හිරු බලයේදී එජාප-ජවිපෙ කාකොටාගෙන රෙදි ගලවාගනී.. සමරවීර හැමෝගෙම රෙදි අරන් දුවයි.. [Video]

September 23, 2016 at 9:20 am | lanka C news
හිරු බලයේදී එජාප-ජවිපෙ කාකොටාගෙන රෙදි ගලවාගනී.. සමරවීර හැමෝගෙම රෙදි අරන් දුවයි.. [Video]

හිරු රූපවාහිනියේ ඊයේ දින පැවති බලය දේශපාලන සංවාදයේදී ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් අතර අතිශය උණුසුම් සංවාදයක් ඇති වූ අතර වැඩසටහන මෙහෙයවූ රංගන දි සිල්වාටද එය පාලනය කර ගත නොහැකි මට්ටමට පත් විය.

ජවිපෙ වෙනුවෙන් සහභාගී වූ මන්ත‍්‍රී වසන්ත සමරසිංහ බැදුම්කර වංචාව හා ගල් අගුරු වංචාව ගැන අධිකරණ වාර්තා සහිතව කරැණු ඉදිරිපත කරද්දී එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද අභියෝගයට ලක් කරමින් ආණ්ඩුව විසින් පත් කරන ලද තමන්ගේම කමිටුවක කමිටු වාර්තාවක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කරන්නට යාමෙන් මෙම තත්වය මතු විය.

මන්ත‍්‍රී නලින් බණ්ඩාර සම්බන්ධ යයි කියන මහා පරිමාණ පොල් හොරකමක් සම්බන්ධයෙන්ද ජවිපෙ මන්ත‍්‍රීවරයා කරැණු ඉදිරිපත් කරද්දී එජාප මන්ත‍්‍ර‍්‍රිවරයා දැඩි ලෙස කෝප ගත්තේය.

මන්ත‍්‍රී නලින් බණ්ඩාරගේ අවස්ථාවේදී ජවිපෙ දුෂන මර්ධන කමිටු සාමාජිකයෙකුගේ චොරකම් චෝදනා පොලීසියේ බී වාර්තාද සහිතව ඉදිරිපත් කල අතර ජවිපෙ සාමාජිකයින් සිරිකොතට පැමිණ සුහද සාකච්චාවල නිතරවන අයුරු පැහැදිලි කලේය.

කෙසේ නමුත් බැදුම්කර වංචාව හා ගල් අගුරැ මගඩිය සම්බන්දයෙන් එල්ල වූ ප‍්‍රබල චෝදනාවන් බිද දමන්නට එජාප මන්ත‍්‍රිවරයා එල්ල කරන ලද අවශේෂ චෝදනාවන්ට නොහැකි වූ බවද කිව යුතුය.

ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පැමිණි සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීරද මෙම ගාලගෝටිය මැද කියා සිටියේ ජනවාරි 08 වැනිදා වෙනස කිරීමට එක් වූ අය කෙටි කලකින් මෙසේ ගහ මරා ගැනීම ගැන පුදුම නොවන බවයි.

සම්පූර්ණ වීඩියෝ 01 02

124 views
Main News