මා මගේ කාර්ය කලා.. ඔබේ කාර්ය දැන් කරන්න..- ජනපති මැතිවරණ කොමිසම කැදවා කියයි..

June 18, 2020 at 5:30 pm | lanka C news
මා මගේ කාර්ය කලා.. ඔබේ කාර්ය දැන් කරන්න..- ජනපති මැතිවරණ කොමිසම කැදවා කියයි..

සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහෙයින් සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිතුමා කියා සිටී.

සෞඛ්‍යාරක්ෂිත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන සාකච්ඡා කරනු පිණිස  අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේ  මේ බව සඳහන් කෙරිණ.

කොවිඩ් 19 මර්දනයට රජය සැලසුම් සහිතව මාස කිහිපයක් ඉතා කැපවීමෙන් ක්‍රියා කළේය. එය මැතිවරණය අපේක්ෂාවෙන් නොව ජනතාවත්, රටත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීමට කළ  මෙහෙයුමක් බව එතුමා කීය. මාස කිහිපයක් අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

මේ තත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව මැතිවරණයට මුහුණදිය හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා පෙන්වා දුන්නේය. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයි ද දේශප්‍රිය මහතා පැවසීය. මහජන රැළිවලට සහභාගීවිය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන  ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන  බව මහින්ද දේශප්‍රිය මහතා කීය.

මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය  සහාය ලබාදීමට ද ජනාධිපතිතුමාගේ එකඟතාව පළ විය. ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය.

මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්.ජේ අබේසේකර, මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටි.ඩී. හේරත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.රත්නසිරි,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

68,048 Viewers

11 Comments to “මා මගේ කාර්ය කලා.. ඔබේ කාර්ය දැන් කරන්න..- ජනපති මැතිවරණ කොමිසම කැදවා කියයි..”

  1. මුල අමතක කුහක ජාතියක් ඉදිරියේ සිංහ රජෙක් වෙයි අප හට. ජයවේවා ජනාධිපතිතුමණි

  2. Senaka Fernando says:

    අපි රටට විදේශ විනිමය ලබාදෙන්න මැද පෙරදිග ආවා. දැන් මුන් රට වහගෙන අපිට ලංකාවට අපේ සල්ලි වලින්වත් යන්න දෙන්නේ නැහැ. අපේ චන්ද අයිතිය සම්පුර්ණයෙන්ම තහනම් කරලා. අඩුම තරමේ ගුවන් සේවාවන් වත් යතා තත්වයට පත් කරලා චන්දෙ තියන්න තිබුනා. එක්කෝ අපිට තානාපති කාර්යාල හරහා වත් චන්දෙ දාන්න දෙන්න. මේ පිළිබඳව අපි මානව අයිතිවාසිකම් නඩුවක් දානවා.

    • Daya says:

      නඩුව බලව ගන්න ගොන්ජව හරි ලපයව ගෙන්න ගත්තොත් හොද නැද්ද ? චන්දෙට විදේශ විනිමය ඕන වෙන්නේ නැහැ. කොරෝන අරගෙන සල්ලි එක්කවත් මෙහෙට එන්න එපා. චන්දෙ මෙහෙ ඉන්න අය බලා ගනියි.

    • thus says:

      එයාර්පෝට් වහගෙන ඉන්නේ රජයේ නිර්දේශ මත නෙවෙයි සෞඛ්‍ය නිර්දේශ මත ඒගොල්ලොත් භයයි පසුගිය සතියේ කුවේට් වලින් ආවා වගේ ප්ලේන් එකක් පුරවල කොරෝනා ආසාදිතයන් රටට ඇතුල් වුනොත් එසේ පැමිණෙන අයත් මෙහේ සෞඛය, ආරක්ශක, රටේ ජනතාව සියලු දෙනාම අසරණයි…
      ඉන්න තැනක පරිස්සමට ඉන්න…
      බුදුදහමට අනුව තමන්ගේ කුසල් ශක්තිය බලවත් නම් කොරෝනාවට නෙවෙයි ඊට බලවත් දෙයකටවත් අපව පරදවන්න බෑ..

    • සමන්ත says:

      ඔයාලා හොයන විදේශ විනිමය විතරද විදේශ විනිමය. ලංකාවෙි ඉදලා ගාමන්ට් වල මහන අය, සංචාරක කර්මාන්තයේ නියලෙන අය, තේ වතු රබර් වතු වල වැඩ කරන පිරිස්. මේ සියලු දෙනාත් විදේශ විනිමය උපයන අය. ඒ නිසා හැම වෙලේම විදේශ විනිමය උපයනවා කියලා කියන්න එපා. තව දෙයක් ඔබලා විදේශ ගතවුනේ ඔබලාට හොද ජීවන තත්වයක් සකසා ගැණිමට. ඒ මගින් විදේශ විනිමය ලැබෙන්නේ වක්‍රාකාරව

    • country man says:

      Senaka Fernando, what a shame,you went abroad to help your mother land. Why didn’t you stay at home and plough the paddy fields. Please do not talk rubbish man. If you love your mother land ,stay where you are,so that you will not be a burden for Srilanka. Are you the Senaka Fernando from London Sir.???

      • BY STANDER says:

        Be understood that there are also vast majority of immigrated people,who would wish to appoint a government ,which would help Gota to help carry forward his program ,which is for the welfare of the motherland, just like they did at the last election.Anyone can understand that closing down airports is not his fault,but 175 countries or more have had to close the airports due to this unprecedented global crisis. Vast majority of the people here , would do their duty for the sake of their motherland’s well being at the forthcoming parliamentary elections.

    • ශ්‍රියාණි මල්ලිකා දොඩම්ගස්ලංද says:

      උඹ නඩු දාලා, ගෑණිගෙ නඩුව බලවපන්!

      • ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

        මෙන්න අවජාතක කෑ වේ පුතෙක් මෙතන පූ දෙනවා කුලියට. ඕන අවලම් වැඩක් ගිහින් උඹේ අම්මා එක්ක රෙද්ද උස්සලා කරපං පරය මෙතන වෙන උන්ගේ නම්වලින් කොමෙන්ට් නොදා. මම පිට රට හිටපු කෙනෙක් හැටියට එදත් අදත් මේ රටේ මැදපෙරදිග දුක් විඳින මිනිස්සු ගැන හොයලා බලලා උදව් කරා. ඒත් මම ජීවිතේට දැක්කේ නැහැ මෙන්තරම් කුහක බලයට පෙරේත ආණ්ඩුවක්. රටේ කොරෝනා තුරන් කරා කිය කිය පරම් බානවා ලෝකෙට. හැබැයි අපේම මිනිස්සු ටික ගෙන්න ගන්න කිව්වම තමා ලොකු කතා. මතක තියා ගනින්ලා මඩ පෙරදිග ඉඳන් එන එකෙක් ගේ ඡන්දයක් මේ පාර මහින්ද ට නැති බව. ඡන්දෙ පස්සේ ගිහින් පොළොවේ පස් කාපන් කාලකණ්ණියා.

    • criminal says:

      සේනක ප්‍රනාන්දු,මේ දවස්වල සුමන්තිරම් ඉන්නෙත් නඩු නැතිව.අපේ අනුර කුමාර සහෝදර මහත්තයට කෝල් එකක් දීල බලපං සුමාව සෙට් කර ගන්න ඔය නඩුව දාන්න​.

    • ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

      Senaka, මෙතන ඇත්ත කතා කරන්න කට අරින්න කොන්දක් තිබ්බ එකට ඉතා ගරු කරනවා. පේනවා නේද පෝට්ටුවෙ ඉන්න වහල් කුලී කාරයන්ගේ මානසිකත්වය කියලා තියන දේවල් වලින්. මේ රටට එදත් අදත් හෙන ගහලා තියෙන මේ කුහක ආත්මාර්තකාමි වැඩක් නොකර හම්ඹු නොකර අනුන්ගේ දේවල් කඩා වඩා ගෙන ජීවත් වෙන හොර රැල නිසා. මහා එකාගේ ඉඳන් පහලට ම ඔක්කොම එක වගේ. තව මුන් තුනෙන් දෙක ඉල්ලනවා රට හදන්න. තුහ් නොදකිං.

Main News