කැබිතිගොල්ලෑවෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි..

June 15, 2020 at 10:32 pm | lanka C news
කැබිතිගොල්ලෑවෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි..

කොරොනා වෛරසය ආසාදිත කාන්තාවක් අනුරාධපුර කැබතිගොල්ලෑව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති කාන්තාවට කොරෝනා ආසාදිත බව හෙලිවීමෙන් පසු හෝමගම රෝහලට ඇතුලත් කර සුව වීමෙන් පසු ඊයේ (14) දිනයේ රෝහලෙන් බැහැර වූ අයෙකි.

එම කාන්තාවට අද දින නැවතත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීමත් සමග අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි.

එහිදී සිදුකරන ලද පරීක්ෂණවලින් ඇය කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.

මේ හේතුවෙන් ඇය නැවතත් කොළඹ ජාතික උණ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙවන් තත්වයන් සාමාන්‍ය බවත් මෙයාකාර සිදුවීම් මීට කලිනුත් සිදුවී ඇති බවත්ය.

මෙම තැනැත්තියගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් නැති බවත් ඔහු පවසයි.

ඇයගේ පවුලේ සාමාජිකයන් කිසිවකු නිරෝධායන කිරීමට කටයුතු කර නැති බවද ඔහු කියා සිටියේය.

386 views
Main News