ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා..- තිස්ස ජනනායක

June 6, 2020 at 10:00 am | lanka C news
ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා..- තිස්ස ජනනායක

ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

නමුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට නාම යෝජනා ලබා දෙද්දී පරණ දූෂිත අමන හොරු බහුතරයක් ඒ සඳහා නම් වී ඇති බවත් වියතුන් කැපී ඉවතට විසි වී ඇති බවත් ඔහු පවසයි.

තම සමාජජාල ගිණුමේ සටහනක් තබමින් පවසයි.

එම සම්පූර්ණ සම්පූර්ණ සටහන මෙහි දැක්වේ.

මගේ දේශපාලනය

මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා ‘මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ ” යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර “පච” වීමද එයට තවත් හේතුවකි.

නමුත් හිතවතුනි, නිහඬව බලා සිටින්න. සැකයෙන් මා දෙස බලන ඔබට කාලය විසින් යමක් අවබෝධ කර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,

-ප්‍රසිද්ධිය
-අභිමානය
-ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
-තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම

නමුත් ඉහත කිසිවක් මාගේ අවශ්‍යතාවයන් නොවේ. එය හොඳින්ම දන්නේ අවුරුදු විස්සකට අදික කාලයක් මගෙන් ඉගෙනගෙන සමාජගතවූ දරුවන් පමණි. Facebook මගින් හෝ youtube එකෙන් ඔබට මා නිවැරදිවම හඳුනා ගත නොහැක. එනිසා ඔබ මා ගැන “සැකයෙන්” බැලීම ගැන මා තුළ කණගාටුවක් නොමැත.

ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කළේ මහජනතාව වරින් වර නැවත නැවතත් රැවටීමයි.මම ද එලෙස රැවටුණු වාර අනන්තය. දේශපාලකයින්ට මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නැත.ටකරමක්, වැසිකිලි පෝච්චියක් , සහල් මල්ලක් බෙදා ඡන්ද කිරීමට නම් “දුප්පත්කම” අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එනිසා ඔවුන් රට සංවර්ධනය වනවාට කැමැත්තක් නැත.

මම මගේ පළමු ඡන්දය භාවිතා කලේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ 1994 වසරේ “මල් බඳුන” ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණටය. එතැන් සිට විවිධ බලාපොරොත්තු සහිතව විවිධ අවස්ථාවල පක්ෂයෙන් පක්ෂයට ඡන්දය මාරු කළෙමි. ඔබට වගේම මට ද ඇත්තේ මේ වංචනික දේශපාලනය ගැන කලකිරීමකි.

සමාජවාදී ක්‍රමවේදය මගින් රට ගොඩනැඟිය හැකි බව සලකා එය නියෝජනය කරන පක්ෂ වලට මාගේ නිවස පවා නොමිලේ කාර්යාලයක් ලෙස ලබා දුන්නෙමි. එහෙත් අද ඔවුන් පත් වී ඇති තත්වය පිළිබඳව සැලකූ විට ඒ ගැන ද ඇත්තේ කණගාටුවකි.
සිංහල ජාතිය, බෞද්ධකම මුල් කරගෙන බිහි වූ සුදු ඇඳුම් අඳින අය අපගේ පන්තියේ ගැලවුම් කරුවන් ලෙස සිතා කටයුතු කළ ද අද ඔවුන් නියෝජනය කරන තැන දුටු විට ඔබ සියලු දෙනා මා ගැන සිතන ආකාරය සාධාරණ බව මා දනිමි.

අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි වේයැයි සිතා ඔහුට සහයෝගය දැක්වූවෙමි.
නමුත් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සදහා පත් වී තිබුණු අතර “වියත්මග” තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට විසිවී තිබිනි.

මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු “පරිසර ඇමති” වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

– තිස්ස ජනනායක FB

121,105 Viewers

114 Comments to “ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා..- තිස්ස ජනනායක”

  1. Hesh says:

    අනිවාර්යෙන් ගෝටට චන්දෙ දුන්න පාවෙන චන්ද ගොඩක් නැති වෙනවා මේ පාර. කරන්න තිබුනේ වියතුන් පිරිසක් වෙනම මැතිවරණයට ඉදිරිපත් වෙලා චන්දෙන් පස්සේ ජනාධිපතිට සහය දක්වන එක.

    ගෝටා තමන්ගේ අයියා, මල්ලිකම් ගෙදර තියලා රට පාලනය කරන්න නොගත්තොත් 2025දී ආයෙත් විජාතික පිල බලය පැමිනීම වලක්වන්න බෑ.

    • අපි ඕක මද්‍ය්ස්ථව මෙහෙම හිතමු.
      ගෝටටත් ඕන ඇති වියතුන්ගේ පාර්ලිමේන්තුවක්.
      නමුත් මේ ජරා ජීරනය උන දේෂපාලකයොන්ට වෙන රස්සාවක් නෑනෙ පාර්ලිමේන්තු යනව, කොමිස් කුට්ටයක් ගහනවා ඇරෙන්න.

      ඉතින් උන්ටික හලලා වියතුන්ට විතරක් nomination දුන්නොත් උන්ගෙ රස්සාවට බඩේපාර ගැහුව කියල උන්ටිකම එකතුවෙලා
      ගෝටව එලවන්න යටිකූට්ටු ගේමක් ගහන්නටත් බැරිඋන් නෙවි.
      ඒ නිසා ගෝටාබය උනත් මේවෙලාවෙ දෙපැත්තම බේරගෙන මේ ගමන යන්න ඕනි.
      මේකත් හරියට දැලිපිහියෙන් කිරිකනව වගෙ වැඩක්.
      පොඩ්ඩක් වැරදුනොත් ගෝටාබය කියල උන් බලන්නෙ නෑ. බඩේපාර වැදුනොත් ජනාධිපතිටත් දෝෂාභියෝගයක් ගේනඑක උන්ට වැඩක් නෙවී.

      රටහදන එක අපිට වවටිනවා උනාට ජරා politicians ලට ඒව අදාලවෙන්නෑ.

      තිස්ස ජනනායකටත් නොතේරුන ටික තමයි ඕක.

      • Crazy says:

        Agreed. We cannot expect an over night change. Executive precedency has no power as before. He has to manage and survive with the support of traditional politicians. By looking at the measures Gota has taken so far I firmly believe we can count on him. But, understand the ground reality and be patient and don’t take the step back.

      • මට හිතෙන හැටි says:

        පුතිපත්තියක් විදියට දේශපාලකයෙකුව ඕනෙවට වඩා විශ්වාස කරන්න හොද නැහැ. සිංහල බෞද්ධයො හැටියට අපට පැවරිලා කියෙන එක වගකීමක් තියෙනව. ඒ වගකීම වෙන්නෙ මුළු ලෝකයේම යහපත වෙනුවෙන් අ වුරැදු 5000ක් බුදුදහම ආරක්ෂා කරන්න. තවත් 2500ක් තියෙනව. ඒ වගකීම හිතේ තියාගෙන බැලුවට පස්සෙ කරන්න ඕනෙ මොකක්ද කියල, ඒ එ් වෙලාවෙදි චන්දෙ දෙන්න ඕනෙ කාටද කියල තේරෙනව.

        • නිල්මිණි says:

          චන්ද දායකයා ඔයා හරි . අපි දන්නා පොහොට්ටුවේ දේශපාලකයෝ ඉන්නවා ඔවුන්ගේ පවුලේ අය පවා ගොටාබය එක්ක කිසිම කැමැත්තක් නෑ හේතුව ඔවුන්ට ඇමති කාර්ය මණ්ඩල වලට රින්ගාගන්න බැරිවෙන එක ,හොරකම නැතිවෙන එක .මේක ලෙහෙසි පාසු වැඩක් නෙවෙයි පාර්ලිමේන්තු ක්‍රමයේ මන්ත්‍රීලා කියන්නේ හොරු උනොත් රට ගොඩගැනීම බොරු .ගොටාභය මැතිතුමා වෙරදී ක්‍රියා වලට අනුබල නොදෙන නිසා මොවුන් ඔය සිරිසේන වගේ තව කෙනෙක් එක්ක එකතුවෙලා ගොටාභ්ය මහත්තයා ව පරද්දවන්න උනත් පුළුවන් .අන්න එනිසා මේ ගමන යන්න වෙන්නේ පරිස්සමින් දැන් බලන්න දේශපාලකයන්ගේන් බහුතරයක් හොරු සහ දුශිතයෝ .තඹ සුජියා ,හයිවේ කිරි ඇල්ල ,අජිත් පෙරේරලා ,රවියලා ,හරින්ලා ,මංගලලා ,රිෂාඩ් බද්යුද්දීන්ලා ,ඩිෆෙන්ඩර් හිරුනිකාලා ,අනුර කුමාරලා චම්පික රණවකලා මුන් ඔක්කොම දුශිතයෝ

      • Boo says:

        ඔබ හරි, මෙච්චර ආගාධෙකට වැටිලා තියෙන රට හරිම ප්රවේසමෙන් සහ සෙමෙන් හරි මගට ගත යුතුයි. තදියමේ ගියොත් අවදානම වැඩියි. ජරාජීර්න වූ මනසක් ඇති සම්පූර්ණ පරම්පරාවක්ම වෙනස් කල යුතුව තිබෙනවා. ඒ සදහා කාලය අවශ්‍යයි , කාලය සදහා රජය පැවැතිය යුතුයි. රජය පැවතීම සදහා පවතින මානසිකත්වයත් ටික ප්රමානයකට භාවිතා කරන්න වෙනවා. එහෙම යන ගමන් පවතින මානසිකත්වය ක්රමයෙන් වෙනස් කරන්න වෙනවා. එහෙම නැතුව කරනවානම් කරන්න වෙන්නෙ චන්ද සියල්ල අවලංගු කර ඉතා දරැනු ලෙස ඉක්මනට රට හැදීමයි. ඒක චන්ද එක්ක කරන්න බෑ. ඒකට කවුද කැමති?

      • NAK says:

        Dear Tissa sir,
        We can surely understand your disappointment but please don’t be hasty I’m sure you have heard the saying “slow and steady “wins the race.
        Our country is in a very precarious situation right now and steering it away from danger is a difficult job and it is not a thing that can be done in a hurry.
        Be patient all the undesirables will be sidelined in time. Prez. Gotabhaya will make it happen i’m sure.

      • catseye says:

        ගොටාබයව බේරගන්න ඕන හින්ද අර හොරු ටිකව පත්කර ගන්න ඕන කියලද ඔය කියන්නේ …….අනේ කාලේ වනේ වාසේ කිව්වලු ….මරු ලොජික්

    • ජනක says:

      ජනනායක මැතිතුමනි ඔබ ඉතාම ප්‍රබුද්ධව දේශීයත්වය මුල්කරගෙන අපේ අනාගත පරපුර දැනුවත් කරන වීඩියෝ නරබා ආනන්දයට පත්වෙමි එසේම ඔබ දේශීයව ඇති දැනුම ප්‍රධාන ධාරාවට එක්කරගැනීමට තනිවම කරන විශිෂ්ට සටන ඉතාමත් අගය කරමි .ඔබ මෙන්ම අපද ගොටාභ්ය මැතිතුමාට අප චන්දය ලබාදුන්නේ රටේ විශාල වෙනසක් දැකීමේ බලාපොරොත්තුවෙනි .
      නමුත් එවැනි වෙනස්කමක් පවතින මහජන චන්ද පදනම් කරගෙන /දේශපාලකයන් සමග ඇතිකිරීම එක රැයකින් කිරීමට නොහැකි බවත් ඒ සඳහා දේශපාලකයන්ගේ මෙන්ම ජනතාවගේ සිතුම් පැතුම්වල වෙනසක් ඇතිවිය යුතු බවත් ඒ සදහා ඉතාම ක්‍රමිකව පියවරෙන් පියවර ඉදිරියට යායුතු බවත් අවබෝද කරගැනීමේ ප්‍රබුද්ද බාවය හා නුවන ඔබතුමාට ඇතිබව මා දනිමි

      සමාජයේ පවතින “භුමියේ යතාර්ථය” නොදනිම නිසා ඇතිවී ඇති “විශාල වෙනසක හදිසිය “නිසාවෙන් ඔබේ නම රැකගැනීමට මෙවැනි ප්‍රකාශ කිරීමට වඩා ඔබ රට වෙනුවෙන් කලයුත්තේ ජනතාවට මෙය පියවරෙන් පියවර ඉදිරියට යායුතු විප්ලවයක් බව කරුණු කාරනා ඇතිව පෙන්වාදීමයි .පවතින දේශපාලන සම්ප්‍රදායට හා මුහුණු වලින් ඔබ්බට යාම එක තීරණයකින් තනි පුද්ගලයකුට සිදුකල හැකි දෙයක් නොවේ මේ රන්ජන් රාමනායක ,මර්වින් සිල්වා ,රාජිත වැනි විෂම පුද්ගලයන් අධි මනාප සන්ක්යාවකින් ජයග්‍රහණය කල රටක් බව සිහිපත් කරමි
      ගොටාභය මැතිතුමා ජනපති වීමත් සමග රටේ දේශපාලනයේ පැහැදිලි වෙනසක් කිරීම සඳහා ඒහි පළමු පියවර ගන්නා ලදී නමුත් අප ඉදිරියේ ජනතවගේ චන්දය ඇත දශක ගණනාවක් පුරා පැවතීගෙන ආ සියලුම අහිතකර තත්වයන් එක රයකින් නැතිකළ නොහැක .අද දවසේ අපගේ යුතුකම මෙවැනි ප්‍රකාශ මගින් විජාතික දේශද්‍රෝහින්ට බලය ලබාදීම නොව ගොටාභ්ය ජනපතිතුමාට තම උපරිම දක්ෂතවයන්ගෙන් වැඩකිරීමට හැකිවන සේ 2/3 පාර්ල්මිමේන්තු බලයක් ලබාදීමයි එවිට අපි අපේක්ෂා කරන පැහැදිලි වෙනස ඇතිකරගැනීමට වැඩිකාලයක් ගත නොවනු ඇත .නමුත් අපි 2/3 බලය ලබානොදුනහොත් නැවත පැරණි දේශපාලන සෙල්ලම් වලට අවතීරණය වීමට සිදුවීම මගින් රට යලි අගාධයට යනු ඇත .එනිසා ඔබෙත් මගෙත් දේශප්‍රේමී අප සියලු දෙනාගේත් යුතුකම අපට හැකි සෑම ආකාරයකින්ම දේශප්‍රේමින් දැනුවත් කර ගොටාභය මැතිතුමාට නොව අප වෙනුවෙන් රජයට 2/3 බලයක් ලබාදීමයි .වෙනස ගොටාබය ජනපතිතුමා සිදුකරන බව ඉර හද සේ විස්වාසයි

      • We are Lions says:

        Thank you for your understanding and explanation…rome is not made in one day?
        Todays generation want quick changes, you have to look at all the directions, this needs time?
        So wait and see.

      • Rata Wenuwen says:

        @ ගුජනක, මෙන්න ඇවිත් තිස්ස සර් ටත් නරිවාදන් දෙන පොට්ටුවේ කශල සොදකයෙක්..තොපිලා වගේ මොලේ නැති වහල්ලු නිසා තමයි ඒ වගේ වැදගත් මිනිස්සු ටත් දේශපාලනේ කලකිරිලා තියෙන්නේ. කොහෙද කියහන්කෝ තොගේ ස’ ගේ වැඩපිළිවල සාර්ථක උනේ. මේ මාස හයට මෙහෙම නම් තම තුනෙන් දෙක දුන්නොත් මුන් කොහොම හිටීද . පලයන් නිකන් මෙතන ණයට කරන්නේ නැතුව.

        • නිසංසල says:

          මෙන්න සජිත් පුතානොගේ මංගල මඩ බලකායේ එකෙක්ට යකා නැගලා .පවු බන් උඹලා උගත් කෙනෙක් වැදගත් විදියට හරි දේ ලිව්වම ඔච්චර තරහ යන්නේ උම්බට ඒ මට්ටම කවදාවත් එන්න බැරි නිසාද ?බලපං උඹේ බාසාව .අයි බන් මෝඩයෝ ගොටාභ්ය මහත්තය ඇවිල්ලා වැඩ පටන් අරගෙන උඹේ ඔය මෝඩ කටින් මෝඩ කතා කියන්නත් ඒවා ලියන්නත් උඹට ජීවත්වීමේ අයිතිය දුන්නා මදිද ?උඹ අද ඇමෙරිකාවේ හිටියානම් මැරෙන්න උනත් තිබුනා නේද ?දැන් උඹලගේ පුතානෝ මේ වෙලාවේ හිටියනම් උඹ ගානට ප්ලකනිල් ගහලා මෙලකට පෙනහළු ඉදිමිලා මැරිලා නේද ?

        • ජෙප්පන්ගේ තුන ගලවමු says:

          වෙන අනන් මනං මගුල් ඔනෙ නැහැ. උඹ කියපන් බලන්න එන ඡන්දෙදි අපි කාටද රට හදා ගන්න නම් ඡන්දෙ දෙන්න ඔනෙ කියල. ඊට පස්සෙ උඹට උත්තර දෙන්නං.

          මට නං හිතෙන්නෙ උඹ හරක් හුජ්ජ ගහල පුංච් අම්මට කෙලින ලප ජඩයගෙ ජඩ ජෙප්පෙක් කියල. එහෙම නෙවෙයි නං ඒකත් කියල කාට චන්දෙ දීලද රට හදන්න පුළුවං කියල කියපිය.එතකොට බලාගමු.

        • Alapaluwa says:

          උබේ කටේ නරිවාදම නමුත් තවම උබට කියලා හරිහමං නමක් සොයාගන්න බැරිව ආනුගේ නම්වලින් ලියනවා මෙතන එකෙන්ම නොපෙනේද තොපිළාගේ නොහැකියාවේ තරම.ප්‍රටහමයෙන් තෝ අවජාතකයා සොයාගනින් තොටම හරියන අවජාතක නමක් මෙතන කොටන්න ඉස්සෙල්ලා.එයට පසු ලියන්න තිබෙන තොපේ මවුභස වන අවජාතක භාෂාවවෙන් ලියපං එයට අපිට කමක් නැහැ අනුන්ගේ නම්වලින් නැතිව.මට තේරෙන්නේ නැහැ තොට තිබෙන ගාය කුමක්ක්ද කියා අවජතකයා!!

          • Ruwan Weeramuni says:

            Alapaluwa, දාන ගනින් මම මෙතන ලියන්න්නේ ඇත්ත විතරයි. මගේ උඹලගේ වගේ බොරු ෂෝ නැහැ. මේක මගේ නම. උඹලා වගේ නුගත් ලුම්පන්න වහල්ලු නිසා මේ රටේ විනය හදන්න බැරි එකට අපි පලී නෑ. මොට්ට කම නිසා ඕන එකකට කඩේ යනවා අසූචි ලොරි ගානේ කාල

      • Trotsky says:

        ජනක, You said it very well Sir. Anyone with commonsense can understand the value of what you wrote. Of course, the treacherous idiots will insult you through their comments. I have no doubt Tissa J will also understand. He is currently frustrated but he will do the right thing.

    • මමත් යහපාලනය බලයට පැමිනිය දවසේ සිට ඊට එරෙහිව අදහස් ප්‍රකාශකලා ගොටා ජනාධිපත් වීමගැන සිහින මැවුවා ඒ ඇතිවුනු වෙිදනාවට යහපාලනය පරාජය වීම ගොඨා ජනපතිවීම ගැන ගොඩක් සතුටු වුනා ඒත් ඔහුවටකරගෙන සිටින දේශපාලන කපටින් නිසා දුක්වෙනවා ඔහුට ඒක හරිටය කරන්න දෙන්නෙ නැහැ චමල් අයියා මහින්ද අයියා නාමල්පුතා ජනධිපතිතුමාට සහාය ලබා නුදුන්නොත් රාජපක්ෂලා ජනතාවට එපා වෙන්න පුලුවන් වියත්මගට සලකන්න මනමාලී බාර අරගෙන නෑදෑ පරපුරට නොසකා හැරියොත් ඒකේ විපාකයටත් වින්දවන්න වෙයි දවසක

    • B4 UNP now Gota says:

      Yes. Fully agreed.

    • Gu VP, NP says:

      Vijathika balawega kiwwe Ranil la neda. oya ayemath anduwa ekkama negitinna hadanne.

    • Saji says:

      tharunayan gatabaya kerehi viswasayaehema jananayake titanawanam thebuwe jananayaketa pamanak ehum kan deela newei. jananayakath upul sannasgala wage moda pissek wenta epa. sannasgala den katakarana heti buddimath tharunayanta wetehenawa.

      • Saji says:

        tharunayan gatabaya kerehi viswasaya thebuwe jananayaketa pamanak ehum kan deela newei. jananayakath upul sannasgala wage moda pissek wenta epa. sannasgala den katakarana heti buddimath tharunayanta wetehenawa. prayogika desapalanaya thapas rakinawa wage deyak newei. okkota issarawela jananayake modayo, psychiatrist kenek channel karala behetak ganin. sannasgala a wede thavama karala nae.

    • n.s fasions kurunegala says:

      this has to be done gradulally tissa not overnight – you one of the voters – chose an educated one – it take at lest another one or two elections to achive this – but there are educated in the list

  2. නමනවතී says:

    මල්ලි ඔබ මතු නොව පුරා වසර 32 කට අධික කාලයක් මහින්දලා ඇතුලු නඩය බලයේ තබමින් රට ගොඩ දා ගන්නට දර දිය ඇද්ද මා ද ඔතැනමය.

  3. Rajinda says:

    1000000%%% agreed on your great ideas.!

  4. Pork says:

    මොහු ඉතා ඉක්මනට දේශද්‍රෝහියෙක් වෙන අතර n.g.o ඩොලර් කාක්කන්ට රට පාවාදෙන එකෙකි…….( බයි ලොජික් ඇසුරෙනි)…

    • kawinda says:

      munnehe denda denagaththe naama yojana list eke inne parana kattiyama bawa..? pudumai. eth mhaththayo… janaadhipathi waranayedi kauda pitiyata behela weda keruwe..? hema denaama chanda padanamak goda nagaa gaththu pirisaak neda..? obata nomination nolebee yaama wenama prashnayak. namuth naama yojana list eka hadaddee Mahinda, Basil prabala lesa mulika una noweida..? Gotabhaya methithumaata naama yojana gaththe kauda kiyana eka adaala nehe. ethumata uwamana moka ho thama prapaththi maalaawa anuwa mahansiyen weda karana pirisakui. ada balannko.. ethumaage parathipaththi walata hema methi emathiwaru pamanak nowei Mahinda pawaa awanatha wela noweida..? rata hadana naayakaya Gotaabhaya pamanai. wena kenek nehe. orata kalakirenna hethuwak nehe. kalakirunath Gotabhayata kamak nehe.

    • damian says:

      දැන් ඉතින් මහ ඉහලින් හිතන් ඉන්න ජනනායක නැතුව ගෝඨා ඉවරයි.

  5. යොවුන් රාණි says:

    ඔබතුමාට ප්‍රමාද වී හෝ ඇත්ත තේරුම් ගිය එක ගැන සතුටු වෙනවා. ඇත්තෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්න ඕන නිසාද නැත්නම් තමන් ගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන නිසා ඔය වියත්මාග ට ජැක් ගැහුවද දන්නේ නම් නැහැ. හැබැයි ඉතින් ඔය අසූචි කරත්තෙට ගොඩ නොවී කොන්ද කෙලින් තියං කතා කරන්න පුළුවන් වෙච්ච එක ගැන සන්තෝෂ වෙන්න. මහින්ද කියන්නේ ඔයාලා වගේ ටියුෂන් ගුරාලට ත් වඩා මහාචාර්ය පොරවල් වත් අන්දලා කඩේ යවලා වැඩේ අරන් දොට්ට දාපු නියම ගං කබරයෙක්. ඒක තමා මහත්තයෝ ලංකවේ දේශපාලන ව්‍යාපාරයේ නියම පැතිකඩ.
    සිරිසේන එනකොට මොකද කිව්වෙ..යන්කොට මොකෝ උනේ.? ,😆
    ඒ වගේමයි ගෝටා එනකොට මොකෝ කිව්වේ..දැන් මොකෝ වෙලා තියෙන්නේ.?🙄

    • එතකොට යොවුන් රාණී, මහින්ද ,ගෝටා, හිටං වගේම රනිල්, අනුර, රවී, කිරිඇල්ල ගැනත් කොන්ද කෙලින් තියං comment කරපං කො.

    • නුවන් අයියා says:

      තාම ගෝටා ආවා විතරයි එකෙනුත් මාස තුනක් කොරෝනා සමග හැප්පෙන්න සිදුවුනා අද අපි හැම ජිවත් වෙනවා එනිසා පලමුව එකේ ගවුරවය එතුමාට දෙන්න ඒවගේම තවම දේශපාලනිකව රට ස්ථාවර නෑ කොමිසම් වල සිටින්නේ එජාප රජය පත්කරපු එන්ජිඕ කාරයෝ ජනපතිතුමාට 19 මගින් බලය සිමා කරලා එනිසා අපේ පරම යුතුකම රජයට 2/3 බලයක් ලබාදීම

      • අපි නොදන්නා සමහර උගත්තු says:

        රටේ උගතුන්ව අමාත්‍යංශ වල ඉහල තනතුරු වලට බඳවා ගත්ත නමුත් මේ උගතුන් අතර සමහරු ඇත්තටම රට ගැන වඩා තමන් ගැන හිතන අය හැටියට ප්‍රසිද්ද අය .හොරකම් කිරීම නොවෙයි නමුත් තමා රටට වඩා ලොකුයි එනිසා මට පිළිගනිම ඕනා කියල හිතන අය .මේවගේ අය පොඩි අතපසුවීමකින් පවා හිත වෙනස් කරගන්නා අය උදාහරණයකට කියනවානම් හිතන්න මෙහෙම බන්දවගත්ත උසස් නිලධාරියෙක්ට ලඟදි පිට රට ඉදන් ආපු රටට හරිම ආදරේ එනිසාම මෙහෙට වැඩ කරන්න ආපු කෙනෙක් එක්ක වැඩකරන්න උනා ඉතින් මේ අලුත් කෙනාටත් පිළිගැනීමක් තියෙන එක මේ පැරණි කෙනාට රුස්සන්නේ නෑ බැරි වෙලාවත් දේශපාලන නායකත්වය අර රට ඉඳන් ආව කෙනාට යම් කිසි නිලයක් දුන්නොත් එයා ඒ වැඩේට දක්ෂ නිසා පළමුවෙනි කෙනා වෙනුවට වැඩේ ඉවරයි .අර දේශප්‍රේමයට වඩා ඔන්න මෙයාගේ ආඩම්බරය ඉහට ගහනවා .ඔන්න ඉතින් යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ ප්‍රවුර්ති සාකච්චාවකුත් තියාගෙනම යනවා .මේක තමයි මේ රටේ මිනිසුන්ට තියෙන ලෙඩේ .තමුන්ගේ ආඩම්බරය වැඩියි .රට නෙවෙයි මොකක් උනත් වැඩක් නෑ. එදා ලෝකේ මිනිසුන්ට මෙහෙම මානසික ලෙඩක් තිබුනේ නෑ .

      • vishnu says:

        එක නම් ඇත්ත මුන් හිතා ඉන්නෙ මුන්
        තමයි පොරවල් කියල. ගොටභයට ලැබෙන
        චන්ද ප්‍රමාණය වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ
        අනික මේකෙ විවිද නම් වලින් ලියන එවුන් 3%
        හෝ unp එකෙක් හෝ දෙන්නෙක්.මේකෙ මුල
        ඉඳලම බලන කෙනෙක් විධිහට alapaluwa නම්
        (හොර alapaluwa නෙවෙයි )හිටය.3%ඒවුන්
        මේකට රිංගල මේක නැතිකරල තියෙන්නෙ

    • Alapaluwa says:

      ඔවු අපි එහෙම වුවහොත් JVP එකට දෙමුනේද? උන් හොඳයිනේ ,කිසිම හොරකමක්,, නැති රටට ආදරය ඇති රටගැන සිතන රටෙදෙවල් අගයන, ජනතාව ගැන සිතන, බුධුධාම අරක්ෂා කරණ,, මිනිසුන් උසිනොගස්වන ඇත්තවෙනුවෙන් කථා කරණ, හොරුන්ව අල්ලන, හොරුවෙනුවෙන් පෙනීසිටින,.නිසා අපි කොහොම හරි අනුරකුමාර ඇතුළු නඩය පතකරගමු නේද රාණියේ!!

      • Rata Wenuwen says:

        උඹලා වගේ නුගත් ලුම්පන්න වහල්ලු නිසා මේ රටේ විනය හදන්න බැරි. තියන මොට්ට කම නිසා ඕන එකකට කඩේ යනවා ජරාව කාල.

  6. ගමරාල says:

    ගෝටා තමන්ගේ අයියා, මල්ලිකම් ගෙදර තියලා රට පාලනය කරන්න නොගත්තොත් 2025දී ආයෙත් විජාතික පිල බලය පැමිනීම වලක්වන්න බෑ.

  7. සමනලයා says:

    හමුදා පාලනයකින් තොරව කවදාවත් මේ රට හදන්න බෑ.

    • catseye says:

      ane pala buruwo yanna………me loke hamuda palanayak ona kiyala illana buru miharak amana awajathaka un inna ekama rata lankawa wenna athi…….ehema illana amanayo umbala witharamayi wenna athi……

    • Janaka from Matara says:

      සමනලයෙකි ඔබ, ඇමීබාවෙකුගේ මොලයක් සහිත​.

  8. Agbo says:

    වියත් මගෙත් ඇති වියතෙක් නැහැ. ඉන්නෙ ඔය බොරු කයිවාරු කෙලින එවුන් ටිකක් පමණයි. සීතා අර⁣ඹේපොල, චරිත හේරත්, නාලක ගොඩහේවා වැඩ කෝ.

  9. Oba Hari nama yojana deela tiyenne parana pal horunta. Ugathkama adu harakunta.mahajana salliwalin beheth gatta keheliya wage thakkadinta. Ata pass bkarayanta munta eka chandayawath denna epoooooppo

  10. නිරීක්ෂකයා says:

    තිස්සට නාම යෝජනා ලැබී, පාර්ලිමේන්තුගොස්, ඇමතිවරයෙක් වූදාට වුනත් මේ වගේ අපි දන්න තාලේ විවේචනයන් කර පොහොට්ටුවෙන් ඉවත් වීමට ඉඩ තිබ්බා. සමහර විට මෙවර නාම යෝජනා නොලැබුනේ ඔබ යමෙකුට හෝ යම් තැනකදී කියූ අනවශ්‍ය රැඩිකල් කතාවක් නිසා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඝෝඨාභය සමග පරිපාලන ව්‍යුහයේ සිටිය යුත්තේ මේ රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන්දුන් යුධ හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදා සෙන්පතිවරුන් පමණයි. එහෙම නොවුනොත් ඝෝඨාභයටත් අබ සරණ තමයි.
    – අපි නොදන්න ලයිව් 🙂

    • ExUNPer V says:

      ඔව්. තිස්ස යනු වෙනම ඇජෙන් ඩා එකක යන කෙනෙකු බව පැහැදිලියි. ලාමක අයව ගොනාට අන් දගෙන ඉහල ට ආ නමුත් රිලයබල් නැති කපටි මූණෙක්.

  11. Sunil Dahanayake says:

    This is exactly correct . I also supported the Gotabya, Professional Manager. I thought that we can develop and rehabilitate Sri Lanka. The problem is not GR . But his brothers , they put all their relatives and lackeys in the nomination list. These lackey do not have any kind of skills but know how to tak in the stages.

  12. vishnu says:

    මොකක්ද ගෝඨා වෙනුවෙන් කලේ
    3%එකෙක් වගේනම් හොඳටම පේනව

  13. Dikman Aiyya says:

    …..why people cry so much like this????…Rata Hadanna????…..Babbuwa thamaaa,…oya inne kastiya Athana Methana Ratana,..PaCHa,…Reamember Nagaaaa,….Boru hilawal….This fellow also crying so hard for the same reason that he has listed in his FB post,….Boru Hilawal….

  14. Oba Hari nama yojana deela tiyenne parana pal horunta. Ugathkama adu harakunta.mahajana salliwalin beheth gatta keheliya wage thakkadinta. Ata pass bkarayanta munta eka chandayawath denna epoooooppo

  15. Kgs basnayake says:

    S M chandrasena needs to be investigated about 100acre land donation to pvt company for mango cultivation. This lands is a reserved land.
    SM chandrasena is a fishy character and gotabaya shall be careful.
    He has created many controversies (i e sand mining permits)

  16. Kgs basnayake says:

    Gotabaya shall check this matter and talk to tessa gajanayake.

  17. දියරකුස් says:

    ගෝටාභයට චන්දෙ දීල කලකිරිලා ඉන්නෙ”. යැයි කියන එවුන් චන්දය දුන්නු එවුන් නොවේ..චන්දය දුන් කිසිවෙකු කලකිරී නැත.කලකිරී ඇති අය බදුර්දීන් ඇතුලු පාස්කු බෝම්බ කරුවන් වන සජිත් රනිල් අනුර වැනි කල්කතෝනින්ට චන්දය දුන්නාට කම් නැත.සිංහල මිත්‍රවරුනි මෙවරත් ගෝටාභය මහතාට චන්දය දෙන්න.

    • ඊරි යකා ගේ ගෑනි says:

      ඔව් ඔව් ගෝටා චන්දෙ අරන් දැන් ගොඩක් කල්. ඊළඟ ඉල්ලන්නේ අය්යටනේ . එකත් දුන්න කියමුකෝ. ඊට පස්සේ MCC ගිවිසුම අත්සන් කරලා, තව රටේ වටිනා කියන කිහිපයක් චීනෙට ලියලා දීපු දවසට…මොකෝ ගහපු කතිරේ ආපහු ගන්නද ? එතකොට ඉතින් අත කපාගෙන අරලිය ගහ ගාවට ගිහින් නැට්ට කෙලින් කරන් බෙරිහන් දියන් .

      • ජෙප්පන්ගේ තුන ගලවමු says:

        හරි කියපං එහෙනමි රට හදන්න එන චන්දෙදි කාටද චන්දෙ දෙන්න ඕනෙ කියල.

        පුංච් අම්මට කෙලින තොපි ඒක කියන් නැහැ. මොකද කියපු ගමන් තොපේ අම්මලට ලව දෙව නැතිව කිමුහුං යන හින්ද.

        • Anura Gunarathne says:

          සල්ලි වලට තමන්ගේ ආත්ම ගරුත්වය විකුණන උඹලා වගේ එවුන් එක්ක මොන දේශපාලනේද ?

          • ජෙප්පන්ගේ තුන ගලවමු says:

            අපිත්තො එක්ක දේශපාලනයක් කරන්න තොපි ඉතුරු වෙන්නෙ නැහැ. තොපේ 3% හරක් හුජ්ජ ගහල පුංච් අම්මට කෙලින දෙශපාලනේ කොහොමත් එන ඡන්දෙන් පස්සෙ ඉවරයි. දැං ඉතින් අවසන් කාලෙ පිනක් දහමක් කරගන්න බලපං

          • අනුර ගුණරත්නගෙ අම්මා says:

            නෙදකිං..හච්ං…මේ කාලකන්නිය..හච්ං…උගේ පක්ෂ බඩකඩිත්තුවෙ හචිං.. හොද කියන්න හච්ං.. කොහෙදි හරි කට ඇරල අැති. හචිං.. හචිං .. හචිං …

    • Asa says:

      සහතික ඇත්ත …

    • vishnu says:

      එකනම් ඇත්ත.ඔය තිස්ස කියන හාල්පාරුවටත් ටිකක්
      ඉවසන්න තිබුන.මුන් හිතන් ඉන්නෙ මුන් හින්ද තමයි
      ගොඨ දිනුවෙ කියල

      • vishnu ge gal kolla says:

        තිස්ස සර් ව විවේචනය කරන්න උඹ මොන පොන්සියෙක්ද ? ගිහින් ජාධිපති මන්දිරේ ඉස්සරහ දෙකට නැමිලා රෙද්ද උස්සන් හිටපන්. හරි එකට හරි කියපන් වැරදි නම් කොන්ද කෙලින් තියන් විවේචනය කරපන්, නැතුව කරන හැම මගුලටම යස් සර් රෙස්පෙක්ට් සර් කියලා පුප දෙන්නේ නැතුව. උඹලා වගේ නුගත් වහල්ලු නිසා තමා මේ රටට කෙල උනේ ඉස්සරහට කෙල වෙන්නෙත් .

  18. roshan says:

    News බලන එකට වඩා ආතල් ගොබ්බයන්ගේ comment බලන එක

    • නුවන් says:

      අනිවාර්යෙන් මචන් UNP/සජියජලනි ගොබ්බයො හිතාගෙන ඉන්නේ දැන් ඉති න් වැඩේ හරි ගොටාගේ චන්ද ඔක්කොම අපේ සජියාගේ ඔඩොක්කුවේ කියල

      • 18 කනුව says:

        වියත්මඟ නොවේ නියම උගතුන් පිරිලා ඉන්නේ 8 පාස් නෝ කැපෑසිටි පෑඩ් මෑන් තුමාගේ මහා බලවේගයේය. මහාචාර්ය පකනිල් තුමා ඒ උගතුන් අතර මහා වෘක්‍ෂයකි. පෝස්ටර් මගින් රට පරතෙරටම සංවර්ධන කිරීමට දක්ෂ, ගෙවල් වල ඉදිරිපස බිත්තිය පමණක් ජනෙල් දොරවල් සමඟ ඉදිකර වාර්තා තැබූ, රටේ ආර්ථිකය දියුණුකරන්න මුදල් අච්චුගහන මැසිමක් හිමි, පුරාවස්තු මගින් ධනය උපයීම පිළිබඳව අත්දැකීම් සම්භාරයක් ඇති එතුමාහට රට භාරදී අපි පස් යට වැලලෙමු. ජයවේවා.

  19. Gamini Madbura Arachchi says:

    Mr. Jananayaka, I also agree with you. Please bring this message to the society. I am with you in this matter.

  20. malee says:

    මට මතකයි ඉස්සර බන්දුල ගුනවර්දනත් ඔහොම කතා කිව්වාඅසුවෙ දශකයේ අග

  21. cw says:

    Dear Tissa, A a true sri Lankan, I beg you not to wash the dirty clothes in public. I you have any issues, please raise them with relevant authorities. You can’t please all the people all the time.

    • cw says:

      Dear Tissa, As a true Sri Lankan, I beg you not to wash the dirty clothes in public. I you have any issues, please raise them with relevant authorities. You can’t please all the people all the time.

  22. Aurora says:

    එකපාරම 100% ප්‍රථිපල බලාපොරොත්තුවීම යථාර්තවාදී නොවේ. පැරැණි අපතයෝ සෙට් එක පත්කරලා එව්වේ මහජනතාවයි. නමුත් මෙවර උගත් බුද්ධිමත් වෘතිකයන් 25 දෙනෙක් පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත්වෙලා ඉඳීමම ජයග්‍රහණයක්. ජනතාවගේ යුතුකම සහ වගකීම පෝස්ටර් කාරයෝ, කප්පම් කාරයෝ, කුඩුකාරයෝ, කසිප්පු කාරයෝ, හොරු සහ මංකොල්ලකාරයෝ, පගකාරයෝ මනාප ලැයිස්තුවල පහලටම දැමීමයි. ඒ සඳහා තිස්ස ජනනායක මැතිතුමාට විශාල මෙහෙයක් කරන්න පුළුවන්. අපිත් LCN හරහා මේ කරන්නේ අපේ ජාතික යුතුකමයි. පසුබට වෙන්න එපා. දැනටමත් බිම් මට්ටමේ ලොකු පිබිදීමක් තියනවා පැරැණි දුෂිත කාලකන්නින්ට එරෙහිව.

  23. හික් හිහි හි හි says:

    රාජපක්ෂලා ගේ හැටි දන්නේ නැති බූරුවෙක්

    • Asa says:

      හොඳයි එහෙනන් රාජපක්ෂ පන්නලා සජිත් උතුමන්ට චන්දය්ස් දෙමු ..

  24. sunimal says:

    වසර 70 ක් මේ පරණ කසිකබල් අය රට නය කෙරුවා පමණයි උන්ටික පෝසත් උනා පමණයි මෙය නිවැරදි කල යුතුය 100/200ක් තිස්ස ජනනායක
    සර් ගේ කීම පිලිගනිමි ඔබට ජය බුදු සරණයි ජනාදිපති තුමා මේ ගැන සිත යොමුකලොත් හොදා.

  25. Ajith g says:

    Mokada rathana hamuduruwo wage naama yojana balaporoththuwen idala lebuna nedda neththam danawa kiyala dunna nedda dusithayo awana aka nethi aka mahajanathawage wedak api bala idimau mokada wanna kiyala

  26. Sena says:

    Correct. Except for men like Ramesh Paythisrsna and Dinesh all others should go. They are utterly useless and irrelevant to be ministers

  27. Heman says:

    Be patient a bit.gota wadelassanata arai.ohuta ekawarama eya kala nohaki . E nisa iwasanna.

  28. Lol says:

    අපිත් oya godemai. Parana deshapalkayantama chande denne naha. Danna ewunta kiyanneth epa kiyala. Karanna deyak naha gotata wunath apita one widiyata aluth ugath kattiyak danna barinam. Anika serama hamudawe ayatamath denna kamathi naha.

  29. suren says:

    වියත් මග අපේක්ෂකයන්ට පමණක් ම චන්දය දීම සුදුසුය , අනෙක් පරණ, දූෂිත ,අමන හොරුන් අතු ගා දැමිය යුතුය

  30. Jagath says:

    ඔබතුමා දේශද්‍රෝහීයෙක් වීමට නියමිතයි.

  31. Asela says:

    Enakota hama ekaama enne walige wanaagena thamayi passene hati penne….!!! Gotabaya ganath ithin echcharayi aawa gaman aiiyata agamathikama dunna….!!! Ara hora basilata rate economic eka dunna …? Thanikarama pawul vadayak. Yanne e bawa danagenath thaamath nayata kahin hingana ralak innawaa…!!! Eka thamayi me comments walin apita penne….!!!

  32. Iranganie says:

    Gajanayaaka Mathiduni,
    We have got be patient. I think Gota will select who ever he wants into Ministries as how he controlled Covid-19.
    I’m sure Gota will not a leader who will listen to all of these Hora Kana Desapalakayo.
    I think we have to be patient and help Pohottuwa to achieve 2/3 majority and win.
    Gota will help to change the constitution and make a better Sri Lanka.
    Theruwan Saranai Ape Ratata.
    We love watching your videos.. we want many people like you to help our country..

  33. sisira says:

    parlimentuwa kiyanne niyojitayin inna tenak… etenta wiswa vidyaleka wage acharya mahacharya waru idala hari yanne ne…kula janawarga gam nagara adi wasin wage hema sitiya utuyi…eniya ugatun karanne tamange denuma wikinemayi..

  34. 77 UNP says:

    UNP, JVTP, TNA, NGO කාලකන්නින්ට මේ රටේ ජනාධිපතිවරණයක් කිසිදා දිනන්න බැරි බව උන් දන්නා නිසයි 19 ව්‍යවස්ථා සංශෝධනේ ගෙනාවේ. යහපාලන කාලකන්ණි 19 ව්‍යවස්ථා සංශෝධනෙන් අඩුකරලා තියන ජනාධිපති බලතල නැවතත් ස්ථාපිත කල යුතුයි. ඒක අත්‍යවශ්‍යයි රට ගොඩ නගන්න සහ ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යට නොවෙන්න. ඒ නිසා 2020 පාර්ලිමේන්තු චන්දෙ ඉතා වැදගත් සහ 2/3 රජයට ලබාදිය යුතුයි.

  35. දේශප්‍රේමී says:

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට .ලබන සැරේ අපි දෙනවා බැටේ.☎☎☎

  36. ප්‍රේමනාත් says:

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට .ලබන සැරේ අපි දෙනවා බැටේ.☎☎☎

  37. mali says:

    we do not need degree holders in the parliament.we need patriotic people who can sacrifise for the well being of srilanka buddhism and our ancient heritage.We sent those educated earlier like rathana, champika ,warnasri, Jayampathi, etc. we wasted our vote they became ‘deshadrohin’ for their personal benefits. we do not need another bunch of same so called educated leeches.

  38. mali says:

    people have the choice you should educate them to vote for the people who have those qualities and track record rather than bringing unknown ghosts whom we do not know their hidden agendas.we believe so called professor wijesooriya think where he stood helping LTTE diaspora.we do not need educated who want their kith and kins send to europe by acting against srilanka.

  39. Dinesh says:

    වියතුන් යනු උගත් උපාධියක් හිමි අය⁣ නේද.දැන් තිබුන පාර්ලිමේන්තුව තුල උගතුන් කීදෙනෙකු සිටියාද මහාචාර්ය වරු ආචාර්ය වරු දොස්තර වරු ඉංජිනේරුවන් ආර්ථික විශේෂඥයන් නිතීඥයන් විශ්ව විද්‍යාල උපාධියක් ඇති අය. නමුත් මේ අය කිසිදා ජනතාව බලාපොරොත්තු වුන දෙයක් කරේ නැ නේද. ඉතින් තවත් උගතුන් වියතුන් ගැන නෙමෙයි කතාකලයුත්තේ ජනතාවට වැඩක් කරන ජනතාව තේරුම් ගත හැකි පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතුයි. ඔවුන් හොරු නොවිය යුතුයි.

  40. Lanka says:

    I can understand his disappointment. It’s not easy. This campaign is handle by Basil & MR. This is election that government has to win big majority. Reality these corrupted politicians will go to Unp then they will form a governmet. Sad part is people will vote these people too. Then prime minister will be Ranil . That’s bitter truth.

  41. Ronnie says:

    Oba thuma gotabayata weda karapu ekama varadiyi. Deshapalanaya oba thumata sudusu naha. Digatama uganwanna. Buddimath minissu bihi karanna.

  42. Jagath says:

    රාජපක්ෂලා ට විරුද්ද උනොත් දේශද්‍රෝහීන් වෙනවා ඉබේම. එක theory එක සර්.

  43. අපේ රට says:

    එකපාරම 100% ප්‍රථිපල බලාපොරොත්තුවීම යථාර්තවාදී නොවේ. පැරැණි අපතයෝ සෙට් එක පත්කරලා එව්වේ මහජනතාවයි. නමුත් මෙවර උගත් බුද්ධිමත් වෘතිකයන් 25 දෙනෙක් පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත්වෙලා අපතයෝ සෙට් එක මනාප ලැයිස්තුවල පහලටම දැමීම ජාතික යුතුකමයි.. ඒ සඳහා තිස්ස ජනනායක මැතිතුමාට විශාල මෙහෙයක් කරන්න පුළුවන්. පසුබට වෙන්න එපා. දැනටමත් බිම් මට්ටමේ ලොකු පිබිදීමක් තියනවා පැරැණි දුෂිත කාලකන්නින්ට එරෙහිව. ජනාදිපතිතුමාත් මේ ගැන සිත යොමුකලොත් හොදා.

  44. කිරි මල්ලි says:

    මෙයා ගොටට දුන්නත් නැතත් ගෝට දිනනව . ප්‍රස්නේ තියෙන්නේ තමන්ගෙ ඉගැන්වීමේ හැකියාව පාවිච්චි කරල කොල්ලො කෙල්ලන්ට වෙන ගොන් කථා උගන්නපු එක. ඒ කරපු පච වැඩේට සමාව ගත්තනම් ඔයිට වැඩිය වටිනව.

  45. vishnu says:

    එක නම් ඇත්ත මුන් හිතා ඉන්නෙ මුන්
    තමයි පොරවල් කියල. ගොටභයට ලැබෙන
    චන්ද ප්‍රමාණය වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ
    අනික මේකෙ විවිද නම් වලින් ලියන එවුන් 3%
    හෝ unp එකෙක් හෝ දෙන්නෙක්

  46. ඊබ්‍රහීම් සහෝදරයා says:

    වියතුන් ගේම දෙන්න පටන් ගත්තාම නූගතුන්ගේ සිල්ලර පරිමාණයට එහා ගිය මල්ටි නැෂනල් ග්ලොබල් සයිස් එකන් දෙන බව මොකෝ ටියුෂන් මාස්ටර්ල දන්නවයැ

  47. D.Nimal says:

    Politics are more complex and uneven development of Democracy revolution is concern in Island. We were in colonial rule 425 years dominated by Western power .We won that name shake Independence from most cunning Imperialist of United Kingdom rule by house of Windsor of England.Even after 1948 ours system of colonialism order never disappear.Very Foundation was rules by UK colonial mode of governance.

  48. SL says:

    We should not give up .ppl should send correct/available genuine ppl from the list and from any party .we start small now.Pls make a list of robbers and list of expected genuine ppl from all parties and start a campaign for them

  49. ExUNPer V says:

    තිස්ස යනු වෙනම ඇජෙන් ඩා එකක යන කෙනෙකු බව පැහැදිලියි. ලාමක අයව ගොනාට අන් දගෙන ඉහල ට ආ නමුත් රිලයබල් නැති කපටි මූණෙක්. මෙයාට නාම යෝජන දෙන එක හෝ වැඩිය ලංකර ගන්න එක භයනකයි.

    මහ ඉහලින් හිතන් ඉන්න ජනනායක නැතුව ගෝඨා ඉවරයි කියල හිතන් ඇති.
    ඉස්කෝල ලමයි ඇන් දුවට ජනනායකට රජයේ නිලදාරින්ව අන් දන්න බෑ. පොඩි දරුවන්ට බොරු උගන් වන හොරු.

  50. Kalana says:

    ඔව්, මහින්ද එක්ක මේ රට හදන්න බහ, උගේ ණයක් තියෙනවා හම්බයන්ට, අනික උඋට ඕනේ පුතාව රජ කරවන්න. වෙන විකල්පයකට යමු.

  51. UNP GAL IBBA says:

    මේ වගේ කාපු රටක් හදන්න සැහෙන කාලයක් යනවා ගෝඨා කියලා ඇලඩින් ගේ පුදුම පහනක් ඔහුට නැත මැතිවරනයෙන් පසු වියත්මගේ නඩේට සුදුසු තැන් එතුමා දෙයි ?????

  52. Mahesh says:

    ගෝඨා මහත්තයාට චන්දෙ දුන්න ගොඩක් කලකිරිලා ඉන්නෙ පොහොට්ටුවෙ සමහරක්ගේ වැඩ නිසා, විශේෂයෙන් පවුලෙ අයගෙ ෂෝ වලට. හැබැයි අලියට හෝ වෙන එකකට දෙන්නෙ නැහැ නමුත් ජනාධිපති තුමාව පබයෙක් කරන්න අයියා හා බේබිලා වැඩ කරන බව නම් පැහැදිලි. 2/3 හම්බ උනොත් වැඩි බලය අගමැතිට….

  53. කාන්තාර පළඟැටියා says:

    හැමදේටම කාලයක් ගතවෙනවා . බැසිල් මහත්තයා තමා ඔය ලැයිස්තු හදන වැඩේ කරන්නේ.

  54. The maximum amount for the private hall classes to be decided.

    AL Class – One Subject – 1000 LKR

  55. david milibanda says:

    I still think and have faith Gota will be even better if the SLPP gets a decisive majority in the Parliament
    at the coming Elections.

    Lets keep our fingers crossed for the better as Gota is the last chance for the Country. I see no other Leader in sight unless we groom Shavendra.

    But I still believe the Intellectual will be appointed to important Administrative position after the elections

  56. සරා says:

    නාමයෝජනා භාර දුන්නේ මාර්තු 19.ලයිස්තු හැදුවේ මාර්තු මුල් සති දෙක ඇතුලත.දැන් ජුනි මාසේ.හරියට ටියුබ් ලයිට් වගේ.මාස 2.5ක් විතර ගිහිල්ලා ලයිස්තුවේ ඉන්න අය ගැන කතා කරනවා.අනෙක ගෝඨාට පක්ෂයක් අයිති නැහැ.අනුන්ගේ පක්ශයකට ගිහිල්ලා ඒකේ ඉන්න සියල්ල ඉවත්කර තමන්ට අවශ්‍ය දෙනා පමනක් දාන්න පුළුවන්ද?අපි මුලින්ම කල යුත්තේ රටට අවශ්‍ය නායකයා තෝරා ඔහුව හරි මගකට යොමු කරවිමයි.සියල්ල එකවිට නිවැරදි කල නොහැකිිිිි.ය

  57. sumith says:

    Something is better than nothing

  58. ara says:

    Yes. Now this is felt by the educated class in the Country. People voted for Gotabaya Rajapakse considering him as an independent person not as a another Rajapkshe. But today all the Rajapaksha’s are at the scene. See how many Rajapakshe’s are contesting from Hambanthota

  59. kuma says:

    sir, kampanowanna gota sir thibena vivasthawe hiravi athi bawa penawa e vagema ohuta pakshayak ne ithing wenakenaguge paksheyaking nama yojanaganna ba ne sir obage sannivedanaya nawathwanna epa dan theruna viyathunta chandedenna kuyala obe daksha basha harabayen kiya denna ,

  60. අංකූරා says:

    නවතින්න තිස්ස ඇයි මේ ………?.
    නොදුවන් ගොනාගෙ පස්සේ……….. !!.

  61. ceejay says:

    සීමිත බලතල යටතේ ජනාධිපති තුමා මේ කරන හරිය මදිද ? පාර්ලිමේන්තුවෙන් එතුමාට බලතල අරන් දීල දෑත ශක්තිමත් කිරීම රටට ආදරේ ඇති ජනතාවගේ යුතුකම .එතුමා හැමවිටම වියතුන්ට ඇහුම් කන් දීල තමයි වැඩ කරන්නේ, තවම මාස 6 යි මටනම අපි රට ආරක්ෂිතයි කියල හැඟෙනවා .වියත්තුම පාර්ලිමේන්තු යෑම නොවෙයි අවශ්‍ය රාජපක්ෂලාට සහයෝගය දෙන යයි පාර්ලිමේන්තු යැවිය යුත්තේ . මොකද රටේ තීරණ ගන්නේ අන්තිමට රාජපක්ෂලයි . මෙතුවක් කල් ඔවුන් ගත්ත තීරණ රටේ යහපතටම තමයි හේතු උනේ . එනිසා මේ අවුරුදු 5 දෙස සුබවාදීව බලමු

  62. Nelum says:

    Sir oya mehema hithannako. wiyathun ayawa dammoth chande dinanna me jara jeerana wechcha desapalenth ekka baha,
    A unata Jaathika laisthuwen oya kiyana wiyathunwa aragena , hemihita oya oya hithana loketa rata geniyanna puluwan wei. Eka oyata therum ganna puluwan kiyala mama wiswaasa karanawa.

    Oyage desapalana dakma anuwa oya hithanwanam wena kawuru hari oya hithana de karai kiyala oyata puluwan ethana thora ganna. kisi awulak naha Sir.
    Mewara Gotaabaya rata hadana eka isthirai.

Main News