නාවික හමුදා මරණ නෑ.. ICU නෑ.. කොරෝනා අවසන්.. වැලිසර කදවුර විවෘත කෙරේ..

June 19, 2020 at 2:10 pm | lanka C news
නාවික හමුදා මරණ නෑ.. ICU නෑ.. කොරෝනා අවසන්.. වැලිසර කදවුර විවෘත කෙරේ..

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව සාමාන්‍ය කටයුතු සඳහා කදවුර විවෘත කල හැකි බව ඔහු විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

කදවුර මේ වන විට සුරක්ෂිත කලාපයක් ලෙස පත්වී ඇති බවත් වැලිසර කඳවුරේ රෝහල හැරෙන්නට සියලුම අංශ මේ වන විට ඒ අනුව විවෘත කළ හැකි බවත් අනිල් ජාසිංහ මහතා දැනුම් දී තිබේ.

රෝහල 25 වන දා විවෘත කරන්නැයිද දැනුම් දී ඇත.

මේ වන විට කොරෝනා ආසාදිත නාවුක සෙබළුන් 85%ක් පමණ පූර්ණ ලෙස සුව ලබා ඇත.

කොරෝනා ආසාදනය වූ කිසිදු නාවුක හමුදා සෙබලෙකු මිය නොගිය අතර කිසිවෙකු දැඩි සත්කාර ඒකකයටද ඇතුළු නොකලේය.

387 views

6 Comments to “නාවික හමුදා මරණ නෑ.. ICU නෑ.. කොරෝනා අවසන්.. වැලිසර කදවුර විවෘත කෙරේ..”

  1. ගයාන් says:

    මගේ රටට තෙරුවන් සරණයි!

  2. Liyanage says:

    Good work, thank you. Hope others will recover soon..!

  3. සෙවනගල ඉදුනිල් සෙනවිරත්න says:

    අපේ පැත්තෙන් ලඟදි හොයා ගත්තේ කොරෝනා ලෙඩෙක් නෙමේ. මි උණ හැදිච්ච එක්කෙනෙක්. මිනිස්සු බොරුවට බයවෙලා අපරාදේ කොරෝනා පරීක්ෂණ කරා පෝලිමේ තියලා.

  4. Ranga says:

    හූ හූ 3%

  5. Dikman Aiyya says:

    …..well,…..this is like a Miracle,…when the whole world is still fighting this pandemic,….we are out of it….

  6. හෙලයා says:

    හෙල වෙදකමේ රහස..