ජනපතිගෙන් තවත් නියෝගයක්.. රටට බත දෙන ගොවීන් වෙනුවෙන්..

March 4, 2020 at 12:40 pm | lanka C news
ජනපතිගෙන් තවත් නියෝගයක්.. රටට බත දෙන ගොවීන් වෙනුවෙන්..

හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට නියෝග කරයි.

ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි අවධාරණය කළේය.

පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පොහොර ආනයනයේ දී  මතුව ඇති ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. බෙදා හැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10 ක් ඇතුළත ලබාගන්නැයි  එතුමා දැනුම් දුන්නේය.

ගොවීහූ වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අධික පොහොර භාවිතයට යොමුව සිටිති. රසායනික පොහොර භාවිතයේ දී මතුවන ගැටලු පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව  පෙන්වා දුන් ජනාධිපතිතුමා ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු කළ යුතු බව පැහැදිළි කළේය. ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි එතුමා කීය.

කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතී.  වෙළඳ පොළ අවශ්‍යතාව සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීම නොපමාව කළ යුතු බව  ජනාධිපතිතුමා පැවසීය.

ලෝකයේ පිළිගත් උසස් ප්‍රමිතියකින් යුත් පොහොර නිෂ්පාදනය කරන රටවල් හඳුනා ගෙන පොහොර ආනයනය කළ යුතුය. වී ගොවිතැන ප්‍රමුඛ වාර්ෂිකව වගාකරන භෝග සහ ඒවායේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන ප්‍රමාණවත් පරිදි පොහොර ආනයනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ,  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල,  මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, මහබැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න  යන මහත්වරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති කාර්යාංශය සහ ලංකා පොහොර සංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ පොහොර ආනයනකරුවන් සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

258 views

12 Comments to “ජනපතිගෙන් තවත් නියෝගයක්.. රටට බත දෙන ගොවීන් වෙනුවෙන්..”

  1. vishnu says:

    මෙන්න වැඩ හරිය

    • හැකහැක says:

      කෝ බ්‍රෝ මහබැංකු හොරා ඇල්ලුවද දැන් ?…එහෙම අහනකොට අපෙන් අහනවා සෙල්ලන්ද කොල්ලෝ කියලා

      • kawinda says:

        umbata kessanan heka..heka.. gagaa inne nethuwa IDH ekata palayan. Gotabhaya janapathi sudusu welaawata sudusuma de karai. balapanko ada wenakota ethuma aapu gamana gena. wena naayakayo aawanan thaama janaadhipathi weeme uthsawa thiyanawa. methuma aapu dawase indan weda..weda..weda.. horu allanna hadisiwenna epa. ewa ibema wei. Ravi karunanayaka hithuwe eya nidahas kiyalai. eth den kohomada..? Raviyata puke goo unuwelalu…

    • John says:

      ජනාධිපති තුමනි, අපිට ඕනෑ රටකාපු හොරු හිරේ දාන්ඩ. රවිය අයියගේ ගෙදර සැගවිලා ඉන්නවා. පොලිසිය යවන්ඩ.

      • මලිති says:

        පච මොංගලයගෙ මඩ බලකාය තුට්ටු දෙකේ කුලියට යලි වැඩට බසී. -සමන්/හාවා/ජීවනී/ජෝං/ශැලියා/ජන රංජන/රසික ඇතුලු බොරු නම් රැසකින් පෙනී සිටින එක්කෙනෙක් හෝ 2කි

  2. abu Bakar says:

    NO පොහොර ANYWHERE …
    since 1994 all presidents are SLFP , Mahinda was as President and Cabinet Minister , But still haven’t proper channel to purchase quality fertilizer ,still given උපදෙස්..

  3. Love nature says:

    ඒ සමග ගංවතුර පාලන සැලසුම් ක්‍රියාත්මක කරන්න .

  4. Love nature says:

    “වතුර කියන්නේ දේවත්වයෙන් සැලකුම් ලැබූ සම්පතක්. … බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයා යුතුයි’

  5. අපේ රට says:

    රටින් පොහොර ගෙන්නිම වසර 5 කින් අවසන් කරමු.මිට සමගාමිව දේශිය වියාපාරිකයන් හරහා දිස්ත්‍රික්ක 22 කේම කාබනික පොහොර නිෂ්පාදනාගාර අරබා වසර 2 කින් ගොවින්ට කාබනික පොහොර කිසියන් ප්‍රමානයක් සහන ලෙස ලබාදි කාබනික පොහොරට කුබුරැ සකස් කරවමු.එවිට වසර 5 අවසානයෙදි 100% කාබනික පොහොරට රට ගමන් කර අවසානාය.නමුත් හදිසි අවශ්‍ය තාවයකට ගැනිමට වසරකට පමනක් අවශ්‍ය රසායනික පොහොර තෙගයක් ගබඩා කරමු.මෙම නිෂ්පාදනාගාර අරබන අයට වසර 8 කට බදු සහනත්,ගොවින්ට සහන ලෙස දෙන පොහොර සඳහා නිශ්පාදන වියදමත් ලබාදෙමු.

  6. Chinthana says:

    Dear please try to calculate the percentage of talking & working of each politicians. Then only you can realised the actual pictures of each person.

Main News