කර්මාන්ත දියුණු කරනවා කියන්නෙ කෘෂිකර්මාන්තය අතහැර දැමීම නෙවෙයි….

July 18, 2020 at 12:40 pm | lanka C news
කර්මාන්ත දියුණු කරනවා කියන්නෙ කෘෂිකර්මාන්තය අතහැර දැමීම නෙවෙයි….

2009 වසරේ සිට 2018 වසර වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ වගා කළ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 100 කින් අඩු වී ඇති බවත් එළ ගවයන් ප්‍රමාණය සහ මී ගවයන් ප්‍රමාණය 15966 කින් අඩු වී ඇති බවත් ජනලේකන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවේ දත්ත වලින් හෙළිදරව් වන බව ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ගාමිණී වලේබොඩ මහතා හෙළිදරව් කරන ලදි.

අඛණ්ඩව වර්ධනය වන ජනගහණයේ පෝෂණ අවශ්‍යතා සපුරාලමින් ශක්තිමත් ජනතාවක් නිර්මාණය කිරීමට කැපවන බව සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“කාර්මාන්ත නගා සිටුවීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ජාතික ධනය වර්ධනය කරනවා සේම කෘෂිකර්මාන්තය ඔස්සේ රටේ ස්වයංපෝෂිත බව තහවුරු කරගැනීම ද අත්‍යාවශ්‍ය ය. රටට බත සැපයූ ගොවි බිම් පුරන් වීමට ඉඩ හැර පසුව ඒවා කුණුකොල්ලයට වෙන්දේසි කළ යුගය දැන් අවසන් ය.

කොරෝනා සමය තුළ අපේ තරුණයන් විසින් විසින් ආරම්භ කළ පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාන්විතය තුළින් අපට කියා පාන්නේ ජාතියක් ලෙස අප තුළ සැඟව පවතින යටපත් කළ නොහැකි සම්ප්‍රදායක උරුමයයි.

වැඩිහිටියන් වන අපගේ යුතුකම වන්නේ එවැනි උද්‍යෝගීමත් තරුණයන් වඩ වඩාත් කෘෂිකර්මාන්තය වෙත නැඹුරු කරවීම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. මාගේ සෞභාග්‍යයේ දැක්ම මිණිපුරට වැඩපිළිවෙල තුළ එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් යෝජනා කොට ඇත.”

වසර 20 කට වැඩි කාලයක් රජයේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ ගාමිණී වලේබොඩ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. පසුගිය කාලය පුරාවටම දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටි ඒ මහතා මෙවර මනාප අංක 03 න් පොහොට්ටුව ලකුණින් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදී.

– media unit

328 views

10 Comments to “කර්මාන්ත දියුණු කරනවා කියන්නෙ කෘෂිකර්මාන්තය අතහැර දැමීම නෙවෙයි….”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කර්මාන්ත දිවුණු වෙනවා කියන්නේ ධනපතියන් බිහි වෙනවා කියන එකයි.
    අපි කැරලි 2ක් ගහලා කර්මාන්ත ශාලා පුච්චලා, ව්‍යාපාරිකයින් මරලා ධනපතියන් විනාශ කළා.
    ධනපතියන නැති තැන ඉන්නේ දුප්පතුන් පමණයි. එවිට සියල්ලන්ටම සම තැන හිමි වෙනවා.
    හරියට නිකන් සපත්තු දාන හැමෝගෙම සපත්තු ගැලෙවුවාම සියල්ලන්ටම නිකන් කකුල හෙවත් සම තැන හිමි වෙලා සපත්තු ඇති / සපත්තු නැති පන්ති බේධය ඉවත් වෙනවා වගේ වැඩක් මේක.

    • ඉත්තෑවා says:

      ඔවු ඔවු….. ජෙප්පෝ කරපු විනාසේ නිසා ලංකාවේ මිනිස්සුන්ට රස්සා නැති උනා.
      ඒ නිසා ගම් වල ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග රස්සාවට ගියා. කාර්මික නිෂ්පාදන අඩු නිසා පිට රට ධනපතියන්ගේ නිෂ්පාදන ආනයනය කරන්න උනා. ඒකෙන් වුන සමාජ ව්‍යසනය නිසා අද සමාජය විකුර්ති වෙලා. ළමා අපචාර වැඩි වෙලා. ජෙප්පො රටට කරුමයකි!

  2. Lakshman says:

    Proud of you.

  3. ක්‍රිමිනල් says:

    පුට්ටුවෙන් යවනවනං මෙන්න මේ වගේ පුද්ගලයො යවපල්ලා , වියත් මගෙත් ඉන්නවා නාලක ගොඩහේවලා ,අජිත් නිවාඩ් ක්‍රබ්‍රාල් වගේ හොරු.තටමලා තටමලා පට්ට හොරු , සෙන්ටර් මෝල් ගොබ්බයො , එතනොල් ,කුඩු ,බුකී කාරයො ,ස්ත්‍රී දුශකයො , කාඩ්බෝඩ් වීරයො යවන්නැතුව අඩුම ගානේ වැදගත් මම මිනිස්සු ටිකක් ඇරපල්ලා , පූට්ටුවට චන්දේ දෙන්න ඔනේ කියලා හිතෙන පස්සේ පැත්තේ ඇම්මක් තියෙනවනං.

    • බුවා says:

      හා හා… ජෙප්පෝ උබේ උපදෙස් අපට අවශ්‍ය නැහැ. අයර්ලන්තෙට ගිහින් එහෙ වැඩක් බලා ගනින්.

    • නිවහල් නිදහස් ජෙපි වහලා says:

      මගේ ජන්දෙ දෙන්නෙ ජෙප්පන්ට. මම වගේ ජෙප්පන්ට ඡන්දෙ දෙන අය කාවද යවන්න ංඕනෙ කියල ඔබතුමාම උපදෙසක් දුන්න නං.

      පුංච් අම්මට කෙලින, අයරිලන්තෙ හොර ගෑනු ඉන්න කිසිම හිරිකිතක් නැතිව රට ජාතිය පාව දෙන ලප ජඩය සහෝදරයව යවනවද,

      එහෙම නැත්නම් කන පැලෙන්න ගහල වාහන එලවල ගෑනු හප්පන, තමන්ගෙ දුවව පිටරට විශ්ව විද්‍යාලෙටයවල සයිටමි එකට විරැද්ධව රෙද්ද කරට අරං පාරට බැහැපු සූර් කාන්ත සහෝදරයව යවනවද,

      හිගන්නෙක් වගේ හිගන කුහක මුහුණත්තහඩුවක් තිබුනත් ධනපති පන්තියේ බිරිදක් ඉන්න නිසා හිගන්නෙක් නොවන යටත් විජිත හේරත් සහෝදරයව යවනවද,

      හරක් හුජ්ජ බොන හදුන්නෙත්ති සහේදරයව යවනවද, නැත්තං අර දේශදෙුාිහී වසල බිමලව යවනවද කියල මං මෙි තේරැංගන්න බැරව ඉන්නෙ.

  4. Love nature says:

    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
    පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

    වීර විකුම් පෑ පෙර දරුවෝ
    දෙස රැස මුරකෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොම වවු ණය කරුවෝ

    දැය දිනුමට පැද යන නැවියා
    ගොවියා බිම දෙවියා
    විපතෙහි සැපතෙහි
    නොසැළෙයි නොතැවෙයි
    අටලෝ දම හුරු හෙළයා

    මුහුදට ඈදෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
    ධාණ්‍ය වගාකොට සිරිලක මේ
    පෙරදිග කෙත කරවා
    අරපිරිමැස්මට පුරුදුවෙලා – බිඳලවු දුක සංකා
    පැරකුම් යුගයක් නැවත්ත අරඹවු
    නිජ භූමි තලේ ලංකා

  5. Love nature says:

    “දේශීය ගොවිතැන” පරිහානිය

    එදා ඈත අතීතයේ සිට දිගටම සිදුකරගෙන ආ “දේශීය ගොවිතැන” පළමු යුරෝපීය ආක්‍රමණිකයන් වන පෘතුගීසීන් හා ලන්දේසීන්ගේ කාලයේ දී පවා නොකැඩී නොබිඳී පැවතිණි. දේශීය ගොවිතැන් ක්‍රමයට කණකොකා හඬ උදා වූයේ 1815 ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් වීමත් සමගය ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් කර ගැනීමෙන් පසු මොවුන් මෙරටට කෝපි, කුරුඳු, සිංකෝනා, තේ, පොල් සහ රබර් යන වැවිලි බෝග හඳුන්වාදීමත් සමගම මෙරට වැවිලි ආර්ථිකය හා දේශීය කෘෂි ආර්ථිකය වශයෙන් ද්විත්ව ආර්ථික රටාවක්‌ බිහිවිය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මොවුන් හිතාමතා දේශීය කෘෂිකර්මය පිළිබඳ නොසලකා හරින ලද අතර වතු වැවිලි කෘෂිකර්මය නඟාසිටුවීමට විවිධ පියවර ගත්හ.

  6. Aurora says:

    දේශීය ගොවිතැන වගේම දේශීය කර්මාන්ත කියල ජාතියකුත් තියනවා. පිටරටින් කොස්ස ඉදලේ ඉඳන් ආනයනය කරපු මෝඩ ආර්ථික ක්‍රමවේදයට තිත තියන සිස්ටම් එකක් ජනාධිපතිතුමා ආරම්භකරලා තියන අවස්ථාවේ එතුමාට සහායක බලවේගයේ ප්‍රධාන සෙන්පතියකු වන මෙතුමා පාර්ලිමේන්තු යවන්න රත්නපුරේ ජනතාව වගබලාගන්න ඕන. ඒ හැර 8 පාස් පිස්සු පොරවල් වලට අවස්ථාව දෙන්න එපා. නොබෝ කලකින් උගතුන්ගේ අගය ජනතාවට දැනේවි. මේ අවස්ථාවේ සුළු සංඛ්‍යාවක් වුනත් 2025 ලොකු බලවේගයක් වියතුන් අතරින් මතුවේවි. පක්‍ෂවලටත් වියතුන් නැතිව බැරි තත්වයක් එනවා සහතිකයි.

Main News