විමල්ගේ නායකත්වයෙන් ‘උද්දික ප්‍රේමරත්න සමඟ අපේ මඟ’ අනුරාධපුරේදී ඇරඹේ..

February 14, 2020 at 6:48 pm | lanka C news
විමල්ගේ නායකත්වයෙන් ‘උද්දික ප්‍රේමරත්න සමඟ අපේ මඟ’ අනුරාධපුරේදී ඇරඹේ..

‘ජවයට සවිය’ සංවිධානයේ සභාපති ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා තරුණ නායකත්ව හා වෘත්තීය මාර්ගෝපදේශන දිනයක් අද (14) අනුරාධපුර යොවුන් නිකේතන භූමියේදී සංවිධානය කර තිබිණි.

අනුරාධපුර දිස්ත්‍රික් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට රැකියා කලාපයක්, ව්‍යවසායකත්වයක් කලාපයක්, උසස් අධ්‍යාපන කලාපයක් හා චිත්‍ර ප්‍රදර්ශනයක් ඇතුළත්ව තිබිණි.

මෙම වැඩසටහනත් සමගින් උද්දික ප්‍රේමරත්ක මහතාගේ අනුරාධපුර ජනතා මෙහෙවර නිල වශයෙන් සනිටුහන් කෙරිණි.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි විය.

මෙහිදී රැස්ව සිටි තරුණ තරුණියන් අමතා රජරට විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය සංජීවනී ගිනිගද්දර ,උද්දික ප්‍රේමරත්න, විමල් වීරවංශ යන මහත්ම මහත්මීහු කෙටි දේශන පැවැත්වූහ.

– media unit

42,028 Viewers

15 Comments to “විමල්ගේ නායකත්වයෙන් ‘උද්දික ප්‍රේමරත්න සමඟ අපේ මඟ’ අනුරාධපුරේදී ඇරඹේ..”

  1. Wewegadara Appuhamay says:

    What is your Path and model of Industrial development? We wish to know that.

    • Janaka says:

      විමල් මහත්තයෝ ඔබට ඉදිරි මැතිවරනයෙන් විශිශ්ට ජයග්‍රහනයක් අවශ්‍යනම් හොර ගැන්සියෙන් ඉවත්වී ගෝටා මත්තයගේ අනුගාමිකයෙක් වන්න. ඕනෑම හොරෙක් විවේචනය කිරීමට මේ වෙබ් සයිට් එකට ඉඩ දෙන්න.

    • sithmal says:

      උගත් බුද්ධ්මත් දරුවෙක්..

  2. රටවැසි says:

    නළුවො නිළියො නැතුව මේ ඇත්තන්ට හුස්ම වැටෙන්නෑ වගේ .

  3. Samsn says:

    විමල් තැන දෙන්නෙත් නූගත් නලු නිලියන්ට මිසක් උගත් අයට නෙමේ සහෝ

  4. Nish says:

    විමලෙනම් හොදයි. ඒ උනාට විමල් දේශපාලේට අරගෙන එන එවුන්නම් තේරුමක් නෑ. බලන්න ගෝටා වටේ ඉන්න සෙට් එක.

  5. Susil says:

    Best Wishes!

  6. Matara Boy says:

    ලැජ්ජයි.නලුවො ඇරෙන්න වෙන වෘත්තීයවේදින් ඇත්තෙම නැද්ද?

  7. Seya says:

    විමල් මුව ගෙනල්ල නෙමෙයි. ආරාධනාවකට උත්සවේකට ඇවිත්. අම්මප, article එකක් හරියට අකුරු ටික කියවල තේරුම් ගණන බැරි තරම් මොංගල් එවුන්ද මේ කොමෙන්ට් කරන්නේ.
    එකමදේ, උද්ධික කියන්නේ මන් මාරම අආස චරිතයක්. ඔහුගේ දක්ෂකම් බොහෝයි, වටිනාකම කියන්න බැරි තරම්. නමුත්, කුණු දේශපාලනය පැමිණීමේ අරමුණ පැහැදිලි නැහැ. කලාකාරයෙක් වූ නිසාම ඔහුට දේශපාලනය තහනම් නැහැ. නමුත්, යම්කිසි professional background එකක් තියෙන්න ඕන. මින් පසු මොහුගේ කිසිම කලාවක් අවශ්‍ය නැහැ. වැටියන්කෝ වලේ.

  8. Gini says:

    Are you mad. One in the jail made a mess.

  9. Kevin says:

    ගොන්ජාලා පබාලා කරපු විකාර මදිද..

    • Think Tank says:

      The difference between Gonja and Udhdhika is that Gonja is an over 60-year old uncivilized, uneducated and pervert sex manic whereas Udhdhika is an educated and civilized young person.

  10. siri says:

    Jeppo kuhakayo kuhaka comment okkoma Jeppange, naluwek unath Uddikath rate purawasiyek pirisidu desapalanayak karainam naluwek unath kamnaha.

  11. Jee says:

    Denawa Denawa 2/3 Denawa

  12. kawinda says:

    Wimal Weerawansa mahathaaneni. Uddika Premarathna wage ratata janathaawata aadare ethi maanawa dayaawen yuthu e wagema charithaya kelel kara nogath thawa tharuna aya sitinawa. e ayath praweshamin thora gena methiwaranayata isiripath karanna. visheshayen uthura negenahirata honda dravida tharunayin daha dolos denek yodawanna. eya pohottuwata menma obe pakshayatada watinawa.

Leave a Comment

Main News