කසිප්පු ජාවාරම්කරුවෙක් සහ හිමිනමක් පොලිසියට පැන අයිපීට පහර දෙති.. [Video]

April 22, 2020 at 6:26 am | lanka C news
කසිප්පු ජාවාරම්කරුවෙක් සහ හිමිනමක් පොලිසියට පැන අයිපීට පහර දෙති.. [Video]

වාරියපොළ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සහ ස්වාමීන්වහන්සේ නමක් ඇතුලු කණ්ඩායමක් වාරියපොළ පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුට පොලිසිය තුළදීම ඊයේ පහර දී ඇතැයි වාරියපොළ පොලිසිය පැවසීය.

පහරකෑමෙන් අසාධ්‍ය තත්වයේ පසුවු පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට තිඛේ. පොලිස් නිලධාරියාට පහරදුන් පුද්ගලයාගේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධව මෙම පොලිස් නිලධාරියා විසින් වැටලීම සිදුකොට තිඛේ.

පසුව මෙම නිලධාරියා මහපාරේ ගමන් කරනා විට අතර මගදී නවත්වා තමාගේ කසිප්පු ජාවාරමට ඇගිලි නොගසන ලෙස ජාවාරම්කරු තර්ජනය කොට ඇත.

එය නොතකා පොලිස් නිලධාරීයා තමන්ට මුහුණ දීමට වු සිද්ධිය පිළිබද සටහනක් යොදා ඇත.

ඒ වන විටත් පොලිස් පරීක්ෂකවරයා පසුපල හඹාවිත් පොලිසියට පැමිණ ඇති කසිප්පු ජාවාරම්කරු සහ ස්වාමීන්වහන්සේ ඇතුලු මැර පිරිසක් පොලිස් නිලධාරියාට බැණවැදී හිසෙන් අල්ලා බිත්තියේ හප්පා ඇත.

එම අවස්ථාවේ පොලිසියේ සිට ඇත්තේ කොස්තාපල්වරියක් සහ ආබාධිත තත්වයේ පසුවන නිලධාරියෙක් පමණි. පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොළ පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

හේමන්ත ලියනපතිරණ
– aruna

569 views

51 Comments to “කසිප්පු ජාවාරම්කරුවෙක් සහ හිමිනමක් පොලිසියට පැන අයිපීට පහර දෙති.. [Video]”

  1. firda says:

    anna badu💪💪 munta aagamak nehe kiyala dila nehe keiyala denna kenek nehe eekai mun ehema yanne🔥 sivra dagaththata palanayak nehe mokada aagamak nethi nisa. mun okkoma ohomai

  2. Ruwan says:

    අනුමානයක් නෑ කසිප්පු කාරයාගේ සල්ලි වලින් පන්සල හදලා දෙන්න ඇති.

  3. Cool says:

    පොලියට අත තිබ්බා නිසි දඩුවම් දිය යුතුයි. නමුත් මේ අල්ලන දේ දිහා බලපුවම මේවා අද ඊයේ නෙමෙයි පටන් අරන් තියෙන්නේ මෙහි වරද කොතනද කියා පොලිසියටම බාර වනු ඇත.

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    දිලිසෙන වීදුරු කටුවක් , ලස්සන පබළු ඇටයක් තියලා , හොඳ එළියට ලයිට් දාලා මේ තියෙන්නෙ ” සර්වඥ ධාතු ” කියලා කිව්වම.. මෝඩ උදවිය සාධුකාර දීලා , පෝලිම් ගැහිලා ධාතු කරඬුවට වැඳලා , ඒ මදිවාට කාසි බාගෙත් පූජා කරනවා. ඒ මුදල්වලින් යාන වාහන ගෙන බොහෝම සුඛ සම්පන්නව දිවි ගෙවන තක්කඩි දුස්සීල චීවරය දරන්නන් සතුටු සිතින් ඇතැම් උපාසිකාවන්ගේ කරඬුවලට ලොවට හොරා ධාතු වඩම්මනවා.

    • nimalsiri says:

      karanduwalata dhaathu wadammaveema mama skole yana kaalawal indalaama thibuna.ara wattala mabole ethi
      welikadamulla kiyana graamaye vaalukaaraamaya kiyala pansalak etha.eya adath etha.ema pansalenam hemadaama adugaane upaasikaawan dedenek hari reta navathinawaa V.M.covid.enisaa obage comment eka
      eththaya.

  5. jinee says:

    hapoi patta nondi wenawa policeiya.api monawahari kiyanna giyanam kohomada,gedaratama gihin gahala,paw ban mun,okunwa awuruddak wath atulata danna ona,dantama apa deelada dan na,policiya pajatha wenawa

  6. Kabba says:

    Kabbaමෙම දුෂ්ශීල භික්ෂූන් නෙරපා දැමිය යුතුය . වාරියපොල සුමංගල විදුහලේ ගුරුවරයකුද වන මොහු දරුවන්ට කෙලෙස උගන්වනවා ඇතිද. සමාජයේ කල හැකි සියලු වරද කරත් ඔවුන්ට නීතිය නිහඬය. මෙවැනි පාපීන් විනාශ කරන්නේ අප්ගේ බුද්ධ ධර්ම නොවේද. අනිවාර්යයෙන් අපාගතවන මොහු සාසනයේ උන්නතියට වෙනුවෙන් නෙරපිය යුතුය

  7. ලක්වැසියා says:

    මෙවැනි චීවරදාරීන්ගේ සිවුරු ගලවා පන්සල් වලින් පලවා හැරිය යුතුය.

  8. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අළුත්ම රැල්ල පන්සලේ චෛත්‍ය පොඩි නම් කඨින පිංකමක් අල්ලල වටේට අළුතින් ගඩොල් බැඳලා ප්‍රමාණයෙන් විශාල කරන එක. ( කඨින දායකයාගේ මුදලින් ) ඊට පස්සේ චෛත්‍යය වැහෙන්න අටපිරිකර පූජාවක් සංවිධානය කරනවා. අටපිරිකර දාහක් දෙදාහක් අඩුම ගානේ 1500 ගානේ කඩේට දුන්නත් කීයක් හම්බ වෙනවද ? විකුණා ලැබෙන මුදල එහෙන්ම අඳනෙ භාරයට පත්වෙනවා . ගමේ සමිතිවල අයවැය කිසිම දෙයක් නෑ. ඇහුවම කියනවා සාසනේට දුන්නු දේවල් ගැන ආයේ හොයන්න එපා කියලා.
    මුන් දේවදත්ත නිකායටත් වඩා නරක නිකායක එවුන්ද කොහෙද..

  9. praba says:

    බුදු සිවුරට නිගාකරන මේ කහ සිවුර දාගත් මනුෂ්‍යයා කව්ද? සිවුර ගලවලා තඩිබාන්න ඕනෑ.

  10. Fernando says:

    මොන වැරද්දක් කලත් මෙම රජයෙන් හාන්දුරුවන්ට මුකුත් වෙන්නේ නෑ .එක ඔවුන් දන්නවා .

Main News