ගුවන් තොටුපලේ සංචාරක කුලී රථ තගාලා මැඩලයි..

February 26, 2020 at 4:40 pm | lanka C news
ගුවන් තොටුපලේ සංචාරක කුලී රථ තගාලා මැඩලයි..

සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය වෙත හා සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට ලිපියක් යවමින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඊට අදාළ ව ගත් පියවර සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙසයි.

දිවයිනට පැමිණෙන සංචාරකයන් අදාළ කුලී රථයේ සිටියදී ම එම කුලී රථ රියදුරාට වෙනත් කුලී රථ රියදුරන් හෝ මැර කණ්ඩායම් පහරදෙන හා තර්ජනය කරනු ලබන සිදුවීම් ඇතුළත් ඇතුලත් දර්ශන කීපයක් පහුගිය කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත. මෙම දර්ශන වලට අදාල සිද්ධීන් පිළිබද ව සොයා බලා අදාළ වගකිවයුත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා දැනටමත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඊට අමතරව මෙවැනි සිදුවීම් වැළැක්වීමට අමාත්‍යංශය පාර්ශවයෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දී තිබේ.

දිවයින පුරා ඇති සංචාරක කලාප ආශ්‍රිත ව කුලී රථ සේවවේ නිරත ඇතැමුන් පික්මී, ඌබර් වැනි ජාත්‍යන්තර යෙදවුම් හරහා සංචාරකයන් කුලි රථ සේවාවන් ලබා ගැනීමට විරෝධය පළ කරයි. පහුගිය දිනවල සමාජජාලා වල විකාශය වූ බහුතරය එවැනි සිද්ධීන්ය. අවාසනාවන්ත තත්ත්වය වන්නේ සංචාරකයන් සිටියදීම මෙලෙස අශෝභන ලෙස හැසිරීමයි. මේ නිසා ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත් වන බවත් මේ තත්ත්වය සංචාරක කර්මාන්තයට ද ප්‍රබල ලෙස බලපාන බවත් ඇමතිවරයාගේ අදහසයි.

මේ නිසා දිවයින පුරා සිටින සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බව ඇමතිවරයා කියයි. දැනටමත් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙම වැඩසටහන් ආරම්භ කර තිබේ. දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඇමතිවරයා අවධාරණය කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

49,248 Viewers

8 Comments to “ගුවන් තොටුපලේ සංචාරක කුලී රථ තගාලා මැඩලයි..”

  1. Rohan says:

    සරනෙට කියන්න තිබ්බෙ ප්‍රසන්නට. ගොන් අතල් ඩෙනව

  2. MR says:

    Please remove airport duty free area thugs & brokers also. They start shouting at passengers & forcing them to buy duty free items whenever passengers enter into the duty-free areas after clearing immigration process. Also, sometimes they force passengers to sell their duty free allowance for some money. This is a big shame for Sri Lanka.

    • බන්ඩා says:

      මට නම් එවැනි අත්දැකීම් නැහැ. නමුත් එයාර්පෝර්ට් රථ ගාල් වල කුලී රථ රියදුරන්ට නිකරැනේ ගැවසෙන්න ඉඩ නොදිය යුතුය්. ඌබර් වැනි රියදුරන් තමන්ගේම රථ ගාල් වෙන් කර ගත යුතුය්.

    • Bandupala Bung says:

      Please remove the entire country from the world map. Banana Republic is a Total Nonsense place.

  3. හෙලයා says:

    සංචාරකයන්ට තමන් කැමති කුලී රථ සේවාවක් ලබා ගැනීමට අවස්ථාව රජය තහවුරැ කල යුතුය්. සංචාරක ප්‍රවර්ධනයට තැරැව්කරැවන් එයාර්පෝර්ට් එකෙන් අතුගා දැමිය යුතුය්.

    • B. anthony says:

      සංචාරකයින්ට විතරක් නෙවෙයි ලංකාවෙ උන්ටත් තමන් කැමති ආකාරයට කුලී වාහන ගත හැකිවිය යුතුයි. අහංසක ගෑණු දෙන්නකේ එක වාහනයක් හයර් කරගෙන යන්න හැදුවොත් ඒ තගාල ඒකට විරුද්ධයි. අපි අරගෙන ගිය වාහනයකට තවත් හිතවත් කෙනෙක් දාගත්තොත් උන් විරුද්ධයි. ආරක්ෂක කියන උන් ඊටත් එහා. කටුනායක ගුවන් තොට මැර ජාවරම් කාරයන්ගෙ තිප්පොලක්. ශුද්ධ කලොත් ඔන්න වැඩ කරුකියල පිලි ගන්නවා.

  4. Asela says:

    Harima maarayi yako muoo ne inna lokuma thagaa. Anika muooge kattiyane dan raja karanne….!!!

Main News