Corona : 232ක් සුව වි පිට වෙයි.. අද වාර්තාව මෙන්න..

May 7, 2020 at 1:20 pm | lanka C news
Corona : 232ක් සුව වි පිට වෙයි.. අද වාර්තාව මෙන්න..

ඊයේ පෙරවරු 10.00 සිට අද පෙරවරු 10.00 දක්වා වූ කාලයේදී කොරෝනා ආසාධිතයන් 29 හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම කාලයේ දී ආසාදිතයන් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 556කි.

මෙරටින් වාර්තා වන සම්පූර්ණ ආසාදන ප්‍රමාණය 797කි.

ඉන් 232 පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොරෝනා යයි සැක සහිත පුද්ගලයන් 134 දෙනෙකු රෝහල්ගතව පරීක්ෂා කරමින් සිටී.

එම අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

243 views

4 Comments to “Corona : 232ක් සුව වි පිට වෙයි.. අද වාර්තාව මෙන්න..”

  1. No Worries says:

    රජයේ ආර්ථික පීඩනය අවම කරගැනීම සඳහා මැයි මාසයේ වැටුපම හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සියලුම රජයේ සේවකයින්ට පෞද්ගලිකවම ආයාචනා කරයි.
    තමන් ද මැයි මස වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කළ බව පවසන ඒ මහතා ඒ අයුරින්ම සියලු රජයේ සේවකයින් එක් මසක වැටුප නොගෙන එය වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කරන්නේ නම් රජයේ මැයි මස වියදම අඩුවී ආදායම වැඩිවී දැඩි පීඩනයකට ලක්ව ඇති ණය කළමනාකරණය කරගැනීමට පහසුවක් වනු ඇති බවයි අවධාරණය කරන්නේ.
    වියරැවෙන් මුදල් අච්චුගසා රටම සියදිවි හානි කරගන්නවා වෙනුවට රජයෙන් මෙවැනි සාධනීය පියවරක් යෝජනා වීම ඉතා හොඳ විකල්පයකි

    • ඉස්සරහ ගෙදර අංකල් says:

      මාසේ පඩි ගන්නේ නැති අය මොකක්ද පරිත්‍යාග කරන්න ඕන.?

      • tharaka says:

        mase padi ganna ayata kiuwe nathi ayata newei. sinhala terenne nathi unta karanna deyak na.. hariyata deyak terenne nathi oyala hinda tamai okkoma nathi prashna

  2. olu maru says:

    sri lankan air line management should do this.