කොරොනා ක‍්‍රමයට නම් දෙගුණයක් ගාස්තු ඔ්නෑ.. පුද්ගලික බස් වර්ජනයේ.. හැදුනුම්පත් අංක නොතකා ජනතාව නගර කරා..

April 28, 2020 at 8:40 am | lanka C news
කොරොනා ක‍්‍රමයට නම් දෙගුණයක් ගාස්තු ඔ්නෑ.. පුද්ගලික බස් වර්ජනයේ.. හැදුනුම්පත් අංක නොතකා ජනතාව නගර කරා..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග දින තුනක් පනවා තිබු ඇදිරි නිතිය (28) දින උදැසන 5 ට ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා ධාවන කටයුතු ආරම්භ කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ ධාවනයෙන් ඉවත් කර ගැනිමට හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයට කටයුතු කර ඇත.

සෞඛ්‍යය අංශ විසින් ලබා දි ඇති නිර්නායක අනුව තමන්ට බස් රථයේ මගින් 21 දෙනෙකු රැගෙන ධාවනය කිරිමෙන් විශාල පාඩුවක් සිදු වන නිසා තමන් මෙසේ ධාවන කටයුතු  වලින් ඉවත් විමට කටයුතු කල බවයි පෞද්ගලික බස් රථ රියදුරන්ද කියා සිටින්නේ.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා බස් රථ 300 ක් පමණ ධාවනය වන අතර එම බස් රථ සියල්ලම (28) දින ධාවනයෙන් ඉවත්කිරිමට එම සංගමය කටයුතු කර ඇත.

සෞඛ්‍යය උපදෙස් පිලිපදිමින් මගින් ප්‍රවාහනය කල යුතු බවත්, තමන්ට බස් රථ ධාවනය කිරිමෙන් විශාල පාඩුවක් සිදු වන නිසා දැනට මගියෙකුගෙන් ගමනාන්තය දක්වා අය කරන මුදල දෙගුණ කර අය කිරිමට රජය අනුමැතිය ලබාදෙන්නේ නම් බස් රථ ධාවනයට එක් කල හැකි බව එම සංගමය පවසයි.

පෞද්ගලික බස් රථ ධාවනය කටයුතු වලින් ඉවත් වුවද හැටන් ලංගම ඩිපෝව මගින් දුර සහ කෙටිදුර ධාවනයට බස් රථ එක් කර ඇති අතර එම බස් රථ වල සෞඛ්‍යය උපදෙස් අනුව මගින් ප්‍රවාහනය කරනු ලබයි.

හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ සෞඛ්‍යය බලධාරින් ලබා දි ඇති නිර්නායක අනුව බස් රථ ධාවනය කිරිමට හැකි අය බස් රථ ධාවනය කරවන ලෙසයි.

මේ අතර (28) දින අලුයම ඇදිරි නිතිය ඉවත්කිරිමෙන් පසු හැටන් නගරයේ සතොස කාර්යයාලය ඉදිරිපිට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට දිගු පෝලිම්වල ජනතාව රැදි සිටියද වතුකරයේ ජනතාව නගරයට පැමිණිමේදි ජාතික හදුනුම්පත් අවසන් අංකය අනුව නගරයට පැමිණම සිදු කල යුතු බව පිලිබදව තමන් දැනුවත් නොමැති  බවයි වතුකරයේ ජනතාව කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

330 views

18 Comments to “කොරොනා ක‍්‍රමයට නම් දෙගුණයක් ගාස්තු ඔ්නෑ.. පුද්ගලික බස් වර්ජනයේ.. හැදුනුම්පත් අංක නොතකා ජනතාව නගර කරා..”

  1. නිළමේ says:

    මේ ආපදා අවස්ථාවේ එහෙම නං, පෞද්ගලික අංශයේ බස් රථ ධාවනය හමුදාවට පවරා ගැනීමට කටයුතු කරන්න.

  2. ගස් බමුණු says:

    එක්කෝ බස් ගාස්තු දෙගුණයක් කරන්න.. නැත්නම් තෙල් මිල පහත දාන්න…දෙකෙන් එකක් වත් කරන්න බැරි නම් බම්බු ගහගන්න. දුවන එකයි ඇත්තේ කකුල් දෙකෙන්.

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අපට හැමදාම අන්තිම බස් එකට තිබ්බෙ බස් එක විතරයි..පාසල් යනකාලේ පටන් ලංගමේ දුන්නු සපෝර්ට් එක අමතක නෑ. කරුණාකර සියළු පෞද්ගලික බස් බලපට්‍ර අහෝසි කර මගී ප්‍රවාහනය වෙනුවෙන් ලංගම බස් පමණක් යොදන්න.

  4. Love nature says:

    කොරෝනා අවසන් වනතුරු පුද්ගලික බස් රජයට බාරගන්න

  5. අපේ රට says:

    1. ලංකාව පුරා ඇති රජයේ හා පුද්ගලික අංශයට මේ බස් රථ
    සේවක පිරිස් ප්‍රමානයට අනුව ලබාදෙන්න.
    2. රජය විසින් කිලෝ මිටරයට ගාන නියම කරන්න.
    3. අවශ්‍ය ප්‍රමානයට වඩා බස් රථ ඇත්නම් රොස්ටරයකට අනුව ලබාදි ඉතිරි බස් ප්‍රදේශයේ
    කෙටිදුර ධාවනය කරවමු.

  6. sena says:

    සල්ලි දැකපු නැති එවුන් සල්ලි දකිනකොට ඔහොම තමයි