කෝටි ගාණක් දෙන්නම් කියා රාජපක්‍ෂලා මට කතා කලා..- මනෝ ගනේෂන්

June 22, 2020 at 3:28 am | lanka C news
කෝටි ගාණක් දෙන්නම් කියා රාජපක්‍ෂලා මට කතා කලා..- මනෝ ගනේෂන්

රවීට වගේම රනිල්ටත් ලැජජාවක් නැහැ යයි දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය නායක මනෝ ගනේෂන් මහතා පවසයි

ඔහු මේ බව පැවසුවේ එම පක්‍ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කිරීම පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

‘එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාව මෙහෙවන මහ බැංක හොරාට ලැජජාවක් නැති බව මුලූ රටම දන්නවා. අද කණගාටුවෙන් වුවත් කියන්න සිදු වෙනවා රනිල් වික‍්‍රමසිංහ මහතාටත් ලැජ්ජාවක් නැති බව. එය තමයි තිත්ත ඇත්ත.

මගේ පක්ෂයෙන් නෙරපනු ලැබු පුද්ගලයින්ව සිරිකොතට කැදවල අපේ පක්ෂයේ සාමාජිකයින් පක්ෂයෙන් ඉවත් වෙලා එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇති බවට ප‍්‍රචාරය කරනවා . ඔවුන් සමග මල්මාලා දමා ඡුායාරූප ගෙන එවා පළ කරමින් සිටිනවා. එය ඉතාම ලැජජා සහගත කටයුත්තක්.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙය දැන ගත යුතුයි. මහ බැංකු හොරා වික‍්‍රමසිංහ මහතා ළගට කැදවාගෙන ආ කල්ලිය කවරෙක්ද යන්න දැනගත යුතුයි. අද මගේ පක්ෂයෙන් ආවා යැයි ඔබ ළගට පැමිණි පිරිස මිට වසරකට කළින් මගේ පක්ෂයෙන් නෙරපු අයයි. .ඔවුන් පක්ෂය විනය කඩ කළ අයයි . කසිප්පුකාරයෝයි.

එතැන තව අයෙක් ඉන්නවා. 2018 වසරේදි රාජපක්ෂ ආණ්ඩුව පැවති ආණ්ඩුව අවුල් කළ අවස්ථාවේදි රාජපක්ෂලා වෙනුවෙන් මට කතා කරල කෝටි ගණන් දෙන්නම් කිව්වා ඒ පැත්තට එන්න කියල.. නමුත් අපි ඒ යෝජනා ප‍්‍රතික්ෂේප කළා. අපි එදා සෘජුව ඉදලා අපේ ආණ්ඩුව ආරක්ෂා කළා. එදා අපි විතරක් නොවෙයි එවක ආණ්ඩුවේ අගමැති වක‍්‍රමසිංහ මහතාගේ තනතුරත් ආරක්ෂා වුණා. එය වික‍්‍රමසිංහ මහතා දැනගතයුතුයි. තවත් අයෙක් සිටිනවා . ඔහු කොළඹ නගරයේ ජනතාවට නිවාස ඉදි කරදිමේ ව්‍යපෘතියකදි එක් නිවාසක් දෙදෙනකුට විකූණා තිබෙනවා. අදාළ පුද්ගලයාට චෝදනා තිබෙනවා. ඔහුට විරුද්ධව දුෂණ වංචා පිළිබද පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා. එම පැමිණිල්ලට අනුව ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කෙරෙැණා. එම නඩුවේ තීන්දුව අනුව ඔහු කළ මුදල් වංචාව සම්බන්ධයෙන් කෝටි පහක් අදාළ පුද්ගලයින්ට ගෙවිය යුතුයි. එයින් කෝටියක් ඔහු ගෙවා තිබෙනවා. ඉතිරි මුදල් ඔහු ගෙවිය යුතුයි. ඉතිරි ගෙවීම් සිදු කිරීමට අදාළව ඔහු කල් ඉල්ලා තිබෙනවා. ඔහු ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙක්. මෙවැනි පුද්ගලයෝ තමයි මහ බැංකු හොරා රනිල් වික‍්‍රමසිංහ මහතා ළගට කැදවාගෙන පැමිණ තිබෙන්නේ.

මෙහිදි විහිලූ සහගත කාරණය වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් මට විරුද්ධව අපෙක්ෂක ලැස්තුවට ඇතුළත් කර තිබෙන්නෙත් මේ පුද්ගලයාමයි. වික‍්‍රමසිංහ මහතා මේ කාරණය දන්නවාදැයි මම දන්නේ නැහැ.දන්නේ නැත්නම් මහ බැංකු හොරාගෙන් අහගන්න.මේ මහබැංකු හොරා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ. ඔහු තමයි යහපාලන ආණ්ඩුවත් අපත් විනාශ කළේ. එය මුලූ රටම දන්නවා. රටේම එක්සත් ජාතික පාර්ශිකයෝ දන්නවා. එය වික‍්‍රමසිංහ මහතා නොදැන සිටීම පිළිබදව මම කණගාටු වෙනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාගෙවත් පුද්ගලික දේපොලක් නොවෙයි. රටට නිදහස ලබාදුන් පක්ෂය. රට තුළ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලීම් ජනයා එක් කළ පක්ෂයයි. නිදහස ලබාදුන් ඞී එස් සේනානායක ,ඩඞ්ලි සේනානායක ,ජොන් කොතලාවල ,ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස ආදි නායකයින් පෝෂණය කළ පක්ෂයයි.එහෙත් අද රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය බින්දුවට වට්ටල තිබෙනවා.

– මාධ්‍ය අංශය

374 views

22 Comments to “කෝටි ගාණක් දෙන්නම් කියා රාජපක්‍ෂලා මට කතා කලා..- මනෝ ගනේෂන්”

  1. ක්‍රිමිනල් says:

    අප්පට හුඩු, කෝටියක්දීල ගන්ඩම වටින නල්ලමලේ බඩුව!

    • sajitha says:

      this fellow also has contracted the disease of unp jvp tna slmc hipatuwas: uttering any filth that comes to his mind to attack the rajapaksas

    • Chinthana says:

      Who is controlling Ranil? How did he control ranil? Did you hypothetically talk like previously? Your Tamil supporters do not know about your statement made to media. Someone should translate into Tamil and published them. Who offered you to join with Rajapaksha’s government for Million or Billion? Because “Mano” don’t know the value of money yet. “මට කතා කරල කෝටි ගණන් දෙන්නම් කිව්වා ඒ පැත්තට එන්න කියල.”

    • ජනහිත says:

      ඒ් වෙලාවේ කෝටියක් නොව ඒ් වගේ දෙගුණයක් දී හෝ ගෙවා ඔ්නෑම කුණු ගොඩක් ගන්න රාජපක්ෂලා බලාසිටියේ

      • රස්තියාදුකාරයා says:

        එහෙනම්, හොඳ වේලාවට උඹ ගැන ඒ ගොල්ලො දැනගෙන ඉඳල නැත්තෙ. නැත්නම් කෝටියක් නෙමේ දෙකක්ම දීල ගන්නව.

  2. Sun says:

    All the top leaders stealing money from the central bank, that is poorman’s money. All top politicians are crooks and all know about this. That is the political unrest of the country. People do not know what to do with their vote. All looters are playing the game of politics. Dirty politics.

  3. Mudiyanse says:

    Yes kooti gananak Hal ata nam denna katha kara ara kaudo lokkek.

  4. kawinda says:

    mekata koati ganan denna katha karanna mona harakekda..? mugen ethi wedak thiyenawada,,? banku horu gena kiyana mu eda ath deka visi kara kara kiuwe Ranil & Ravi pirisidu deshapaalakayo kiyalai. hendigewila pala.

  5. Siri says:

    කුඹුරු වැඩවලට Brand New branded Tractor එකක් ගන්න පුළුවන් මීට වඩා අඩුවට… අගමැතිතමාටත් …. අනේ මන්ද අපරාදේ සල්ලි..කන්නයක් දෙකක් වැඩ ගන්නකොට මැරිලා යයි.,.

  6. Boo says:

    මහ බැංකු හොරා සහ වික්‍රමසිංහ කියන්නේ දෙන්නෙක් නොව එක්කෙනේක්මයි.

    ඒ මහා බැංකු හොරාගේ කැබිනට්ටුවේ ඇමතිවරයෙක් වෙලා අවුරුදු හතරක් කඹුරමින්, වහල්කම් කරමින්, සැප ගනිමින් ඉතාම සතුටින් ඉන්න කාලේ ඔය කතා එලියට ආවේ නැත්තේ වහල් කම නිසාද නැත්තං වසල කම නිසාද කියලා දැනගන්න කැමතියි.

  7. Agbo says:

    කෝටි ගානක් දෙන්න තිබුනා ඇට. ලංකාවට කක්කුසි බාල්දි අදින්න ගෙනාපු එවුනගෙන් පැවත එන සක්කිලිය මූ ගිය උඩ

  8. දෙවැට සුදා says:

    මනෝ එහෙනම් මහින්දගේ සරම ගැලෙව්වා. ඉස්සරහට කාගේ කාගේ රෙදි ගැලවෙයි ද දන්නේ නැහැ.

    • දෙවැට සුදා ge ganige hora miniha says:

      දෙවැට සුදා ubage ganitai ammatai depattarama, hara-wa hrawa-kala

      Gani ube සරම ගැලෙව්වා, pukata pain gahala

  9. හිටං says:

    වපර දෙමල තොට සල්ලි දිලා ගන්න …කල්ලතොනි

  10. පැකනිලාගෙ අප්පා says:

    යකෝ මේ හම්පඩයා කෝටියක් වටිනවද බං ? අපට පේන්නෙ මූ මේ දාල තියෙන්නෙ කෝටියකට වඩා දුන්නොත් එන්නං කියල වෙළඳ දැන්වීමක් .

    • ජනහිත says:

      ඒ් වෙලාවේ කෝටියක් නොව ඒ් වගේ දෙගුණයක් දී හෝ ගෙවා ඔ්නෑම කුණු ගොඩක් ගන්න රාජපක්ෂලා බලාසිටියේ
      සමහර වහලුන්ට මේවා තේරෙන්නේ නැහැ

      • රස්තියාදුකාරයා says:

        එහෙනම්හොඳ වේලාවට උඹ ගැන ඒ ගොල්ලො දැනගෙන ඉඳල නැත්තෙ. නැත්නම් කෝටියක් නෙමේ දෙකක්ම දීල ගන්නව.

Main News