නිරෝධායනය කැඩූ හූල්-දියණිය අමාරුවේ.. විරුද්දව සෞඛ්‍ය ලොක්කන් පෙරට..

May 21, 2020 at 9:20 am | lanka C news
නිරෝධායනය කැඩූ හූල්-දියණිය අමාරුවේ.. විරුද්දව සෞඛ්‍ය ලොක්කන් පෙරට..

එංගලන්තයේ සිට මෙරටට පැමිණ මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගේ දියණිය දින දහහතරක නිරෝධායනයෙන් පසු මැතිවරණ කොමිසමට ඒම නොහොබිනා ක්‍රියාවක් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

සාමාන්‍ය ගමේ ගොඩේ අය පවා සෞඛ්‍ය උපදේශන පිළිපදිමින් දින දහහතරක නිරෝධායනය අවසන් කළ පසු තවත් දින 14ක් නිවෙසේ සිට නිරෝධායනයට යොමු වුවද හූල්ගේ දියණිය මැතිවරණ කොමිසමට යෑම ආචාර ධර්මවලට පවා පටහැනි බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

මෙය නෛතික තත්ත්වයක් නොවූවද, එම ක්‍රියාව නොවටිනා එකක් යැයිද ජාසිංහ මහතා පැවැසීය.

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගේ දියණිය කොරෝනා (කොවිඩ් – 19) වයිරසය ශරීරගත වූ රෝගියකු නොවන බැවින් මැතිවරණ කොමිසමේ සේවකයන් නිරෝධායනයට යොමු කළ යුතුව නැතැයිද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

නමුත් මැතිවරණ කොමිසමේ මෙකී සාමාජිකයාගේ දියණිය මැතිවරණ කොමිසමට ගෙන ඒම සාධාරණීකරණය කළ නොහැකි දෙයක් යැයිද ඒ මහතා පැවැසීය.

නිරෝධායන ක්‍රමවේදය උල්ලංඝනය කරන ඕනෑම අයකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා නිරෝධායන පනත යටතේ කටයුතු කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කරන වෛද්‍ය නවීන් ද සොයිසා විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සහ කොරෝනා ආසාදිතයන් සමීපව ඇසුරු කර ඇති අය දින 14ක කාලයක් නිරෝධායන කඳවුරු තුළ රඳවා, එම කාලය අවසන් වූ පසු තම නිවෙස් තුළ තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවට නියෝග පනවන නමුත්, ඇතැම් අය එම නියෝග නොසලකා හරිමින් කටයුතු කරන බව දක්නට ඇතැයි පැවැසීය.

මේ පිළිබඳ ආසන්නතම සිද්ධිය පෙරේදා (19දා) වාර්තා වූ බවත්, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීව හූල්, එංගලන්තයේ සිට පැමිණ මීගමුවේ “ජෙට්වින් බ්ලූ” හෝටලයේ නිරෝධායනය වූ ඔහුගේ දියණිය එම හෝටලයේ නිරෝධායන කටයුතු නිමවීමෙන් පසු නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමු නොකර මැතිවරණ කොමිෂන් සභාවට කැඳවාගෙන පැමිණීමේ සිද්ධියක් මාධ්‍ය මඟින් හෙළිදරව් කර ඇති බවත් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දුන්නේය.

මෙවැනි ක්‍රියාවලට ඉඩ දීමෙන්, නිරෝධායනය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය පලුදු වන බැවින් එවැනි තත්ත්වයක් නිර්මාණය නොවීමට සෞඛ්‍ය බලධාරීන් වගබලාගත යුතුව ඇතැයි සඳහන් කළේය.

– mawbima

103,344 Viewers

64 Comments to “නිරෝධායනය කැඩූ හූල්-දියණිය අමාරුවේ.. විරුද්දව සෞඛ්‍ය ලොක්කන් පෙරට..”

  1. ලොකු කොටියෙක්...! says:

    නිරෝධායනය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය පලුදු වන බැවින
    සෞඛ්‍ය අංශවල නියෝගයන් නොතකමින් පාරේ ගිහින් අත්අඩංගුවට පත්වූ සියලු දෙනාට නිතිය ක්‍රියාත්මක වු ආකාරයටම ක්‍රියාකළ යුතුයි……!

  2. මෝ says:

    ආරක්ශක ලේකම් තුමනි.ඔබේ අවදානයට.මේ හුලා දෙමල ඩයස්පෝරාවේ නියෝජිතයෙක් බව පෙනේ.වෙනම කන්ඩායමක් දමා මූ සහ පව්ලේ උදවියගේ ක්‍රියාකාරකම් සොයා බලන්න.මූ සිංහල විරෝදියෙක් බව නම් පැහැදිලියි.

Main News