‘සමාජ ජාල’ නම් බලගතු මෙවලම යොදා ගත යුත්තේ වඩාත් යහපත් මානව සමාජයක් නිර්මාණය කිරීමටයි..

March 11, 2020 at 8:02 am | lanka C news
‘සමාජ ජාල’ නම් බලගතු මෙවලම යොදා ගත යුත්තේ වඩාත් යහපත් මානව සමාජයක් නිර්මාණය කිරීමටයි..

‘සමාජ මාධ්‍ය ජාල’ නම් බලගතු මෙවලම වඩාත් යහපත් මානව සමාජයක් නිර්මාණය කර ගැනීමේ උතුම් අරමුණ වෙනුවෙන් යොදා ගත යුතු බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.

රටේ වැඩි පිරිසක් නව තාක්ෂණය සමග සන්නිවේදන භුමිකාවේ යෙදී සිටින පරිසරයක දේශපාලනය ඇතුලු සමස්ත සමාජයේ ගමන් මාර්ගය ද ඒ අනුව තීරණය වෙමින් පවතින බව කී ඒ මහතා ,කිසිවෙකුට එයට පිටුපා යාමට නොහැකි වී ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,මොරවක ලක්සර ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ” හරිත පුරවරයට -තුරුණු එකමුතුව” ට සම්බන්ද මාධ්‍ය ජාල ක්‍රියා ක්‍රියාකාරිකයින් පිරිසක් හා ” කෙන්ටකි” පරිගණක පාසල සංවිධානය කළ සුහද හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

අද සිදු වී තිබෙන්නේ නොසිතු ආකාරයේ සන්නිවේදන විප්ලවයක් .තත්පර 6කින් ලෝකයට ම තොරතුරක් යනවා .එය හරි හෝ වැරදි වෙන්න පුලුවන් .අපේ ජන ජීවිතය ම සමාජ මාධ්‍ය ජාල සමග වෙලී ගිහින් .මේ තුළ යහපත් දේ මෙන් ම අයහපත් දේ ද සිදු වෙනවා .ආත්මාර්ථකාමීත්වය ද ඉදිරියට ඇවිත් .

ලෝක ජන ගහනයෙන් 45 % ක් සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරනවා .කෙනෙක් අඩුම තරමේ දිනකට පැය 3ක් මේවා සමග ගනු දෙනු කරනවා .දකුණු ආසියානු රට වල ජන ගහනයෙන් 42 % ක් ඉන්ටෙර්නෙට් පාවිච්ච් කරනවා .පැරණි මාධ්‍ය දැන් අභාවයට යමින් තිබෙන්නෙ .

නව සන්නිවේදන මෙවලම් සමාජය පාලනය කරන්න පටන් අරන් .ඒ නිසා බොහෝ දෙනා සන්නිවේදකයින් නැත්නම් මාධ්‍ය කරුවන් වෙලා .එතැන පාලනයක් නෑ.සංස්කරණ නෑ .ඒකයි භයානක .

කේ .ජයතිලක ශුරින් ” සිංහලයේ ආරම්භය සහ අවසානය ” නම් පොතේ මෙවැනි සටහනක් තබා තිබෙනවා .

” මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පුද්ගලිකකරණය වීමෙන් පසු පැමිණියේ කුළු හරක් ප්‍රජාතන්ත්‍රවාදයක් .ඔවුහු සියල්ල උඩු යටිකුරු කරන්නට වූහ .මේ කුළු හරක් වනයේ සිට නගරය ආක්‍රමණය කළ විට නගරයේ තිබුන සමාජ යුතුකම් – වගකීම් සියල්ල වනගත විය .නිසි අවස්ථාවේ නිසි ආකාර පාලනයක් ඇති නොවුනහොත් ජන මාධ්‍ය ක්ෂේත්‍රය නොබෝ කලකින් එකම ගැඩි විල් ගොඩක් බවට පත් වනු ඇත .හීලෑ ගොනාට වඩා කුළු ගොනා බෙහෙවින් භයංකර ය .” එදා සාහිත්‍ය කරුවා මාධ්‍ය භාවිතය ගැන එහෙම දැක්කා .

අප විසින් අප පාලනය විය යුතුයි .මානව වර්ගයාගේ යහ පැවැත්ම වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයින් තම භූමිකාව ඉටු කරන්න ඕනෑ .අන් අයට පරමාදර්ශී චරිත විය යුතුයි .සියලු දේ වෙනස් වෙමින් යනවා .ඒ වෙනසට අප අනුවර්තනය වෙන්න බැරි නම් පැවැත්මක් නෑ .සොබා දහම සමග අපට ගනු දෙනුවක් තියෙනවා .එහි ආශීර්වාදය ගන්න අප යහපත් දේ කරන්න වෙනවා .අප හැම විට ම යහපත් පුද්ගලයා හා යහපත් දේ වෙනුවන් පෙනී ඉන්න ඕනෑ .

එකිනෙකාට ආදරය ගෞරව කරන සමාජයක් නිර්මාණය කර ගත යුතුයි .තරුණ තරුණියන් තුළ මානව හිතවාදී ගුණාංග මතු වෙන්න ඕනෑ .එවැනි අය මානව සමාජයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරාවි .අපේ රට මුහුණ දී තිබෙන අර්බූද සුලු පටු නෑ .ඒ දෙස අප හැම දෙනා ම ගැඹුරින් බැලිය යුතුයි .යැයි ද හෙට්ටිගේ මහතා පැවැසීය .

– Khmedia

7,492 Viewers

4 Comments to “‘සමාජ ජාල’ නම් බලගතු මෙවලම යොදා ගත යුත්තේ වඩාත් යහපත් මානව සමාජයක් නිර්මාණය කිරීමටයි..”

  1. කිරිමෙල් says:

    This is a utmost requirement. Please initiate the action after making a strong, workable plan.

  2. Kakiyana Lea says:

    අන් අයට පරමාදර්ශී චරිත විය යුතුයි.තරුණ තරුණියන් තුළ මානව හිතවාදී ගුණාංග මතු වෙන්න ඕනෑ .Meya siyaluma manushshayin (Mohu athuluwa) kiyaa venas viya yuthui needa?…Mokada pahugiya kaale meyaa Madyaweediyekuta මානව හිතවාදී vidihata kathakalaa wagee mathakai..

  3. amal says:

    මෙය දේශනා කරන්න ඉස්සෙල්ල තමන් හැදෙන්න ඕන .ගිය සතියේ ලීක් කරන තිබ්බ . මාධ්‍යවේදියෙක්ට කුණුහරුපෙන් බනිනවා . ප්‍රශ්නයක් අහුවමකියනවා තමින්ගේ ආයතනයේ සභාපතිට මට කෝල් කරන්න කියල .කටු කන බල්ලෙක් .

  4. Sun says:

    The problem is the country is controlled by the politicians connected to drug dealers and thugs. They do not have a clear mentality of developing the country with wisdom. From my opinion there no one to trust in this society other than innocent dogs living around the streets. If someone talks, there is a selfish intention dragging some money by showing your face. Politicians have that mentality as most of them are aiming at stealing money from the bank by using the appointed bosses to the bank. Can you imagine this type of politics in the world other than Sri Lanka. Criminals are running the responsible positions in the country and they want a society of theeir mentality.