ජනතාව ජනාධිපතිවරණයේදී ගෝටාභයට ඡන්දය දුන්නේ මහින්ද වෙනුවෙන්.. එන මැතිවරණයේදී ඡන්දය දෙන්නේ මහින්දටමයි..

February 9, 2020 at 4:40 pm | lanka C news
ජනතාව ජනාධිපතිවරණයේදී ගෝටාභයට ඡන්දය දුන්නේ මහින්ද වෙනුවෙන්.. එන මැතිවරණයේදී ඡන්දය දෙන්නේ මහින්දටමයි..

රනිල් මෙන්ම සජිත් ද මැතිවරණ වලට බියෙන් පැන දුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයේ සිටිය දීත්, විපක්ෂයේ සිටියදීත් මැතිවරණ වලට මුහුණ දීමට බිය බව පෙන්වා දුන් රණතුංග මහතා වත්මන් විපක්ෂ නායකවරයා මැතිවරණයෙන් නියමිත කාලයට පවත්වන ලෙස කළ ප්‍රකාශයෙන් ද එය තහවුරු වන බවත් කියා සිටි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයේ පැරණි ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා අද (09) උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කරන පැරණි ශ්‍රිලනිප පාක්ෂිකයෝ 2000කට අධික පිරිසක් මෙම රැස්වීමට එක් ව සිටියහ.

මෙහිදි තව දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

“විපක්ෂයේ වගකීම තමයි පවතින ආණ්ඩුවෙන් හැකි සෑම වේලාවකම මැතිවරණයක් ලබා ගැනීම. අපි ආණ්ඩුවේ ඉන්නකොටත්, විපක්ෂයේ ඉන්නකොටත් ඕනෑම වෙලාවක මැතිවරණයකට සුදානමින් සිටියා. ආණ්ඩුවේ ඉන්නකොට අපි නියමිත කාලයටත් පෙර මැතිවරණ පැවැත්වුවා. විපක්ෂයේ ඉන්නකොට මැතිවරණ ලබා ගැනීම සදහා අරගල කළා. එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු 05 තුළ ආණ්ඩු කරන කොට පුළුවන් තරම් මැතිවරණ කල් දැම්මා. එදා රනිල් හිටියෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. අද සජිත් ඉන්නෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. ආණ්ඩුව හොද නෑ කියනවා නම් ආණ්ඩුව වැඩක් නැත්නම් හෙට මැතිවරණයකට යන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න කියලා අපි සජිත්ට අභියෝග කරනවා.

විපක්ෂ නායකතුමා දැන් කතා කරන්නේ අළුතින් ඉපදිලා වගෙයි. තුනෙන් දෙකක් දුන්නොත් හොරකම් වැඩිවෙයිලු. මහා බැංකු හොරකම වෙද්දි මෙයා නිදාගෙන ද හිටියේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 3000ක් විනාශ කළේ කවුද? අපි කියනවා විපක්ෂ නායකතුමාට වීදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා. දැන් මේ වන කොට හෙළිදරව් වෙලා තියෙනවා යහපාලන රථගාය. පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාවගේ ප්‍රශ්න වලට වඩා තිබුණේ තමන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමේ වුවමනාව. ජනාධිපතිතුමා බලයට පත් වුනාට පස්සේ අලුතින් වාහන ගන්න එක නතර කළා ජනතාව ජීවන වීයදමින් මිරිකිලා ඉද්දි සුඛෝපභෝගි වාහන ගන්න රථ ගායක් අපට නැහැ එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු අද විපක්ෂ නායක සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ හරියට සාමුවෙල්, ඇනස්ලි, බර්ටිගේ විනෝද සමය වගෙයි. ඒකටම දෙවැනි නෑ රතු අලි පැටව් ටිකත්.

අපි මෙවර මහා මැතිවරණයේ දී තරග කරන්නේ මහින්ද මහත්තයව රටේ අගමැති කරන්න. එදා 2015 දී වුණු වැරැද්ද නිවැරිදි කර ගන්න මේ පාර තමයි අපිට අවස්ථාව හරියටම ලැබෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී අපි ඡන්දය දුන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන්. නමුත් මේ මහා මැතිවරණයේ දී අපි ඡන්දය දෙන්නේ මහින්ද මහතත්යට. මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන්න අපිට අවශ්‍යයි. ඒ නිසා ගම්පහෙන් තරග කරන්න එන්න‘යි අපි එතුමාට ආරාධනය කළා. ඒ ආරාධනාව එතුමා තවම පිළිගෙන නෑ. එතුමා ගම්පහින් ආවොත් ඒක අපේ ජයග්‍රහණයක්.

සමහරුන්ට අපි ඊලග මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන ප්‍රශ්න කරනවා එදා  ශ්‍රිලනිපය අත අතෑරියා. දියවෙලා ම ගියා. එජාපය අලියා අතෑරියා දියවෙලා ම ගියා. අපිට ඕන කෙනෙකුට එකතු වෙන්නත් පුළුවන් අපෙන් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්, ඕන කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි අන්තවාදීන්ට බෑ කවුරු ආවත් කවුරු ගියත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි. පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපේ ජයග්‍රාහි ළකුණ.  ඒක තමයි ජනතාව ඉල්ලන ලකුණ.

ඉදිරි මහා මැතිවරණයෙන් අපි තුනෙන් දෙකක බහුතර බලයක් අරගෙන රට නැවත ගොඩනගනවා. ගෝඨාභය – මහින්ද සුසංයෝගයට ඒකට අවශ්‍ය දැක්ම වැඩපිළිවෙලක් තියෙනවා. යහපාලනය කාලා වීනාශ කරපු රට ගොඩ නගන එක ලේසි නෑ. ඒත් අපි ඒකට ලෑස්තියි.

– ප්‍රදීප් අනුර කුමාර

21,791 Viewers

33 Comments to “ජනතාව ජනාධිපතිවරණයේදී ගෝටාභයට ඡන්දය දුන්නේ මහින්ද වෙනුවෙන්.. එන මැතිවරණයේදී ඡන්දය දෙන්නේ මහින්දටමයි..”

  1. Madawa Kumarage Kumarage Don says:

    I think this guy is too foolish to understand the public opinion. People voted to GR to change the dirty political system we have in our county. So its not MR he also responsible to this mess created during the past and even Prasanna Ranatunga is not a great character as far as we know. we need to have good people to govern the county and take it to next level like a developed county with sound governance system. I think people are not fool to vote for idiots this time.

    • විජේපාල says:

      හරියටම හරි. මු මහා ගොනෙක්. මුව ආපහු පාර්ලිමේන්තු යැව්වොත් ඒ යවන උන් මුට වඩා ගොන්නු.

      • George says:

        ගෝටා මහත්තයා 69ලක්ශයක් චන්ද ගැනීමේ ප්‍රධාන රහස තමා එතුමා සාටකය නොපැළදීම. ඊට වඩා විග්‍රහයක් අවස්‍ය නෑ.

    • ගමයා says:

      මුන්ගේ තාත්ත කසිප්පුකාරයෙක්, ගම්පහා ඉන්න දේශපාලන බුවල්ලෝ හැම පක්ෂෙම එකා ගානේ ඉන්නවා. පුතෝ මේ උඹ ඉන්න අන්තිම පාර්ලිමේන්තුව ඊළඟ පාර සොරි. හොඳ උගත් නිහතමානි මිනිසුන්ට විතරයි චාන්ස් එක. ගම්පහින් මෙවර උගතුන් පමණයි.

  2. Trisha says:

    Everyone is asked not to eat well, not to luxury and tighten belt over the stomach till so called development comes.
    But see big brothers’ Indian tour who and how many idiots and relatives taken there to enjoy trip pleasure. Letting to idiots enjoy public money. People are not so foolish to believe that president dont knows this money waste. If so he is Baba.

    මල්ලිගෙ ඇත්ත කෙරුවාව පෙන්න ඊලග චන්දෙන් පස්සෙ. එතකන් සරලයි සුමටයි. රටේ කාලකන්නිකමට තුන්වෙනි බල වේගයක් නෑහරි හමන් විපක්ශයක් නෑ

  3. desta says:

    dennam thopi ekekutawath chande dena ekak neha unp. Jvp thopi okkoma gena kalakirila minissunta karaganna deyak nethiwa inne hora takkadi koti28000 ka wahana genath thopi mokkuda perethayo

  4. Sagara says:

    රණතුංගල කියන උන් දේශපාලනයට එන්නෙම හොරා කන්ඩ. මූට හරියන්නේ මහින්ද මිසක් ගෝට නොවේ. ඊලග මැතිවරනයේදී ගොඩහේවා ගම්පහින් ආපුවාම මූට අබ සරනයි.

  5. nuwaraone says:

    ඔව් ඔව් අපිට තේරෙනවා ….ගෝටාට චන්දේ දුන්නොත් හොරකන් මැරකම් ජඩකම් බැහැ …මහින්දට චන්දේ දුන්නොත් ඕනි කුපාඩි වැඩක් කරලා සාටකේ යට හැන්ගිලා ඉන්න පුලුවන් තොපි හැතිකරේට…බලා හිටපන් අපි මනාප ගහන්නේ ගෝටා ජනාධිපතිතුමා දාන වියත් මගේ අපේක්ශකයන්ට පමනයි…..

  6. sara says:

    Meya ke gahanawa wedi. Me para godak aya chande dunnoth denne Gota sir nisa. Mahinda thawema padamak igene na wage penne. Okkoma horu tika wateta. Politics kiyalama ehema karanna honda na neda. Pirihenawa ethakota.

  7. Saradiel says:

    පොහොට්ටුව්ට ජය පතමු රට ජාතිය ආගම රැකගමු

  8. Kalana says:

    Bambuwa… Mahinda hinda nam GOTA ta chande dunne nee…

  9. Raterala says:

    නෑ …නෑ ඒක 100% ක්ම ඇත්ත නොවෙයි
    .⁣ගෝඨාභය දේශපාලකයෙක් නොවීමත් බොහෝම බලපෑමක් තිබුනා .

  10. Araliya says:

    E tharam adhithakseruwaka inna epa. Mahinda mahatha ge palana kalayaya thula ohuwa epa vu awastha apata eththeya. Ghtabhaya mahatha apa hemogema balaporoththuwa. Prasanna mahathaneni oba koitharam kewada obage sahodarayanda vipakshawa hitiyath siyalu dena sepa vindinawane.

  11. desta says:

    ane pala yako yanna peretha hettha hora takkadi thopi komis horu

  12. Porak says:

    ගෝටා ජනාධිපතිතුමාගේ වැඩපිලිවෙල සාර්තක වෙලා අපේ රටට ජාතියට යහපතක් උනොත් කාටද වැඩියෙන් අවාසි..සජිත් පුතානෝට පේන තෙක් මානෙක බලය ගන්න හැකියාවක් නැහැ..jvp එක ගැන කතා කරලා වැඩක් නැහැ …එහෙනම් අපි බලමු නාමල් බේබිට රටේ නායකත්වය ඉදිරියේදී…. පියෙක් විදිහට මහින්ද මහතා වැඩ කරනවා ..ඉතින් වියතුන්ට වියත් මගට අපේ රටේ තැනක් ලැබේවිද…අපි කල යුත්තේ අනිවා වියත් මගේ අපේක්ශකයන්ට විතරක් මනාප දීමයි…ගොටා ජනාධිපතිතුමාට තමන්ගේ වැඩපිළිවෙළ ඉදිරියට බාදාවකින් තොරව කරගෙන යාමට වියත් මගේ අය පාර්ලිමේන්තු යවමු ..

  13. Aurora says:

    කතන්දර ඕන නැහැ. විපක්‍ෂ නායක කරණලද රාජ්‍ය දේපල විනාශයන් සහ අවභාවිතයන් පිළිබඳව නීති මගින් කටයුතු නොකරන්නේනම් තමුන් කණ්ඩායමට sorry.com තමයි. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට චන්දය දුන් කණ්ඩායම් කතන්දර වලින් චුං කරලා ඔබලාට ගොඩයන්න බැහැ.

  14. Eiffel says:

    අනේ අපිනම් දුන්නෙ ගෝඨට…

    දැක්කද මහින්ද එක්කන් ගිය අපතයො ටික… එයා එක්ක මේක කරන්න බෑ ගෝඨට…

    • GAJABA WALIMUNIDEWA says:

      Yes. Whatever the situation was, we expect a level of behaviour from mps to an acceptable level. Most MPs behaved like teenagers during big match time. They may be important to the party but only bring disgrace to our country. I am a Gota and Mahinda supporter but we don’t want MPs like those who use filth, throw chilled powder. We are still for G and M and we want 2/3rd but not comprising kuddos , under world supporters or bar owners. Gota can make Sri Lanka a beautiful place to live in. May Triple Gem bless him.

  15. Gorilla says:

    Mahinda and his clan has never learned a lesson

  16. GAJABA WALIMUNIDEWA says:

    We don’t want to hear rubbish. If you have evidence that such thefts were actually taken place, please take legal action. This includes car imports too. It’s all money of poor Sri Lankan. I have been tax payer for last 38 years and am recently retired. Even my terminal benefits taxed
    They were checked meticulously before I was cleared
    . Please please take necessary legal action to get all that robbed. If not possible, other talks become meaningless. Thanks you Mr. Minister.

  17. Rosh says:

    අනෙ යන්න හලෝ යන්න… අපි ජනාධිපතිවරණෙදි ඡන්දෙ දුන්නෙ ගෝඨාට…ගෝඨාට….ගෝඨාට..
    ඒක නිකන් හෑල්ලුවට ලක්කොරන්න එපා…

  18. සිංහල බන්ඩා says:

    මේකා අතීතයෙ ජීවත් වෙන මිනිහෙක්. මම දන්න ගෝඨාට ඡන්දෙ දුන්න කවරුවත් මහින්ද නිසා ගෝඨාට ඡන්දෙ දුන්නෙ නැහැ. අපි හැමෝම ගෝඨාට ඡන්දෙ දුන්නෙ ගෝඨාගෙ ප්‍රතිපත්ති වලටය්.

  19. Patient says:

    මහින්ද එනකම් චන්ද්‍රිකා ට මිනිස්සු කැමති වුණා. හැබැයි පිස්සු කෙලින කොට එලෙව්වා.
    ගොඨ අයින් කරණ කුණු ගොඩවල් මහින්ද බදා ගන්නවා.

  20. Dilshan says:

    Voted for Gotabaya….. Considered his dedication and strategy of working… With believing his genuine character.. ..

  21. Gini says:

    Who ever what ever get rid of thugs you know what I mean. 🐃🐃

  22. charles says:

    Prasanna. Do not misunderstand. 69 laks voted Pohotuwa because of GOTA. Hope you will read the comments written by people. Ask the voters in Gampha why people voted Pohotuwa.

  23. Nalaka says:

    No more Mahinda to Sri lanka any more. He ruined the country from 2009 to 2105.he should not contest this time and better go home. Gota’s intention is very clear and mahinda’s intention is not to make the country, if so he could have done it as the executive president. So his aim is vey clear, he wants his son to groom up. People who eat shit and grass will vote for this kind of people. Let them go home this time

  24. අක්බාර් ලොක්කා says:

    මේකෙ මහින්ද කපල ගෝඨාට පක්ෂව කමෙන්ට් දාල තියෙන්නෙ මංගලගෙ සයිබර් බල ඇනිය වගේ පේන්නෙ

    • Eiffel says:

      මංගලයෙක් ඕනද හලෝ ඕක තේරුම් ගන්න. තාම නිදිද..

      ගෝඨා ඉන්දියා ගියේ කොහොමද, කා එක්කද?
      මහින්ද ඉන්දියා ගියේ කොහොමද, කා එක්කද?

      වැඩිදුර යන්න ඕනා නෑ ඕකම ඇති මහින්ද හැදෙන්නෑ කියලා තේරුම් ගන්න…

  25. Gxh says:

    Ane yanda mahaththayo yanda. Api dunne Gotatay. Mahinda thiyena karadara tika adukarannay. Mahinda thiyena gauvravaya rekagena inna denaganna one. Kalin wathaawe mahinda mahaththayama kivve ape evun weradi kara kiyala.. ayith e weradi karannada yanne..?

Main News