චම්පික නෝ හෙල්ලුම්.. සන්දීප් හැප්පූ වාහනය තමන් නොපැදවූ බව රියදුරු කියයි.. අධිකරණයට දන්වයි..

July 11, 2020 at 10:40 am | lanka C news
චම්පික නෝ හෙල්ලුම්.. සන්දීප් හැප්පූ වාහනය තමන් නොපැදවූ බව රියදුරු කියයි.. අධිකරණයට දන්වයි..

2016 වසරේ රාජගිරියේ දී සිදු වූ රිය අනතුරේදී එම ජීප් රථය පැදවූයේ තමන් නොවන බව හිටපු ඇමැති චම්පික රණවක මහතාගේ රියදුරා ලෙස කටයුතු කළ තසිත දිළුම් කුමාර පිලිගෙන ඇත.

විමර්ෂකයන් හමුවේ මේ බව එම රියදුරා පිලිගත් බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාජ් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව දිලුම් තුසිත කුමාර නමැත්තාට ද අධිකරණය නොමග යැවීම යටතේ චෝදනා ගොනු කර ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතුවල සුදත් අස්මඩල යන අයට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

අදාල අනතුරෙන් බරපතළ තුවාල ලත් සන්දීප් සම්පත් නම් තරුණයා අදටද ආබාධිතව සිටින අතර ඔහු සමග තවත් යතුරු පැදියකින් ගමන් කල ඔහුගේ මිතුරකු සඳහන් කර ඇත්තේ එම ජීප් රථය පැදවූයේ චම්පික රණවක හිටපු ඇමැතිවරයා බව තමන් දෑසින් දුටු බවත් ඔහු සමඟ කථා කළ බවත්ය.

555 views
Main News