ඡන්දෙට විමල්ගෙ පින්තූරය දමා මුද්දරයක් ගසා ලියුම් බෙදුවාද..

July 28, 2020 at 12:02 am | lanka C news
ඡන්දෙට විමල්ගෙ පින්තූරය දමා මුද්දරයක් ගසා ලියුම් බෙදුවාද..

ව්‍යාජ මුද්දර මැෂිමක් යොදා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන සිය රුස්වීමට ලිපි දහස් ගණනක් යවා රජයට රුපියල් ලක්ෂ ගණනක් පාඩු කළ නිමල් ආර්. පීරිස් මහතා මහජන දේපළ පනත යටතේ ඇප ලබා දිය නොහැකි වරදක් සිදු කර තිබිය දී කෙසේ හෝ ඇප මත නිදහස් වීමේ නිර්ලජ්ජිත, බරපතළ වංචාව පිළිබඳ වචනයක් හෝ කතා නොකරන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එහි නායකයන් තමන් තැපැල් ඡන්දය වෙනුවෙන්, තැපැල් ඡන්දදායකයාට යැවීමට සකස් කළ ලිපිය දැමූ නිර්මාණාත්මක ලියුම් කවරයෙහි ඇද තිබූ ‘මුද්දර පින්තූරය’ පිළිබඳ මහා ඝෝෂාවක් කරමින් මැතිවරණ කොමිසමට ඒ පිළිබඳව පැමිණිලි කරන තරමට බංකොලොත් වී ඇති බව ජානිපෙ නායක, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (27) බියගම නාගහමුල හන්දියේ පැවැති කාන්තා හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ කට්ටිය මැතිවරණ කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් දමලා, මම මුද්දරයක් ගැහුවා, කියලා. මම තැපැල් ඡන්දදායකයාට යැවීමට හදපු පත්‍රිකාව දැමීමට හදපු ලියුම් කවරයේ මුද්දරයක් වැනි පින්තූරයක් ඇඳ තිබුණා. එය බැලූ බැල්මට මුද්දරයක්. නමුත් පින්තූරයක්. මුද්දරයක් වෙනුවට පින්තූරයක් ඇඳ තිබෙන ලියුමක් තැපැල් ගාස්තු ගෙව්වා සේ සලකා තැපැල් දෙපාර්තමේන්තුව එය භාර ගන්නවාද? එහෙම තැපැල් මගින් ලියුම් යවන්න බැහැ, කියා කුඩා දරුවෙකුට වුවත් තේරෙනවා. මේ පැමිණිල්ල කරපු සමගි බලවේගයේ පිරිස කවදාවත් ලියුමක් තැපෑලේ යවා නැති පිරිසක් ද කියා මම දන්නේ නැහැ.

තැපැල් ඡන්දදායකයා ඉලක්ක කරගෙන මා සිදු කළ නිර්මාණාත්මක ප්‍රචාරණ දැන්වීම ඔබ දැක ඇති. එහි දී බයිසිකලයකින් ගෙදරටම ගොස් මගේ මනාප අංකය සහිත ටී ෂර්ට් එකක් පැලඳි ලියුම් බෙදන්නකු මගේම අත් අකුරින් ලියපු ලිපියක් බෙදනවා, දැක ගත හැකියි. එයයි අපි කොළඹ දිස්ත්‍රික්කයේ සිදු කළේ. එම ලිපිය අඩංගු ලියුම් කවරයේ ඇඳ තිබූ ‘මුද්දරයක පින්තූරය’ අල්ලා ගෙන තමයි මේ අය අද කෑගහන්නේ.

සමගි ජන බලවේගයේ අපේක්ෂක නිමල් ආර්. පීරිස් මහතා, සජිත් ප්‍රේමදාස මහතා එන රැස්වීමකට ලියුම් දහස් ගණනක් යවලා හොර මුද්දර මැෂිමකින්. එය තලංගම පොලිසියට හසු වුණා. රජයට කර ඇති පාඩුව රුපියල් එක් ලක්ෂ ගණනක්. මේ වරදට සජිත්ගේ එකී අපේක්ෂකයා කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්තුමන් හිටියේ නැහැ. වැඩ බලන මහෙස්ත්‍රාත් එදින සිටියේ. ඔහු සජිත්ලාගේ නීතිඥ සංගමයක ලොක්කෙක්. ඒ නිසා ඇප ලැබිලා.

රජයට කර ඇති අලාභය රුපියල් 50,000කට වැඩි නම් ඇප ලබා දීමට බැහැ. නමුත් පොදු දේපළ පනතෙහි එසේ සඳහන් වුවත් එදා සජිත්ගේ අපේක්ෂකයාට ඇප ලැබුණා. හොර මුද්දර මැෂිමක් භාවිතා කරලා, ලියුම් යවලා රජයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් කරලා, පොදු දේපළ පනත යටතේ ඇප දිය නොහැකි වරදක් තිබිය දී ඇපත් අරගත්තු අපේක්ෂකයා ගැන සජිත්ගේ බලවේගය කතා නැහැ. මගේ ‘මුද්දරයක් වගේ පින්තූරය’ සහිත ලියුම් කවරය අරන් ගිහින් මැතිවරණ කොමිසමට අද පැමිණිලි කරනවා”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

52,684 Viewers

9 Comments to “ඡන්දෙට විමල්ගෙ පින්තූරය දමා මුද්දරයක් ගසා ලියුම් බෙදුවාද..”

  1. කුරී- පාන්- බී -බී බිසව says:

    Creative Thinking. What if this could be on solving burning public issues as well. Don’t waste the time. Think and Think.

  2. නිරීක්ෂකයා says:

    මේ රටේ මහා බැංකුව කඩලා මහජනතාවගේ මුදල් බිලියන ගානක් අරංගියා යම පාලකයින් විසින්. ඒක දැක්ක නැති එවුන් විමල්ගේ මුද්දරේ දැකලා. කොහොමද මෙහෙම ආත්ම වංචනීක වහල් ජන කොට්ඨාශ ඉන්නකං රටක් ගොඩ නගන්නේ?

    විමල් විසින් ඇමෙරිකාව අපේ රටට එරෙහිව කරන සෑම කුමණ්ත්‍රනයක්ම නිසි වේලාවට හෙළි කළා. ඔහුට ඒ ගැන තියෙන්නේ සහජ දක්ෂතාවයක්. නමුත් ඒවා අගය කරන්නේ නැතුව ඒ ගැන කෘතවේදී වෙන්නේ නැතුව මුද්දරයක් අල්ලං කියවන්න තරම් කුහකයෝ ජීවතුන් අතර ඉන්නකං රටක් දියුනු කරන්නේ කොහොමද?

    විමල් ගැන මීට කලින් මෙහි ලියලා නෑ කිසිවක්, නමුත් මේ තක්කඩි මිනිස්සු ඉන්න රටක විමල් ලා කරන දේවල් වල ප්‍රතිපල 100% ක් ලැබෙන්නේ නැහැ. ඒක අභාග්‍යක්.

    • perera says:

      මෙම ලිපිය සදහා යන වියදම රජය නොහොත් මහජනතාව විසින් දරා ඇත. රා .සේ .පී යනු මහජනතාවගේ කාර්යයක් කිරීම සදහා මහජනතාව විසින් දරනු ලැබූ වියදමකි. පුද්ගලයින් තමන්ගේ චන්ද ප්‍රචාරණයට හෝ තමන්ගේ පුද්ගලික කාරණයකට රජයේ මුදල් යොදා ගැනීම නීති විරෝධිය. මෙය චන්ද පෙත්සමකට ගියහොත් අතේ කෝට් වැඩකි.

  3. 🙏🙏🙏 says:

    දුෂ්කරක්‍රියා කරන රජයක් බිහිකරනවා
    විසි දාහකුත් පවුලකට සජිත්ම දෙනවා
    තේවතු දලු කඩන අයට අයිති දෙනවා
    පෙඩරල් උතුරට දී රට දෙකට කඩනවා

    අවසන් හුස්ම රටෙ 5 වනදට ඇවිල්ලා
    දුන්නොත් චන්දෙ රට ගැනම හිතල්ලා
    වයර් කැපූ දුරකතනය පණත් ගිහිල්ලා
    නංවමු සිරිලකම වීර ගෝඨම දිනවලා

  4. Ex ජෙප්පා says:

    දැන් මේක දැකපු ගමන් අපේ නායක රතු අලි පැටියගෙ වහල්ලු සෙට්එක රෙද්ද උස්සගෙන එයි මෙතෙන්ට
    කොමෙන්ට් දාන්ඩ.

    • ලක්වැසියා says:

      අද යහපාලු කුලී ලියන්නන්ට නිවාඩු දීලද කොහෙද.

  5. ගොබ්බ පුතාණෝ says:

    ඉතිං අර වැඩබලපු එකාට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්ට බැරිද? අහෝ සුද්දගේ නීතිය. උන්ට ඕනෑ විදියට ගණිකා වෘත්තියේ යොදවන හැටි!

  6. Alapaluwa says:

    මෙය පට්ටපල් මඩ වියාපාරයක් සජියාගේ සහා රතු ලපයගේ මේකවත් තේරුම් ගන්න බැරි අමන හරක්ද තවම ලංකාවේ ඉන්නේ.තොපේ මොළ පුස්කෑවට මොළේ තිබෙන එවුන් මේවා බලා දෙකොණින් සිනා වෙන්නේ>>

  7. Perera says:

    මෙම ලිපිය සදහා යන වියදම රජය නොහොත් මහජනතාව විසින් දරා ඇත. රා .සේ .පී යනු මහජනතාවගේ කාර්යයක් කිරීම සදහා මහජනතාව විසින් දරනු ලැබූ වියදමකි. පුද්ගලයින් තමන්ගේ චන්ද ප්‍රචාරණයට හෝ තමන්ගේ පුද්ගලික කාරණයකට රජයේ මුදල් යොදා ගැනීම නීති විරෝධිය. මෙය චන්ද පෙත්සමකට ගියහොත් අතේ කෝට් වැඩකි.

Leave a Comment

Main News