මට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..

July 10, 2020 at 8:40 am | lanka C news
මට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..

සිංහල හා දෙමළ භාෂා දෙකම මනාව හසුරුවමින් උතුරේ හා දකුණේ ජනතාව අතර පාලමක් වෙමින් ජාතික සංහිදියාව හා ශි‍්‍ර ලාංකිකත්වය ගොඩ නැගීම වෙනුවෙන් තමන් සිය දේශපාලන කාලය පුරාවට වෙර දැරූ බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක සමගි ජනබලවේගයේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක මනෝ ගනේෂන් මහතා පැවසීය.

එහිදි තමන් සෑම අවස්ථාවකදීම අන්තවාදය හා ජාතිවාදය පිටු දැකීමට කටයුතු කළ බවද ඔහු අවධාරනය කළේය.

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ පසුගියදා කිරුලපන ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.

අපි සජීත් පේ‍්‍රමදාස මහතාව ජනාධිපති අපෙක්ෂක ධුරය දක්වාම කැදවාගෙන ආවා. පසුව ඔහු විපක්ෂ නායක ධුරයට පත් කළා. මේ සියලූ කාර්යයන්හිදි මමත් ඇතුලූ දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය විශාල කැපවීමක් උතස්හායක් ගත් බව ජනතාව හොදින් දන්නවා.

2018 කුප‍්‍රකට ආණ්ඩු පෙරළිමේ කුමන්ත‍්‍රණයේදි මම කිසිදු අවස්ථාවක මුදලට වහල් වුණේ නැහැ මුදලට වහල් වී විකිණුණේ නැහැ. එදා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පාක්ෂිකයා රැක ගැනීමට පෙරමුණ ගත්තා. මම දේශපාලන පැති මාරු කළේ නැහැ. පසුගිය වසර 20 ක කාලයක් කළේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමයි.

දෙමළ ජනතාව අතර දෙමළ භාෂාවෙනුත් සිංහල ජනතාව අතරේ සිංහල භාෂාවෙනුත් මනාව කතා කිරීමේ හා දේශපාලන ඇත්ත ජනතාව වෙත පැහැදිලිව ප‍්‍රකාශ කිරීමේ හැකියාවක් මට තිබෙනවා. මට දෙමළ ජනතාවට මෙන්ම සිංහල මෙන්ම සමස්ත රටේ ජනතාවටම අමාත්‍යවරයෙකු ලෙස සේවය කළා. උතුරේ හා දකුණේ ජනතාව අතර පාලමක් බවට පත්වුණා. සෑම අවස්ථාවකදීම අන්තවාදය හා ජාතිවාදය පිටු දැක්කා. මගේ එකම උත්සහාය රටේ සංහිදියාව ඇති කර ශී‍්‍ර ලාංකිකත්වය ගොඩ නැගීමයි. ඒ නිසා සිංහල ජනතාව මෙවර මැතිවරණයේදි මා හට ඡුන්දය ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිනවා.

පසුගිය ආණ්ඩු කාලයේ රුපියල් කෝටි 11 ක අමාත්‍යංශ ප‍්‍රතිපාදන මත කොළඹ දිස්ති‍්‍රක්කයේ සිංහල දෙමළ පාසල් රැසක යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කළා. එමගින් ඔවුන්ගේ අධ්‍යාපනය ගොඩ නැංවීම මගේ අරමුණ වුණා.

මගේ වසර 20 ක දේශපාලන කාලයේදි ජනතා බදු මුදල් මිතුරන් සමග එක්ව සොරකම් කර නැහැ. රාජ්‍ය දේපල හොරකම් කොට වංචා කර බවට මට චෝදනා නැහැ. මම එහෙම හොරකම් ,වංචා ,දුෂණ කරලත් නැහැ. මට බාර් නැහැ. බාර් ලයිසන් නැහැ. එතිනොල් මත්ද්‍රව්‍ය ජාවරම් කළා කියල චෝදනා නැහැ. මගේ දැත් ජනතා සේවකයෙකු වශයෙන් පිරිසුදුයි. එමෙන්ම මම කිසිම දවසක පාර්ලිමේන්තු සභා ගර්භයේ හෝ මහජන පොදු ස්ථානයක අවිනීතව හැසිරිලා නැහැ. මම සෑමවිටම ප‍්‍රතිපත්තිමය දේශපාලනය අගය කරනවා. අපි ප‍්‍රතිපත්තිමය දේශපාලනයක් මේ රටේ ස්ථාපිත කළ යුතුයි.

– මාධ්‍ය අංශය

229 views

25 Comments to “මට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..”

  1. සුනන්ද මහේන්ද්‍ර says:

    සංහිඳියාව නාමේන් නාම පුවරුවේ ඉඳලා සිංහලයට කෙලියා. පුළුවන් තරම් කලේ දෙමළ රජ බස කිරීම. දෙන්න එහෙම එපා මූට එක සිංහල චන්දයක්.

  2. sunimal says:

    මේක සිංහළ බෞද්ද රටක් නොවේ කියාපු උබට ලැජ්ජා නැද්ද සින්හලයන්ගේ චන්ද ගන්න උබව අපි ගෙදර යවනවා අපේ චානසාර හාමුදුරුවන් හිරගෙයට යවන්න කියා උබ කියපු දේ දැන් අමතකද? කාලකන්නියා

    • COBRA says:

      චෞර රැජිනගේ මාර්ගයෙන් ඇමතිකමක් අරන් සහජිවනේ කියමින් කදුරටේ සිංහල ගම් වල නම් දෙමළ කිරීමටත් ..දෙමළ භාෂාව රජ කිරීමටත් ,සිංහලයින්ට අවමන් කරමින් සිංහල බෞද්ධ රටක් නොවන බව පවසමින් ඔහුගේ බලය පෙන්වමින් කල ත්‍රස්තවාදී යටිකුට්ටු වැඩත් සිංහලයින්ට අමතක වෙලා නැහැ මේ නිවට ත්‍රස්තවාදී ජාතිවාදී සක්කිලියා දුටු තැන පන්නා දමව් ..මොහුව අපේ රටින් පිටුවහල් කලයුතුයි මොහුගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි

  3. Kgs basnayake says:

    No 1 traitor of sinhalese and Tamils. Only politics no service for the people.

  4. UNP GAL IBBA says:

    මේ පාදඩ කොටියාට එකම එක සිංහලයෙක්වත් චංඳය නොදී ඉඳපල්ලා මූ අමුම අමු කොටියෙක් ඒදවස්වල කොටි වේදිකාවේ නැගලා සිංහලයාගෙන් දෙමළ දේෂය බේරාගන්න සටන්කරපියව් කියපු එකා දැන් එනවා අපෙන් චංඳය ඉල්ලාගෙන ලැජ්ජනැතුව ?????

  5. Train almeda says:

    මුට ජන්දය දෙන සැම සිංහලයකුම අැත්නම් එ ජාති දොහියකු ලෙස නම් කල යුතුයි ගෙරි දෙමලා

  6. Kure says:

    PALAM KOKA DINAWAMU !

  7. bombili says:

    Let alone Sinhalese, even Tamils should not vote for this born again PRABAKARAN.