Adult’s Only සටනින් ජනපති පිල පරදා අගමැති පිල දිනයි.. ස්වාධීන රූපවාහිනයේ මේ ඉරිදා ස්ථිරයි.. අලූතින්ම ඇඞ් දමයි..

September 23, 2016 at 10:00 am | lanka C news
Adult’s Only සටනින් ජනපති පිල පරදා අගමැති පිල දිනයි.. ස්වාධීන රූපවාහිනයේ මේ ඉරිදා ස්ථිරයි.. අලූතින්ම ඇඞ් දමයි..

ස්වාධීන රූපවාහිනී සේවය විසින් ඉරිදා රාත‍්‍රියේ විකාශණය කරන්නට නියමිතව තිබූ නමුත් ගිය සතියේ විකාශණය නොකල වැඩිහිටියන්ට පමණක් වන වැඩසටහන මේ සතියේ විකාශණය කරවන බවට පුවත්පත් දැන්වීම් පල කරමින් තිබේ.

දරැවන් නිදි කර එන්නැයි ගිය සතියේ පුවත් පත් දැන්වීම් පල කලද අද පුවත්පත්වල දැන්වීම් දමා ඇත්තේ ‘ලමා මනසට ගෝචර නොවන’ විශේෂණය සමගිනි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ ප‍්‍රසිද්ධියේ මීට විරෝධය පල කර ඇත.

ස්වාධීන රූපවාහිනිය පාලනය වන්නේ අගමැතිවරයා යටතේ අමාත්‍යාංශයෙන් වන අතර ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපති සමන් ආතාවුද හෙට්ටි අගමැතිවරයාගේ ලේකම්වරයෙකුද වෙයි.

kkkk

384 views