ජවිපෙට හිරිකිතයත් ඇත්තෙම නැද්ද..

September 23, 2016 at 8:03 am | lanka C news
ජවිපෙට හිරිකිතයත් ඇත්තෙම නැද්ද..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙසේ අදහස් පල කලේය.

ජවිපෙ එදා අද සහ හෙට

පසුගියදා යාපනයේ දී පැවැති රැස්වීමකදී අනුර කුමාර දිසානායක සහෝදරයා, මේ ආණ්ඩුව පිළිබඳව ජනතාව කලකිරීමට පත්වී සිටින එක පිළිබඳව කණගාටු වන බවත් අලුත් ආණ්ඩුවක් සඳහා කටයුතු කරන බවත්, ඒ වගේම ජාතිවාදී ආණ්ඩුවකට බලයට එන්න දෙන්නේ නෑ කියලා තරයේ ප්‍රකාශ කලා.

1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බලයට එන්න ජනතා විමුක්ති පෙරමුණ උදව් කලා. 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට බලයට එන්නත් එම පක්ෂය විශාල වැඩ කොටසක් කලා. වැඩි කලක් නොගොස් ඔවුන් සමග කටයුතු කිරීම නතර කලා. 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයට එන්නත් විශාල වැඩ කොටසක් කලා. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකාට සහ මහින්දට කළ දේම මෛත්‍රීටත් කරන්න හදනවා.

මේ ආණ්ඩුව පිළිබඳව දැන් ඇතිවෙලා තිබෙන හිරිකිතය ජනතා විමුක්ති පෙරමුනට ජාතික විධායක සභාවේ සාමාජිකයකු ලෙස සිටින කොට, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කරන කොට, ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන එන කොට, හමුදාව හිරේ දාන කොට ඇති වුණේ නැද්ද කියලා අපි අහනවා.

ඒ වගේම අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා අතුරුදහන් වූවන් පිළිබඳ පනත වහාම අහෝසි කරන්න. සිරගත කර සිටින බුද්ධි අංශ සාමාජිකයින් නිදහස් කරන්න කියලයි. එහෙම වුණොත් ඔබ රට ගැන හිතන කෙනෙක් බව ජනතාව දැන ගනීවි. බැන් කී මුන් වන්නි මානුෂිය මෙහෙයුම සයිබීරියානු රුවන්ඩා ගැටුම්වලට සමාන කළේ යුද්ධයට දායක වුණු සරත් ෆොන්සේකා මහතා සහ මානව හිමිකම් වෙනුවෙන් එකල බොහෝ කටයුතු කළ මහින්ද සමරසිංහ යන මහත්වරුන් ඉදිරියේ තබා ගෙනයි. නමුත් ජනාධිපති හෝ අගමැතිවත් රජයේ ඉහළ තැනකින්වත් හෙළා දැක්කේ නෑ. මේ නින්දිත ප්‍රකාශය රටක් ලෙස හෙළා දැකිය යුතුයි.

– අරවින්ද අතුකෝරල

42 views

6 Comments to “ජවිපෙට හිරිකිතයත් ඇත්තෙම නැද්ද..”

  1. Shenani says:

    ඩීල් කුමාරලගේ සැබෑ ස්වරූපය පිලිබඳ මහජනයා දැනුවත් කිරීම පිළිබඳව ඔබට තුති!!!!!!
    ඔබ පවසන ආකාරයෙන්ම හමුදාව හිරේ දාන කොට ඩීල් කුමාරල මුනිවත රැක්කේ ඇයිි?ආණ්ඩුවට කඩේ යන නිසා නොවේද??????

  2. දිනේෂ් විදාන ගමගේ says:

    ජ.වි.පෙ ට හිරිකිතයක් ඇත්නමි මෑත කාලය තුළත් මීට පෙරත් මෙි විදියට හැසිරෙන්නෙ නැ ජ.වි.පෙ ට හිරිකිතයක් තියා ලැජ්ජාවක්ද නැත.

  3. Awantha says:

    ජ.වි.පෙ ට හිරිකිතයක් තියා ලැජ්ජාවක්ද නැත.

  4. Kumari says:

    Hitan kawadda me ratata adare kale????Eya american rukadayak wela ewaray.Ratata jathiyata awankawa adarei nam Rata bera ganna diwi himiyen satan kala ranawiruwanta drohi weida?????

  5. Eranga says:

    minissunta kochchara kiwath wedak ne.ape rate enne bahutharayak harak.kalaguna danne neti harak

  6. Asoka says:

    mahinda mahattaya mona de kalath me rata wenuwen deyak kala.JVP UNP monawada kale.rathu ali petiya dollar walata yata wela.

Main News