මුහුණ දීමට ඔබතුමාලට ජවය ශක්තිය ඇත. බුදු සරණයි දෙවි පිහිටයි.

  9. ශ්‍රි ලංකන් එයාර් වීරයන්ට වීරත්වයට මඟ පෙන්වු ගරු ජනාධිපති ගෝඨාභය මැතිඳුනි කන්න නැතත් අපි ඔබතුමාගේ වහල්ලු වන්නේය.

    • Silva says:

      YATATH WIJITHA, SEYAA.. MOKADA BAN KANTA NAHA KIYALA BORU
      KIYANNE…
      LAPAYATA (hu) KANTA PUNCHI AMMA DENAWA .
      UMBATH UMBE AMMATAA KIYAPAN HONDATA (hu) KANTA DEY.
      UNJVP..WAHAL MAANASIKATHWAYE MIDENTA OOWA THAMAY KARANNE.

Main News