කොරෝනා අවසන් වන තෙක් Lockdown කරන්නැයි ඉල්ලයි..

April 7, 2020 at 3:26 am | lanka C news
කොරෝනා අවසන් වන තෙක් Lockdown කරන්නැයි ඉල්ලයි..

ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමනි,

වර්තමාන කොවිඩ් – 19 වසංගත තත්වය හා ඒ තුළින් පැන නගින ආර්ථික සහ සමාජීය අර්බුදය ලෝකයට නව අත්දැකීමක් බවට විවාදයක් නැත. වසංගත තත්වයක් පැන නැගීමට පෙර ලෝකයේ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කළ මතවාද අනුව 2020 වසර නව ලිබරල් ගෝලීය මූල්‍ය සහ ආර්ථික ව්‍යුහයේ බරපතල කඩා වැටීමක් සිදුවන වසරක් ලෙස ප්‍රබල පුරෝකතන ඉදිරිපත් විය. ඒ අනුව මෙම වසංගතයට අදාළ ගැඹුරු දේශපාලන සහ සමාජ ආර්ථික විග්‍රහයන් අනාගතයේදී ඉදිරිපත් වනු ඇත. එම ඉතිහාසය ලිවීමේදී ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙම වසංගතයට මුහුණ දුන් ශක්තිමත් සහ ප්‍රශස්ථ ආකාරය පිළිබඳ විශේෂ සටහනක් ලියැවෙන බවට සැකයක් නැත.

නමුත් පසුගිය සතියක කාලය තුළ වසංගත පාලන උපායමාර්ග පිළිබඳව පරස්පර විද්වත් මත ප්‍රකාශ වන බවක් දක්නට ඇත. ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි වසංගත තත්වයක් තේරුම් ගැනීමේදී සහ විග්‍රහ කිරීමේදී ඊට අදාළ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සහ වසංගත රෝග විද්‍යාත්මක කරුණු මුල් වන බවට විවාදයක් නැත. එහෙත් වසංගත පාලන උපායමාර්ග තේරීමේදී දේශපාලන, සමාජ ආර්ථික, සංස්කෘතික, චර්යාමය සහ මනෝවිද්‍යාත්මක සාධක මුල්වන බව ප්‍රකට කරුණකි. චීනයේ වූහාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ මිලියන 60ක ජනතාව “ ලොක්ඩවුන් ” කිරීමේ තීන්දුව විද්‍යාත්මක සාධක මත පදනම් වුවද ලෝකය විශ්මයට පත්කළ එම තින්දුව ගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසිනි.

මෙවැනි තත්වයක් තුළ මෙතැන් පටන් මේ වන විට ගනු ලැබූ ප්‍රශස්ථ පියවර තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයායුත්තේ කෙසේදැයි මා විසින් පත් කරන ලද දේශීය සහ විදේශීය විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් විමසන ලදී. එම කමිටුව විසින් මා වෙත ඉදිරිපත් කළ උපායමාර්ගික ප්‍රවේශය ඔබතුමාගේ අවධානය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. මහජනයාගේ දැනගැනීම පිණිස එය ජනමාධ්‍ය වෙත නිකුත් කරන බවද කරුණාවෙන් සැලකුව මැනවි. ඔබතුමාට තෙරුවන් සරණයි.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව‍
2020.04.06

මෙතැන් සිට කොරෝනා වසංගත පාලනය සඳහා ජාතික සංවිධාන විසින් ඉදිරිපත් කරන පස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය

  1. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා ඇඳිරිනීතිය පැනවීම, දිස්ත්‍රික් අතර ගමනාගමනයට සීමා පැනවීම සහ තෝරාගත් ප්‍රදේශ අවශ්‍යතාවය අනුව ‘‘ලොක් ඩවුන් ‘‘ හෙවත් වසා දැමීම ආදී පියවර රෝග පාලනයේ තීරණාත්මක සන්ධිස්ථානය ලඟා කරගන්නා තෙක් ලිහිල් නොකිරීම.
  2. උපායමාර්ගිකව තීරණාත්මක සාධකයක් ලෙස සැක කටයුතු සියලු ස්පර්ශකයින් සහ නිරෝධානයට ලක්ව සිටින පිරිස් ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් සමාජය තුළ රෝගය පතුරුවන පිරිස් වහාම හදුනා ගැනීම සහ ප්‍රතිකාර ජාලයට ඇතුළු කර ගැනීම සඳහා ස්ක්‍රීනින් පරීක්ෂණ ප්‍රමාණය ශීග්‍රයෙන් වැඩි කිරීම. උදාහරණයක් ලෙස අවම වශයෙන් දිනකට සිදු කරන ස්ක්‍රීන් පරීක්ෂණ ප්‍රමාණය 5,000 – 10,000 අතර ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම.
  3. ඉහත (02) උපායමාර්ගයට අනුව පරීක්ෂණ වැඩි කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් RT – PCR යන්ත්‍ර 21ක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සතු යන්ත්‍ර 36 ක් සහ පෞද්ගලික අංශය සතු යන්ත්‍ර 6ක් වශයෙන් 63ක් වන සමස්ථ ධාරිතාව මධ්‍යගත අධීක්ෂණ යාන්ත්‍රණයකට යටත්කොට අවශ්‍ය දිස්ත්‍රික්ක සඳහා වෙන් කිරීම. එම යන්ත්‍ර පද්ධතිය මගින් කිසිදු ගැටළුවක් නැතිව එක් දිනකට පරීක්ෂණ 10,000ක් සිදු කළ හැකි අතර අවශ්‍ය විශේෂඥ පිරිස් බලය වැඩිකර ගැනීම සඳහා එම යන්ත්‍ර භාවිතය පිළිබඳ විශේෂඥ දැනුම සහිත පශ්චාත් උපාධි සිසුන් සහ විශ්‍රාමික විද්වතුන් කැඳවිය හැක. (මෙම පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැපයුම් පිළිබඳව විධිමත්ව සොයා බලා ඒවා ලබා ගැනීමේ යාන්ත්‍රණයක්ද පිහිටු විය යුතුය.)
  4. යම් රෝග ලක්ෂණ පහළවීම නිසා හෝ තමා ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ අය සහ අසල්වැසියෙකු හෝ ඥාතියෙකු ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ බව දැනුම් දීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම 1ක් බැගින් ප්‍රධාන රෝහලක් ආශ්‍රිතව මධ්‍යස්ථානයක් පිහිටුවීම හා දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම තව දුරටත් ස්පර්ශකයින් සොයා යාම අවශ්‍යවන අවස්ථාවල එම තොරතුරු මහජන සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය බුද්ධි අංශය වෙත ලබා දීම.

( එම මධ්‍යස්ථානය තුළ රෝගියෙකුට කළ යුතු දේ පිළිබඳව සහ රෝගය පිළිබඳ උපදෙස් දීම සහ අවශ්‍ය නම් කැඳවා පරීක්ෂණ සඳහා සාම්පලයක් ලබා ගැනීම, තොරතුරු විධිමත්ව ලේඛනගත කිරීම සහ රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීම යන වගකීම් ඉටු කිරීම සඳහා වන පහසුකම් නිසි ආරක්ෂණ ක්‍රමවේද සහිතව ලබා දිය යුතුය. )

  1. ඉහත 03 උපාය මාර්ගය අනුව T RCR යන්ත්‍ර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළුවලට විසඳුමක් ලෙස සහ අවශ්‍යතාව වැඩි වීමේ තත්වයන්ට මුහුණ දීම සඳහා දැනට වාණිජ මට්ටමින් යොදා ගනු ලබන “ Rapid test ” ලෙස හඳුන්වන විනාඩි 5 – 15 ත් අතර කාලයකදී ප්‍රතිඵල ලබාගත හැකි පරීක්ෂණ ක්‍රම (02)ට අදාළ පරීක්ෂණ කට්ටල වහාම ආනයනය කිරීම සහ ඒ සඳහා රාජ්‍යයන් අතර ගනුදෙනුවක් ලෙස චීනය, රුසියාව සහ ඇමරිකාව යන රටවල්වලින් ඉල්ලීම් කිරීම. එම පරීක්ෂණ වර්ග දෙකෙන් එකක් PCR පරීක්ෂණයට විකල්පයක් වන  “ Antigen ” පරීක්ෂණයක් වන අතර අනෙක “ Antibody ” පරීක්ෂණයක් හෙවත් රුධිරයේ ප්‍රතිදේහ වර්ග දෙකක් පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇඟිල්ලක් විදීම මඟින් රුධිරය ලබා ගැනීම හරහා සිදුකරන මිල අඩු සරල රුධිර පරීක්ෂණයකි.

( එම දෙවන පරීක්ෂණය හෙවත් ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා විෂබීජ ශරීරගත වී දින 5-7 කාලයක් ගතවේ. එම නිසා එම පරීක්ෂණය අතුරු හෝ දෙවන පරීක්ෂණයක් ලෙස භාවිත කිරීමට හැක. )

– ජාතික සංවිධාන එකමුතුව

55,406 Viewers

13 Comments to “කොරෝනා අවසන් වන තෙක් Lockdown කරන්නැයි ඉල්ලයි..”

  1. podieka says:

    How long can government sustain this ailing economy and how long this epidemic will prevail? Government can answer the first but not the second.

    • කෝ මේ රෝනා says:

      වහාම ක්‍රියාත්මක වන පරිදි සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහත්තයාව gmoa එකේ ඉහළම තනතුරකට පත් කරන්න. Lockdown කරන එකනම් හරි කියමුකෝ , එතකොට මෙතුමාගේ අප්පොච්චි ද ගෙවල් වල ඉන්න අයට කන්න දෙන්නේ. බඩු ගන්න සල්ලි කොහෙන්ද මිනිස්සුන්ට ? මහත්තයෝ වැඩක් ඇත්තෙම නත්නම් නොනට පොල් ටිකක් හරි ගාලා දෙන්න.

  2. මෙම ලිපියේත් GMOA ලිපියේත් කරුනු බොහෝ දුරට සමාන බව පෙනේ..දැනට කළ හැකි ටෙස්ට් වර්ග ගැන තම දැනුම ප්‍රදර්ශනය කිරීම හැර මෙම ටෙස්ට් වලින් පොසිටිව් වන අයට කළ යුත්තේ කුමක්ද යන පැනයට විසදුමක් ඉදිරිපත් කර නැති බව පෙනේ.
    ලොව පුරා ටෙස්ට් නොකළ, රෝග ලක්ෂණ නොමැති ආසාධිතයන්, ලක්ෂ, මිලියන ගනන් ඒ ඒ රට වල ඇති ආසාධිතයන්, බව හැම රටක්ම පිලිගන්නා කරුනකි. මේ අයව එකකු නෑර ටෙස්ට් කිරීම කිසිම රටකට කළ නොහැක්කක් වන අතර එසේ කිරීමෙන් විශාල ප්‍රතිපල නොලැබෙන බවද විශ්වාස කෙරේ..මේ අයට රෝග ලක්ෂණ නොමැති බැවින් ටෙස්ට් කළත් නොකළත් මේ අයව රෝහල් ගත කළ නොහැක.. නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීම ද ප්‍රායෝගිකව කළ නොහැක; ඉන් රෝගය මධ්‍යස්ථාන පුරා පැතිරීමේ අවදානම ද වැඩි වේ..
    එකම විසදුම වන්නේ සෑම පුරවැසියකුම වාහකයකු විය හැකි බව උපකල්පනය කර, නිවෙස් තුළම හුදකලා කොට තැබීමයි..ඒ අතරින් මතුවන රෝග ලක්ෂණ සහිත අය හදුනාගෙන contact tracing කොට අවශ්‍ය අය ටෙස්ට් කිරීම සහ නිරෝධායනය කිරීම ප්‍රායෝගික විසදුමයි.. රෝගය peak වන විට රෝග ලක්ෂණ සහිත උවත් බරපතල නොවන අය රෝහල් වලට ඇතුලු කිරීමට නොහැකි විය හැකියි. ඒ වන විට රෝහල් පිරී යා හැකි බැවිනි..එවිට මද රෝග ලක්ෂණ සහිත අයට කොහොමත් නිවෙස් තුළ සිට ප්‍රතිකාර ගැනීමට සිදු වේවි..තිත්ත ඇත්ත එයයි..හැකි තරම හුදකලා වී සිටීමෙන් රෝහල් පද්ධතියට අනවශ්‍ය බර පැටවීම අවම කළ හැකියි..
    දැනට රජයේ මුදල් යොමු විය යුත්තේ මහා පරිමාන ටෙස්ට් සදහා නොව සෞඛ්‍ය කාර්‍ය මන්ඩල ( PHI, Midwives, සුලුසේවක ඇතුලු) සහ ආරක්ෂක අංශ සදහා අවශ්‍ය PPE, රෝහල් වල ඔක්සිජන් සහ අනිකුත් ඖෂධ ලබා ගැනීමටත්, විශේෂ වාට්ටු, ventilators ආදිය වැඩි කිරීමටත් ය. අද දියුනු යැයි සම්මත රටවල් කරදරයට පත්ව සිටින්නේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවර කල් තියා නොගත් නිසාත්, පැමිනෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ ව්ස්ල ධාරිතාවය වැඩි කර නොගත් නිසාත්, සෞඛ්‍ය කාර්‍ය මන්ඩල වලට අවශ්‍ය PPE රැස් කර නොගත් නිසාත් ය. මේ දෙකම හොද මට්ටමක පවත්වා ගෙන යන බොහෝ ආසියානු රට වල රෝග පාලනය හොද මට්ටමේ පවතී.. ලංකාව ද අනුගමනය කරන්නේ මේ මොඩලයයි..මෙයට සහාය දීම අප සැමගේ ජාතික වගකීමයි..
    තමන් ද නිහඩ වාහකයකු විය හැකි බව සිතා, හැකි තරම් හුදකලා වී සිට රෝගය ලබා ගැනීමේ සහ බෙදා හැරීමේ ඉඩ අවම කිරීම අපට කළ හැකි ඉහලම යුතුකමයි..

    • Jee says:

      Agree with maraya..
      How long to lock down sri lanka.
      And how long this will prevail in the world..
      We have to accept bitter trueth…
      I think we must go for uplift ent of health facilities rather than tracing…
      And all the patients and contacts should stay at home if they are asymptomatic or mild symptomatic as in UK.

    • කොරෝනා නෝනා says:

      මේ මහතා කියනා දෙය ප්‍රායෝගිකය. සෑම එකෙකුම කුදලාගෙන ගොස් පරික්ෂාවට බඳුන් කිරීම පොඩි එකෙකුගේ ලියුමක සඳහන් අදහසක් වැනිය. අවදානම් ප්‍රදේශවල අය ප්‍රායෝගික කාල පරාසයක් තුල නිවෙස්වාලම රඳවා තබා, රෝග ලක්ෂණ පෙන්වන්නන් සහ ඔවුන් හා සම්බන්ධ වුවන් පිළිබඳව මේ මහතා කියා ඇති පරිදි කටයුතු කිරීමත්, රෝහල්වල ප්‍රතිකාර වලට සම්බන්ධ වන අයට, සෞක්‍යය පරීක්ෂකයින්ට සහ එම කටයුතුවලට සම්බන්ධ අනෙක් අයටත් ඇවැසි දේ, පහසුකම්, උපකරණ පිළිබඳ අවධානය යොමු කිරීමත් හොඳ අදහස්ය. GOMA ලකුණු දා ගැනීමෙන් වැලකී එහි සාමාජිකයින් වෛද්‍යයවරුන් ලෙස ඔවුන්ගෙන් ඉටු විය යුතු දේ ගැන අවධානය යොමු කල යුතුය. අමරසේකර මැතිඳුන් ජනතාව හැසිරිය යුතු ආකාරය ගැන ගීතිකා, කවි, කෙටි චිත්‍රපට සඳහා තිර පිටපත් ලිවිම වැනි දේ කල යුතුය. GOMAවරුන්ට සහ අමරසේකර මැතිඳුන්ට එසේ කල නොහැකි නම් කොනකට වී දැඩි හස්ත ප්‍රහාරයක් දියත් කල හැක.

  3. damian says:

    Nonsense. If you find 2-3 laks of cases without any symptom what is your advice ? Keep them locked?

    The so called level of testing is done in European countries where reported cases go over 1000 per 1 million of the population, to isolate people in their own houses.
    In Sri Lanka the ratio is 8 per 1 million.

    • Totally agree!!!
      Hope the general public do not get confused by these foolish parrots’ (including GMOA) rubbish.
      Let us support the current model which has worked in many Asian countries…
      And spend money on Personal Protective Equipment, oxygen, medicine, ventilators etc..

    • Nuwan says:

      you can not be do guess work and say 8 into 1 million in Sri Lanka.This could be due to non checking of most of the infected people. We can not over estimate on our figures without going through proper screening.

      • “None of the antibody tests which the UK government has ordered for testing the coronavirus currently work, Professor John Bell, a professor of medicine at Oxford University tasked with assessing the effectiveness of various antibody tests, has warned.

        Bell said the tests the government have looked at so far do not work and that a large-scale solution would take “at least a month” to develop.

        However, none of the world’s leading industrial nations have yet identified a working test.”

        Do you still want to listen that GMOA bullshit and our already thin funds on these useless tests or would you prefer to spend them wisely on prevention by strict social distancing and using tests on basis of in need and Proetecting the healthcare professionals by providing PPE to them and keeping the supplies of oxygen, medicine etc and increasing the ward beds and ICU beds??????

      • damian says:

        @ Nuwan ඕක තමයි පොතේ ගුරාල හිතන හැටි.

  4. Maheepala says:

    Munta Basil gaanak denawada danne naha mokada curfews dik karanna karanna Basila wage hirunta Adhara walin gasaa kanna lehesyi ne…!!! Methana basilata support karanne uooge gotto … janathaawa washayen api dan dannawaa methana mokada wenne kiyala

  5. Saradiel says:

    සමහර රටවල කොරෝනා වැළදුන අය අල්ලා ගැනීමට බල්ලන් පුරුදු කර ඇත අපේ පොලිසියත් මේ ගැන සොයා බැලිය යුතුය.

  6. sumith says:

    This recommendation should have come maximum by 25th March, why there are no capable people to take urgent decisions, in order to protect the people, take this as an example and be prepared for future eventualities.

Main News