ශ්‍රී ලංකන් හිටපු ලොක්කා සහ බිරිඳ රහස් පොලිස් අත් අඩංගුවේ…..

February 6, 2020 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකන් හිටපු ලොක්කා සහ බිරිඳ රහස් පොලිස් අත් අඩංගුවේ…..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

භාරවීමෙන් පසු ඔවුන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා මිලදී ගැනීමේදී 2013 වසරේ සිදුවු බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල කරමින් මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග නිකුත් කර තිබිණි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ හතේ පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ එහි ඔවුන් සිටියේ නැති බව රහස් පොලිසිය විසින් කරුණු වාර්තා කර තිබිණි.

45,210 Viewers

10 Comments to “ශ්‍රී ලංකන් හිටපු ලොක්කා සහ බිරිඳ රහස් පොලිස් අත් අඩංගුවේ…..”

  1. Prabath Buddika says:

    Munta mechchara padiayk hamba welath horakam karanawane.munta pissu.

  2. Rishan says:

    නාටකය: එදාවේල ටුවර්ස් “ප්ලෙන් කතාව”

    මේ දක්වා කතාව: “එයාර් ලන්කා හිටපු විධායක බිරිඳගේ සමාගමක් හරහා අල්ලසක් ගනී. ඔවුන් දෙදෙනා ඇල්ලීමට වරෙන්තු. පොලිසියෙන් ගෙදරට යද්දී, වරෙන්තු කරුවන් දෙදෙනා ගෙදරින් පැන යයි. පොලොසිය හිස් අතින් එයි”

    අද: “රහස් පොලිසිය වරෙන්තු කරුවන් අල්ලාගනී”

    සුමානයකින්: “වරෙන්තු කරුවන් උසාවියට. උසාවියෙන් රිමාන්ඩ් භාරයට. හදිසි අසනීප තත්වයක් නිසා වරෙන්තු කරුවන් බන්ධනාගාර රෝහලට”

    මාසයකින්: “වරෙන්තු කරුවන්ට ඇප”

    මාස 3 කින්: “වරෙන්තු කරුවකුගේ අසනීප තත්වයක් නිසා රට යෑමට අවසර ඉල්ලයි”

    මාස 6 කින්: “ඔප්පු කල හැකි කරුණු නොමැති නිසා වරෙන්තු කරුවන් නිදහස්වේ”

    අවසානය: “කැමරාවලට, පොලිසියට, අධිකරණයට පුඛ පෙන්නා වරෙන්තු කරුවන් ප්ලේන් එකේ නැගී අලුතෙන් ගත් එන්ගලන්තයේ නිවසේ පදිංචියට ලංකාව හැර යයි”

    ප්‍රේක්ෂකයින් උඩ පැන බලිටි ගසා විසිල් පිඹියි.

    Next drama please :-))

  3. Wjebahu says:

    Take MARA into custody as well for appointing this crook once again to Sri Lankan airlines in 52 day illegal government. these are organised corruption involving his relatives.

  4. sl says:

    රටේ මහජන මුදල් කිසිම හිරිකිතයක් නැතිව කාල මුන් කොහොම කාල ,බීල ,ජීවත් වෙනවද මන්ද ………..
    තු !! විතර ක් . ඔයිට වැඩිය හොඳයි පාරේ කොලයක් දාගෙන හිඟා කෑවා නම්.

  5. හාල් මැස්සා says:

    දැල හයියෙං අල්ල ගන්න ආයිබෝං , තෝරු මෝරු පයින්න හපන්නු .

  6. Saradiel says:

    හොරෙන් කාපු ඒවා දැන් වමාරින්න වේවි

  7. jonana says:

    මේ ගොබිලෝ ටික රට පැනලා ඉවරයි, දැන් මොනා අල්ලන්නද!!!

    • අශුචි M says:

      යකෝ …jonana හරි banana හරි …අඩුම ගානේ news එකවත් හරියට කියවපoකෝ.