තොණ්ඩමන් රාජ්‍ය ගෞරව මැද අවසන් ගමන් යයි.. අවසන් ගෞරව දෙන්න විශාල පිරිසක්..

May 31, 2020 at 5:30 pm | lanka C news
තොණ්ඩමන් රාජ්‍ය ගෞරව මැද අවසන් ගමන් යයි.. අවසන් ගෞරව දෙන්න විශාල පිරිසක්..

අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහය අවසන් කටයුතු සදහා මේ වන විට නෝර්වුඩ්හි තොන්ඩමන් ක්‍රීඩාංගනය වෙත ගෙනවිත් ඇත.

ඒම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වී සිටියි.

ප්‍රදේශවාසී ජනතාවද විශාල පිරිසක් එහි පැමිණ සිටී.

පවතින නිරෝධායන නීති යටතේ සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇත්තේ පිරිස දෙසීයක් පමණක් ඊට සහභාගී කරවන ලෙසයි.


කදුකරයේ ජනතාවගේ සෝ සුසුම් මැද ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා අවසන් ගමන් යයි.

අභවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ , අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මැති ඇමතිවරුන්ගේ සෝ සුසුම් මැද (31) දින පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි අවසන් ගමන් ගියහ.

ඉකුත් 26 දින හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් තොණ්ඩමන් මහාතා තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරන විට අභවප්‍රාප්ත වි සිටිහ.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැනපත් කර තිබු අමාත්‍යවරයාගේ දේහය (31) දින පස්වරුවේ පැවැත් වු හින්දු චාරිත්‍ර වාත්වන් ගණනාවකින් පසු රිය පෙරහැරකින් නොර්වුඩ් ක්‍රිඩාංගණය වෙත රැගෙන එන ලදි.

(31) දින පනවා ඇති ඇදිරි නිතිය හමුවේ තොණ්ඩමන් මහතාගේ දේහය නොර්වුඩ් ක්‍රිඩාංගණය වෙත රැගෙන ගිය හැටන් නොර්වුඩ් ප්‍රධාන මාර්ගයට පිවිස සිටි වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින් තොණ්ඩමන් මහතාගේ දේහය තැනපත් කර තිබු විශේෂ රථයට පුෂ්ප උපහාර දක්වනු ලැබුහ.

අමාත්‍යවරයාගේ අවමංගල්‍යය කටයුතු වලට අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයන් , හිතවතුන් , අධාරකරුවන් , මැති ඇමතිවරුන්  200 ක පමණ පිරිසක් සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද සහ නිර්නායක වලට යටත්ව සහභාගි වි සිටිහ.

අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදු කරනු ලැබු නොර්වුඩ්  ක්‍රිඩාංගණයට මහ සංඝ රත්නය සහ අන් ආගමික පුජකවරුන් සහභාගි වි සිටි අතර තොණ්ඩමන් මහතාගේ දේහය රැගත් රිය පෙරහැර ගමන් ගත් කොටගල සිට නොර්වුඩ් දක්වා මාර්ගය දෙපස යුධ හමුදාව සහ පොලිසිය එකාබද්ධව දැඩි ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

390 views
Main News