ආනයනික ටයිල් අඩියකට ඩොලර් 4.25ක බද්දක්.. දේශීය ටයිල් නිෂ්පාදනයට අතහිත..

June 26, 2020 at 4:40 pm | lanka C news
ආනයනික ටයිල් අඩියකට ඩොලර් 4.25ක බද්දක්.. දේශීය ටයිල් නිෂ්පාදනයට අතහිත..

ජනාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම් මෙරට කර්මාන්තකරුවන්ට පෙර නොවූ අත්දැකීමක් ලබා දෙන බවත් එහි පළමු රැස්වීමේ දී ගනු ලැබූ තීරණවලින් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් පසුගිය දා පැවැති දෙවැනි රැස්වීමේ දී ගනු ලැබූ තීරණ ද මාස 02කට නොවැඩි කාලයක් තුළ ඉටු කර දීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට නව ජීවයක් ලබා දීමට හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකායේ දෙවන රැස්වීම 22 වැනිදා සවස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහි දී ගනු ලැබූ තීරණ රට හමුවේ තැබීමටයි මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ. අප මෙම අමාත්‍යාංශය භාර ගත්තාට පසුව දුටුවා, කර්මාන්තකරුවන්ට බොහෝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටලු රැසක් ඇති බව. ඇතැම් ගැටලු විසඳීමේ දී අපට නොයෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයක් මෙන්ම සහයෝගයක් ද ලබාගත යුතු බව ද මා තේරුම් ගත්තා. ඒ අනුවයි ඉහත කාර්ය සාධක බලකාය පිහිටුවීම පිණිස වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අප විසින් ඉදිරිපත් කරනු ලැබුවේ.

ඒ අනුව පිහිටුවනු ලැබූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු රැස්වීම පවත්වා කර්මාන්තකරුවන්ට දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ගැටලු රුසකට විසඳුම් ලබා දීමට අපට හැකි වුණා. කොවිඞ් – 19 වසංගතයෙන් පසුව කැඳවනු ලැබූ පෙර කී එහි දෙවන රුස්වීමේ දී අප කර්මාන්තකරුවන් වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ලෙස ඉතාම වැදගත් මෙම සියලු තීරණ අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්වයි ගනු ලැබුවේ. ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගනු ලැබූ මෙම සියලු තීරණ ඉදිරි අමාත්‍ය මණඩල රැස්වීමට අනුමැතිය සඳහා මා ඉදිරිපත් කරනු ලබනවා.

ලෝහමය අබලි ද්‍රව්‍ය පිටරට යැවීම නතර කළා

එහි දී ගනු ලැබූ පළමු තීරණය තමයි යකඩ වැනි අබලි ද්‍රව්‍ය ආනයනය කිරීම නතර කළ යුතුයි, කියන එක. ලේකම්තුමන් දන්නවා, මෙම අමාත්‍යාංශය මා විසින් භාරගත් පසුව කිසිදු අබලි ද්‍රව්‍යයක් යොදාගෙන නිපද වූ නිමි භාණ්ඩ පවා මා පිටරට යැවීම නතර කළ බව. ඒ තීරණය සමඟ වටිනාකම් එකතු කර තඹ ඇතුළු අබලි ද්‍රව්‍ය යොදා ගෙන භාණ්ඩ නිපදවා ඒවා ආනයනය කළ පිරිස්වල පීඩනයක් ද එල්ල වූවා, තම නිමි භාණ්ඩ පිටරට යැවීමට අවසර ලබා දෙන්න කියා. එහි දී අපි කළේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා රේගුවේ නිලධාරීන් යොදවා මේ අගය එකතු කළා යැයි පවසන භාණ්ඩ කන්ටේනර්වලට පැටවීම අධීක්ෂණය කිරීමයි. පසුව මේ කන්ටේනරවල ඇත්තේ මේ රටේ නිෂ්පාදකයන්ට යොදාගත හැකි ලෝහමය අබලි ද්‍රව්‍ය නොවන බවට ඒ නිලධාරීන්ගෙන් සහතිකයක් ලබාගෙනයි අපි ඒවා පිටරට යැවීමට අනුමැතිය දුන්නේ. පසුගිය වසරට සාපේක්ෂව වටිනාකම් එකතු කළ ලෝහමය අබලි ද්‍රව්‍ය යොදාගෙන නිපද වූ භාණ්ඩ පිටරට යැවීම පසුගිය මාස 06 තුළ බෙහෝ සෙයින් අඩු වී තිබෙනවා.

කෙසේ නමුත් පිත්තල, තඹ, යකඩ වැනි අබලි ද්‍රව්‍ය යොදාගෙන සිය කර්මාන්ත පවත්වා ගෙන ගිය පිරිස්වල දුක්ගැනවිල්ල වූයේ රට තුළ තම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් නැහැ කියන එකයි. ඒ අනුව මා විසින් පළමුව කිසිදු ලෝහමය අබලි ද්‍රව්‍යයක් රටින් පිටට යාම වැළැක්වූවා. පසුව අගය එකතු කිරීමක් සිදු කළ බවට තහවුරු වූ නිමි භාණ්ඩ සීමිත ප්‍රමාණයක් රටින්පිටට යැවීමට ඉහත කී ක්‍රමවේදය අනුව අනුමැතිය ලබා දුන්නා.

දීප ව්‍යාප්ත සමීක්ෂණයක්

මේ තත්ත්වය තුළ මෙරට පිත්තල, ඇලුමිනියම්, තඹ, චීනචට්ටි, හයි කාබන් යන ලෝහමය ද්‍රව්‍ය යොදාගෙන කර්මාන්ත පවත්වා ගෙන යන පිරිස් කොපමණ ඉන්නවාද, ඔවුනට වර්ෂයකට කොපමණ ඉහත කී ලෝහමය අබලි ද්‍රව්‍ය අවශ්‍ය ද යන තොරතුරු ලැබෙන සේ සමීක්ෂණයක් සිදු කිරීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා. ඒ සමීක්ෂණය මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. එහි වාර්තාව ලැබුණු පසු අපට තීරණය කළ හැකියි, ලෝහමය අබලි ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබෙනවා නම් ඒවාට කුමක්ද කරන්නේ, කියා. ඒ වාර්තාව ලැබෙන තෙක් අපි තීරණය කළා. කිසිදු ලෝහමය අබලි ද්‍රව්‍යයක් රටින් පිටට යැවීම නතර කිරීමට.

‘අගය එකතු කිරීම පිළිබඳ අර්ථකථනයක්…’

ඒ වගේම ඉහත කී අගය එකතු කිරීම පිළිබඳ අර්ථකථනයක් ලබා ගැනීමට අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස කටයුතු කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස තඹ නිමි භාණ්ඩ ලෙස තඹ ප්ලේට් රටින් පිටට යැවීම සිදු කරමින් තිබෙන්නේ අගය එකතු කළ භාණ්ඩයක් ලෙසයි. නමුත් ඒ අගය එකතු කිරීම විෂය භාර ඇමතිවරයා ලෙස මට හෘද සාක්ෂියට එකඟව පිළිගත නොහැකියි. නමුත් අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන එය අගය එකතු කිරීමක් ලෙස පිළිගනු ලබනවා. අපි මෙම කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටිනු ලැබුවා, මේ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් ඇති කළ යුතු බවට. මේ සියල්ල නිරාකරණය කර ගන්නා තෙක් ඉහත සියලු අබලි ද්‍රව්‍ය රටින් පිටට යාම නතර කිරීමටයි තීරණය කරනු ලැබුවේ. ඒ අනුව අපි දැඩි තීරණයක ඉන්නවා, වංචනික ලෙස අගය එකතු කිරීමක් කළා යැයි පවසා ලෝහමය අබලි ද්‍රව්‍ය රට පැටවීම නතර කිරීමට. එමඟින් ලෝහමය අබලි ද්‍රව්‍ය යොදාගෙන තම කර්මාන්තයන්හි නියැලෙන නිෂ්පාදකයන් සුරැකීමට අපට ඉඩකඩ ලැබෙනවා.

‘දෑත් පිරිසිදුකරණ දියර සමාගම් ලියාපදිංචිය’

ඉදිරියේ දී පාසල්, විශ්වවිද්‍යාල විවෘත වේවි. ඒ වගේම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන තම සම්පූර්ණ ධාරිතාවෙන් වැඩ කිරීමට පටන් ගනීවි. එවිට මේ සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් දෑත් පිරිසිදුකරණ දියර විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. අපේ ආණ්ඩුවේ දැක්ම වන්නේ අපට අවශ්‍ය සියලු දේ රට තුළ නිපදවා ගැනීමයි. ඒ නිසා අපි මේ දෑත් පිරිසිදුකරණ දියර නිෂ්පාදකයන්, නිසි ප්‍රමිතියෙන් යුත් ‘දෑත් පිරිසිදුකරණ දියර’ නිපදවීමට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමන් පැවසුවා, මෙම දියර නිසි ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන සමාගම් කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කොට එම සමාගම් ලැයිස්තුව ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙසට. ඒ අනුව එම අධික ඉල්ලුම සපුරාලීම සඳහා ඉහත කී ආකාරයට ලියාපදිංචි වන ලෙස දෑත් පිරිසිදුකරණ දියර නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන් වෙතින් අපි ඉල්ලා සිටිනවා.

දේශීය ආහාර නිෂ්පාදනයට අතහිත

වටිනාකම් එකතු කළ ඇතැම් ආහාරමය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඇතැම් නිෂ්පාදකයන් සිදු කර තිබූ ඉල්ලීම ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පැවැරුවා, එම අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය මොනවා දැයි ලැයිස්තුගත කරන ලෙස. අප ඉදිරියේ දී ඒ කටයුත්ත ඉටු කර දේශීය ආහාර නිෂ්පාදකයන්ගේ ඉහත ගැටලුව විසඳීමට කටයුතු කරනවා.

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට දිරි දෙයි….

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ දුක්ගැනවිලි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූ අවස්ථාවේ 2015ට පෙර තිබූ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඔවුනට සහන ලබා දිය යුතු බවට තීරණය වුණා. සෞඛ්‍ය බලධාරීන් ද සහභාගී කරවාගෙන ඔවුන්ගෙ ගැටලුවලට විසඳුම් සහිත යෝජනාවලියක් සකසා ඉදිරි කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
‘නෙගටිව් ලිස්ට්’ එක සංශෝධනය කරනවා…

ඔබ දන්නවා රේගුව සතුව තිබෙනවා, ආනයනය කළ නොහැකි අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ලැයිස්තුවක්. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි සමාගම් මගින් නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදන හා සැලකූ විට මෙම ආනයනය කළ නොහැකි නිෂ්පාදන ලැයිස්තුව සංශෝධනය විය යුතු බවට දේශීය ව්‍යවාසකයන්ගෙන් ලැබුණු ඉල්ලීම මෙහි දී සලකා බැලීමට තීරණය වුණා. ඒ අනුව ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පැවැරුවා, එසේ ආනයනය නොකළ යුතු අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ලැයිස්තුවක් සකසා එය රේගුවට නිර්දේශයක් ලෙස ඉදිරිපත් කිරීමට.

‘සම් පදම් කිරීමේ කර්මාන්තයටත් දිරි දෙයි…

දැනට ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට තිබෙන බරපතළම ප්‍රශ්නයක් ඔවුන් ඉදිරිපත් කළා. ඒ තමයි සම්පදම් කිරීමේ කටයුතු සඳහා ස්ථානයක් ස්ථාපිත කිරීම. දැනට ඒ කටයුතු ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නැහැ. එම කටයුත්ත පරිසර හිතකාමී ලෙස සිදු කිරීමට අදාළ යන්ත්‍ර සඳහා ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කිරීමටත් ඒ යන්ත්‍රය සවි කිරීම සඳහා සුදුසු ස්ථානයක් නිර්දේශ කිරීමට ද මෙහි දී ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පවරනු ලැබුවා.

බෝට්ටු නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳෙයි….

සංචාරක කර්මාන්තය සඳහා යොදාගන්නා බෝට්ටු නිෂ්පාදකයන්ට තිබෙන ගැටලු ද මෙහි දී ඉදිරිපත් වුණා. ඔවුන්ගේ බෝට්ටු දියත් කිරීම සඳහා ද ධීවර වරායවල් යොදා ගැනීමට සිදුව ඇති බව දැනුම් දුන්නා. ඒ අනුව අපනයන සංවර්ධන මණ්ඩලය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නා බෝට්ටු සඳහා ජැටියක් ඉදිකිරීම සඳහා යෝග්‍ය ස්ථානයක් ලබා දීමට එකඟ වුණා.

‘දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට බදු සහන’

ඒ වගේම දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් ද ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර ඔවුනට බදු සහන ඇතුළු දිරි දීමනා රැසක් ලබා දීමට තීරණය වුණා. ඒවා පිළිබඳව සතිපතා ජනාධිපති ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීම්වලදී සාකච්ඡා කර විසඳුම් කඩිනමින් ලබා දීම නියමිතයි. ඒ වගේම පැරණි බෝට්ටු ලංකාවට ගෙන ඒම තහනම් කිරීමට ද මෙහි දී තීරණය වූවා.

‘දේශීය ටයිල් නිෂ්පාදනයට සවියක්’

දේශීය ටයිල් නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා ආනයනික ටයිල් වර්ග අඩියක් සඳහා ඩොලර් 4.25ක ආනයනික සෙස් බද්දක් පැනවීමටත් මෙහි දී තීරණය වුණා.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

50,923 Viewers

21 Comments to “ආනයනික ටයිල් අඩියකට ඩොලර් 4.25ක බද්දක්.. දේශීය ටයිල් නිෂ්පාදනයට අතහිත..”

  1. නයි කයිද රෝස් පාන් says:

    මෙතනට දේශපාලනය අදාළ නෑ. කවුරුත් එකට විරුද්ධ වෙන්න ඕන දෙයක් මේක. රජය මේකෙ දොස් ප්‍රසිද්ධියේ පෙන්නපු එක හොද දෙයක් ඒත් ජනපතිවත් අගමැතිවත් තවම හරියටම මුකුත් ප්‍රකාශ කලේ නෑ. මේක අත්සන් කළොත් අයින් වෙනව වගේ ප්‍රකාශ එන්න හේතුවත් අපි හරියට දන්නෙ නෑ ඒ අයගාවයි වෙන්න යන දේ ගැන තේරුමක් තියෙන්නෙ. පුරවැසිකම අයින් කළත් ජනපතිත් අවුරුදු කීපයක් යනකන් සමහර ඇමරිකන් නීති වලට යටත්. දැනටමත් කළින් ආණ්ඩුව කොටස් දෙකක් අත්සන් කරල කියල මේකෙ වගකීම පහුගිය ආණ්ඩුවෙ එල්ලන්න හදනවද කියන සැකය එනව. බලමු ස වැඩ කරන විරුවෙක්ද නැත්නම් වැඩේ අල කරල පහු ගිය ආණ්ඩුව පිටින් දායිද කියල. මෙහෙ රින්ගුවොත් සර්පයො ටිකක් රිංගුව වගේ තමයි united snakes of ඇමරිකා කියන්නෙ නිකන්ද.

    • නැට්ටේ ඉඳන් ගොම says:

      ධම්මික පෙරේරා ගේ අධෝ මුක වන්දනාවේ ගියපු එකෙක් මේකේ පිටිපස්සේ ඉන්නවා ද බලන්න පොඩ්ඩ ක්.

    • jayantha says:

      TILE මිල අසීමිත ලෙස වැඩි වේවි .හොද වැඩ අතරේ ගත් ගොන් තීරණයක් . මේක මහා පරිමාන tile නිෂ්පාදක අදම්මික පෙරේරාට දීපු චන්ද අල්ලලසක් . දැන් දුප්පත් මිනිහෙක් ගේ tile කරගෙන ඉවරයි .අ දම්මිකය මිනිස්සු හුරලා සල්ලි ගරන කපටියෙක් .2×2 tile කැටයක් මූ රුපියල් 2000කට විකුනාවී .දැන් තාමත් රුපියල් 600 . ජනාදිපති තුමෝ මේ තීරණය වෙනස් නොකරොත් අපේ චන්ද නැහැ . ලංකාවේ දුප්පත් මිනිස්සු tile හදන්නේ නැහැ කුණු අදම්මිකය විතරයි tile හදන්නේ .
      කවුරුත් මේ ගොන් වැඩේට විරුද්දව comment දාපල්ලා

  2. dev says:

    mehe honda tile naa
    rocel eketh na mama gatta spanish tile eka. china tile tiyanawa supiri ewa

    ehenam e wage ewa hadanna lankawe

  3. චූටි දූ says:

    ධම්මික පෙරේර ගේ බල කිරීම සහ පාග ව දීම උඩ එයා ගේ මළ ජරාව ගන්නනේ ඔය කියන්නේ

    • Chathura says:

      චීනාගේ මල ජරාව නැතිව ලංකාවේ එකෙක්ගේ මල ජරාව ගන්න එක හොඳ නැද්ද

      • බයිය. says:

        බූරැවො….ලංකාවේ ටයිල් කපුරු ගනං…..

        අහිංසක මිනිස්සු ටයිල් ටිකක් අල්ලගන්න එක සිහිනයක් තමයි දැන්…

        දේශීය දේ රටට හොඳයි..ඒත් මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානකට මිල පාලනය කිරීම අවශ්‍ය.

        ඕව කරන්න කලින් ඉල්ලුමට සැපයුම කල
        හැකි ද යන්න බලන්න ඕන.

        දේශීය නිශ්පාදනය වැඩි කරමින් ආනයන පාලනය කල යුතුයි

        නැත්නම් ඉතින් ඔයින් තැලෙන්නෙ පොඩි මිනිස්සු තමා..

        • Harris says:

          දුප්පත්නං සිමෙන්ති දාපං. පිට රටින් අදිනකල් දේශීය කර්මාන්ත දියුනු වෙන්නේ නෑ. දියුනු වෙන්නේ නැතිනං ගණන් අඩු කරන්නත් බෑ. වාසුවා

  4. dam soe says:

    This is good move.
    Hope this last longer so the country prosper!!

  5. sam says:

    Looks like bad for consumers as the prices will go high. But long term good for the country and everybody. PPl use to buy everything from china

  6. අපේ රට says:

    1970 සිරිමාවෝ මැතිනිගෙ රජයෙන් පසු අපේම ක්‍රමවේදයකට රට ගොඩ නගාගැනිමේ ක්‍රියාදාමයක්

  7. Ajith says:

    Its good to curtail imports.

    But there has to be a system to make sure local selling prices don’t go up just due to high cess imposed.

    If that happens, SL produce will not be economical when compared with the world and ths will also increase cost of living of people.

    So local price must be monitored by the government to ensure produces produce economically than earning profits in the CESS imposed situation.

  8. කර්මාන්ත says:

    ජනාධිපතිතුමනි,, ශ්‍රී ලංකාවෙ පුවත්පත් , පාසල් පෙලපොත් මුද්‍රණය සදහා අවශ්‍ය මුද්‍රණ තීන්ත පවා ගෙනෙන්නේ ඉන්දියාවෙන්.,අප රටේ දේශීය මුද්‍රණ තීන්ත නිෂ්පාදකයන් 5 දෙනෙක් සිටිනවා.,
    නමුත් මෙලෙස ඉන්දියාවෙන් ගෙන්වන හේතුව නම් මෙම මුද්‍රණ යන්ත්‍ර ඉන්දියාවෙන ආනයනය කරන විටම ඒවා ක්‍රියා කරවීමට ඉන්දියන් යන්ත්‍ර ක්‍රියාකරැවන් පැමිණීම,
    ඔවුන් කිසිදු ශ්‍රී ලාංකික අමු ද්‍රව්‍යයක් යොදා ගන්නෙ නෑ,, සියළු දේ ඉන්දියාවෙන් ආනයනය කරන ලෙස එම ඉන්දීය ජාතික යන්ත්‍ර ක්‍රියාකරැවන් ඉල්ලා සිටිනවා.
    එපමණක් නොව මෑත ඉතිහාසයේ අලුතින් ගෙන්වන ලද සියළු යන්ත්‍ර ක්‍රියාකරවන්නන් ඉන්දියාවෙන් පැමිණෙන නිසා ලංකාවේ මිනිස්සුන්ට රැකියා අහිමි වෙලා.,

    මේ නිසා ලංකාවේ මුද්‍රණ තීන්ත කර්මාන්තයට ඇතිවී තිබෙන ඉන්දීය ආක්‍රමණයෙන් රැග ගන්නා ලෙස ඉල්ලා සිටිමි

  9. Bnv says:

    What a fraud!!! Who manufactured tile in Sri lanka ???? Only royal ceramic???? This is not a benefit of general public!!!! This is concern of only dammikas biz.? This government also playing with people????

  10. Gsmage says:

    සැමෝටම යොදා ගතහැකි eco range tile එකක් නිෂ්පාදනය කිරීම . ඒ වගේම රජයට අයිතිව තිබු කර්මාන්ත නැවත පවරා ගැනීම . එ මගින් පොදු ජනයාට දැරිය හැකි මිලට tile මිලදී ගත හැක .

  11. Love nature says:

    අපේ දේ අරගෙන අපේ කම රැකගමු…!! ” ගන්න අපේ දේ “

  12. තිලකේ අයියා says:

    ටයිල් ගෙන්නපු සහරාන්ලගේ නෑදෑ ජාතියට අබ සරණයි…

  13. Niru says:

    It is good to encourage local production. But someone should take the responsibility to ensure quality and style

Leave a Comment

Main News