කැබිනට් මණ්ඩලය දිවුරුමෙන් පසු කොරෝනා අවදානම ඉහලට..- වසංගත විද්‍යා අංශ ප‍්‍රධානී..

August 13, 2020 at 12:02 am | lanka C news
කැබිනට් මණ්ඩලය දිවුරුමෙන් පසු කොරෝනා අවදානම ඉහලට..- වසංගත විද්‍යා අංශ ප‍්‍රධානී..

මේ සතියේ සිට රට සක්‍රීය වීම නිසා යම් මොහොතක සමාජය තුළ කොරෝනා රෝගියෙකු සිටියහොත් එය පැතිරී යාමේ අවදානමක් ඇති බව ‍වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

පාසල් ආරම්භ කිරීම නව අමාත්‍යාංශවල රාජකාරි පටන් ගැනීමත් සමග ජනතාව සක්‍රීය වීම නිසා සමාජය ක්‍රියාකාරී වීමෙන් මෙම අවදානම ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

මෙම තත්වය යටතේ යම් කිසි විටක හඳුනා නොගත් රෝගියෙකු හෝ රෝගි පොකුරක් මතුවුවහොත් එය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

එනිසා වෛරසයෙන් ආරක්‍ෂා වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා තදින් පිලිපදින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සිය කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

45,744 views

4 Comments to “කැබිනට් මණ්ඩලය දිවුරුමෙන් පසු කොරෝනා අවදානම ඉහලට..- වසංගත විද්‍යා අංශ ප‍්‍රධානී..”

  1. Saman says:

    Where does he say after the Cabinet is sworn in it may increase???

    what he mentions is after the Country start the daily routine with active work at all levels, there is a threat of spread. We should always have safety measures in place as we need the economy to pick up.

    Whats wrong with the one who puts captions here??

  2. බන්ඩා says:

    සමාජය තුළ කොරෝනා රෝගියෙකු සිටියහොත් එය පැතිරී යාමේ අවදානමක් ඇති බව තියන්න ‍වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මටත් කිව හැකිය්. කල යුත්තේ කොරෝනාවන් හඳුනා ගෙන ඔවුන් වෙන් කිරීමය්

  3. Sarath Bulathsinghala says:

    දෙවන රැල්ලක් බ්‍රහ්ම ලෝකයේ වුනත් එන්න පුලුවන්. ජපානය, හොංකොං තවත් එවැනි රටවල් සහ ඉතාමත් මෑත නවසිලන්තයෙන් පාඩම් ඉගෙන ගන්න.

    කෝවිඩ් උවදුර තව කාලයකට ලොවපුරා තියෙන ඇත, සුදුසු එන්නතක් සොයාගෙන එය ලොවපුරා එන්නත් කර ඉවර කරන තූරු අනතුර නිතර ලෝකයේ පවතිනු ඇත.

    සෞඛ්‍ය නිර්දේශ පිලිපැදීම අත්‍යාවශ්‍යයි!

  4. නිමල් says:

    අනේ ලොක්කෝ…බෝඩර්ස් වහල නම්..එයාපොර් එකෙන් කෙලින්ම නීරෝදානයට යනවනම් කොහොමද ඕක සමජයෙන් එන්නේ. පොඩ්ඩක් පැහැදිලි කොලානම්. මෝඩයෙක් වගේ කතාකරන්න එපා

Main News