Corona : ආසාදිතයන් 197යි.. සැක සහිත 165යි.. අද වාර්තාව මෙන්න..

April 11, 2020 at 1:20 pm | lanka C news
Corona : ආසාදිතයන් 197යි.. සැක සහිත 165යි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 07 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එමෙන්ම එම කාලය තුළදී රෝගීන් හතර දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් රෝහලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව දැනට රෝහල්ගතව ආසාදිතයන් 136 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.

මේ වන විට මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් 197 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින් 07 දෙනකු මරණයට පත්වී ඇත.

සම්පූර්ණ සුවය ලබා පිට වූ ගණන 54 කි.

කොරෝනා යැයි සැක සහිතව රෝගීන් 165 දෙනෙකු රෝහල් ගතව සිටි.

අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

 

158 views

One Comment to “Corona : ආසාදිතයන් 197යි.. සැක සහිත 165යි.. අද වාර්තාව මෙන්න..”

  1. Hudson says:

    I thought corona finished. Ready to hold elections to get two thirds. Now 3 short of double century. I was eagerly waiting for Gota sir to give the announcement on19th.