උප්පැන්නෙන් ජනවර්ගය ඉවත් කිරීමට විමල්ගේ විරෝධය.. අලුත් උප්පැන්නය නවතී..

July 23, 2020 at 3:00 pm | lanka C news
උප්පැන්නෙන් ජනවර්ගය ඉවත් කිරීමට විමල්ගේ විරෝධය.. අලුත් උප්පැන්නය නවතී..

උප්පැන්න ලියාපදිංචි කිරීමේ දී ජනවර්ගය ඉවත් කිරීමට කටයුතු නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසිනි නව උප්පැන්න සහතික වල ‘ජන වර්ගය’ ඉවත් කර ඒ වෙනුවට ‘ශ්‍රී ලාංකික’ යනුවෙන් සටහන් කිරීමට තීරණය කල බවට රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා කල ප‍්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කළ බවත් අගමැතිවරයා එහිදීම අමාත්‍යාංශ ලේකම්වරයාට දුරකථනයෙන් අමතා එවැනි තීරණයක් ගෙන ඇත්නම් වහාම අත්හිටුවන ලෙස පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම තීන්දුව තීරණය ගෙන ඇත්තේ 2018 වසරේ පැවති යහපාලන රජය විසින් වන අතර එවකට හිටපු ඇමතිවරයෙකු වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රසිද්ධියේ උත්සවයක් අමතමින් සඳහන් කර ඇත.

'අපේ ආණ්ඩුව ජාතියේ අක්මුල් සිදබිද දමන්න ඉඩ තියන්නේ නැහැ

''අපේ ආණ්ඩුව ජාතියේ අක්මුල් සිදබිද දමන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා රෙජිස්ට්‍රාර් ජනරාල් කවර කතා කියුවත් පරණ සංකල්ප අනුව යමින් ආගම – ජාතිකත්වය සදහන් නොවන උප්පැන්න සහතික නිකුත් කිරීමට අපි ඉඩ තියන්නේ නැහැ''- ඇමති විමල් අවධාරණය කරයි

Gepostet von Wimal weerawansa am Mittwoch, 22. Juli 2020

1,000 views
Main News