කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..

April 13, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..

මෙරට තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මෙරට සෞඛ්‍ය අංශ විසින් මේ වන විට යම්කිසි ආකාරයකින් පාලනයකට යටත් කරගෙන සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

නමුත් රෝගී තත්වය අවසන් වී නැති බවත් සෑම දිනකම යම්කිසි රෝගීන් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවත් ඔහු පැවසීය.

මේ හමුවෙන සෑම රෝගියෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් හෝ නිරෝධායනයට ලක් කරන ලද අය හෝ රෝගීන් ලෙස දැනට හදුනාගෙන සිටින්නන්ගේ සබදතා සහිත අය බවත් ඔහු පැවසීය.

සියළු රෝගීන් මෙසේ එකම දම්වැලක පුරුක් ලෙස නිශ්චිත සීමාවක හමුවීම යම්කිසි අස්වැසිල්ලක් නමුත් මෙය මෙතෙක් අවසානයක් දකින්නට ලැබීම ගැටලුවක් යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

381 views

27 Comments to “කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..”

  1. පොඩි එකා says:

    ඔයා අපිව උඩ… ට අරන් ගිහින් පල්ලෙහට තල්ලු කරා.. කියන්නකෝ කවද්ද මේ ලොක් ඩවුන් එක ඩ වුන් කරන්නේ කියලා. දැන්නම් එපා වෙලා ඉන්නේ. අපේ අම්මා ගේ කරච්ච්ලේ අහලා අහලා එපා වෙලා..මටත් සති 2 ක් නිරෝධායනය වෙන්න බැරිද ?

    • Lanka says:

      Kawadada appaaa chiken koththuwak kanneeeeee.?

    • 😊🙏😊🙏😊🙏😊🙏😊 says:

      ඔබලා දන්නවද එංගලන්තයේ ජාති බේදයකින් තොරව මුලු රටම එක දිනක් හරියටම “උදේ අටට” අත්පොලසන් දීලා ආචාර ස්තුතිය කලා එංගලන්තයේ සෞඛ්‍ය සේවාවට…!

      අපෙත් එවැන්නක් කිරීමට කාලය ඇවිත්..! ත්‍රිවිධ හමුදාවට .. පොලීසියට… වෙද හෙද සේවයට…!
      ඉන් අමතරව දුප්පතුන් වෙනුවෙන් කාලය යොදවන කෑම නොමිලේ සපයන ස්වෙච්චා තරුණ කැලට…
      විශේෂයෙන්ම පක්‍ෂ නොබලා වැඩකරන තෙවරප්පෙරුම මහතාට…!
      එංගලන්තයේ සුද්දන් මේවා දැකලා කියනවා ” හදවත උණුවෙන ” පෝසත් මනුස්සකම තියන ලස්සන රටක්…!

  2. Saradiel says:

    අපේ හැකියාව දැන් ලෝකය දැනගෙන ඉවරයි යමු ඉදිරියට බුදු සරණයි

    • Lanka says:

      Hari hari poddak pora tokes adu karala balan hitahalla….meeka nikan hembirissa kessa wage ekak neweyi……..me golloth hariyata danne na..meke bhayanakakama thawama…peenne nadda ldan loku loku ratawal amu sohon wela thiyena hati….

  3. SAARC says:

    සාර්ක් කලාපයේ (SAARC) රටවල් 8කි.මේ රටවල් 8 අතරින් අද එනම් 13.04.2020 වන විට වාර්තා වී ඇති කොවිඩ් 19 ආසදිතයින් හා මරණ ගණන් අනුව ලංකාවට වඩා අයහපත් තත්වයක ඉන්නේ පකිස්තානය හා ඇෆ්ගනිස්තානය පමණි.ජනගහනය මිලියන 21ක් වන ලංකාවේ රෝගීන් හා මරණ ගණන ජනගහනය මි.1380ක් වන ඉන්දියාව හා මිලියන 170ක් වන බංග්ලාදේශයට ප්‍රක්ශේපණය කල විට ඉන්දියාව හා බංග්ලාදේශය යන දෙරටම ලංකාවට වඩා යහපත් තැනක පසුවේ. දිවයිනක්ව වසංගත රෝග නිවාරණයට ඉතාමත් වාසිදායක පසුබිමක් දරමිනුත් රටවල් 8කින් 6වන තැනට වැටීම හොඳ දෙයක් නොවේ.

    • No the කිං බානට් says:

      ඔයාගේ ප්‍රක්ෂේපණ අඩංගු ප්‍රස්ථාරයත් මෙතන දැම්මා නම් හොඳයි. තත්වය අයපත් ඇයි ? ඔයාගේ අධ්‍යනයට අනුව ඉක්මනට ගොඩ යන පාටක් නැද්ද ? මොකද තව පරක්කු උනොත් තුනෙන් දෙකෙන් තුනෙන් එක වත් නැතිවෙන තත්ත්වයක් තමා පේන්නේ.

      • සරළ ගණිතය says:

        ඉන්දියාවේ ජනගහනය ලංකාවේ මෙන් 65ස් ගුණයකි.ලංකාවේ Covid 19 ආසාදිතයින් ගණන 217ක් වන විට ඉන්දියාවේ ජනගහණය අනුව එය 217 x 65 එනම් 14105 ක් විය යුතුය.නමුත් එය ඊට අඩු 10,453 කි.ලංකාවේ මරණ 07 ක් වන විට ඉන්දියාවේ එය 7 x 65 ක් එනම් 455ක් විය යුතු වූවත් එම අගය ඊට අඩු 358 කි.
        මේ ආකාරයෙන් සරල ගණිතයෙන් එක එක රටේ තත්වය අපටම සන්සන්ධනය කරගත හැක.තමාගේ ආරක්ෂාව සලසා ගැනීම රටේම ආරක්ෂාවට පිටුවහලකි.

    • රංජිත් says:

      JVP.gunp

    • Me says:

      ඒ රටවල මිනිසුන් තම රටට, ජාතියට, ජනතාවට අාදරය කරනවා. ඒ නිසා කාගෙත් යහපතට රජයන් විසින් කල පැනවීම් වලට ඉහලම සහයෝගය දුන්න. අපේ ගොං පණ්ඩිත මීහරක්, ඉතාලියෙන් සහ ඉංදුනීසියාවෙන් පැමිණ, නිරෝධායන නීති උල්ලංඝනය කලා. ඒ ප්‍රතිඵල අපි හැමෝම විඳවනවා.

    • ranjan says:

      අනේ මන්ද බුද්ධිකය ,ගණිතය කියන්නේ නිගාමී ,ප්‍රායෝගික නොවන විෂයක් බව දන්නවද ?ගණිතය ආදේශ කරගත හැක්කේ ප්‍රායෝගික පදනමක් මත පමණි .ඔය කියන රටවල ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල සහ ලංකාවේ වැඩපිළිවෙල සංසන්දනය කරන්න .

      • කෝ රොනාල්ඩෝ says:

        Ranjan ප්‍රායෝගික පදනමක් මත හරි ගණන් යොදා ගන්න ඉස්සෙල්ලා ගණිතය සමත් වෙන්න ඕන නේද ? ,😀😀😝

    • Wasula says:

      E thamun wage wagakiim nethi un me rate jiwath wena hinda, rata gihin ewith hengila, boru kiyala, rata winasa karapu nisai,
      Eke warada rajayada ?

    • ඒ ඔය රට වල covid වලින් සිදු වන මරන ගනන නිවැරදිව වාර්තා උනා කියල උපකල්පනය කළොත් පමණයි..පමණයි.. උ.දා. ඉන්දියාවෙ දිනකට සාමාන්‍යයෙන් මරන 22000 කට අධිකයිලු.. මේවා අතරින් covid මරන නිවැරදිවම වාර්තා වේ යැයි සිතීම අපහසුයි..
      අපේ සංඛ්‍යා අපට හොදයි.. මෙහෙම යමු..

    • Dilan says:

      Very true…100 percent agree

  4. Ravana Parapura says:

    හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි..

    • As British national Robert Knox has mentioned ,Helayo are a very cultured people with high qualities and having a long standing great culture for over 2560 years ,except for hypocritical, envious Jeppos and some of their well wishers like Su… P…..

      • Alapaluwa says:

        Oh!, really? there were here during Robert Knox’s time. I see.
        But they are no more Mr. JANATHAAWA.

    • nimalsiri says:

      helayan yanu lokema inna deveni napuru jaathiyaki.palaweniya israelaye inna yudev mineemaruwo.

    • Ravana Parippu says:

      කොහෙද හෙළයෝ ඉන්නේ?

  5. නමනවතී says:

    කොහො නමුත් මුලු රටම සති කිහිපයක් පරිසර දූෂණයෙන් නම් මිදුන. කොරෝනාවට පින්සිදු වේවා . කොරෝනාව ආවෙ මේ ලෝකෙට ඉතාමත් හොද දේවල් ටිකක් කරල යන්න වෙන්නැති කියල හිතෙනව. පරිසර දූෂණය නැවතිල. නිහඩ බව ඇති වෙලා. අනෙක් අතට කන්න නැතිව කව්ද මැරැනෙ? මෙම සරල ජීවන ක්රමය කොරෝනාව හැර අපට කව්රැ කීවත් අපි අහන්නෙ නැහැ.

    • Shanika says:

      Namanawathi ta nam mokada ithin kolamba indala FD wala poliyen jeewath wenakota game ape prashna peenne naane. Api kanda deyak hoyaganda baruwa marenna onna menna dan..

      • Me says:

        අපේ ගමේ අයටනම් කිසිදු ප්‍රශ්න නැත. වවාගත් දේ තියෙන්නෙ. වතුර ටික තියෙනවා. සමගි සම්පන්න පවුල්.

        • Alapaluwa says:

          සෙල්ලං කරන්ඩ ඕනෙනං අල්ලපු වටේ අහවල් එක්කෙනත් ඉන්නවා

  6. Mr.Positive says:

    jasingha mahatthaya, oyaa ugathek nang kelin kiyandako kiyanadhe, nikang babaa talk denne… kawruhari pitipasse indhagena remote eka miri karanawada..

  7. ඇත්ත says:

    තවම ලංකාවේ වෛරසය පැතිරෙන්න පටන්ගත්තේ නෑ.. ඒත් ඊට කලින් ඉවරයි කියලා කියනවා.. 😢

Main News