‘දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්..’ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගැන ජනපතිගෙන් ඉඟියක්..

January 21, 2017 at 10:40 am | lanka C news
‘දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්..’ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගැන ජනපතිගෙන් ඉඟියක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ වමට සිග්නල් දමා ගමන් කර, දකුණට හැරවීමට තමාට ගතවූ කාලයට වඩා අඩුවෙන්, දකුණට සිග්නල් දමා වමට හැරවීම තත්ත්පර ගණනකදී කළ හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් හමුවේ සඳහන් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමකදී ජනාධිපතිවරයා කළ එම දේශපාලන ඉඟියෙන් පසු එම පක්ෂයේ රජයක් පිහිටුවීම සඳහා පැවති උනන්දුව තවත් ඉහළ ගොස් ඇත.

ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා තමා දකුණට සිග්නල් දැමීම බුද්ධි අංශවලට පවා දැනගැනීමට නොලැබුණු බවත්, දැන් දකුණට සිග්නල් දමා වමට හැරැවීම බුද්ධි අංශවලට කෙසේවත් දැනගත නොහැකි වන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

අවශ්‍ය අවස්ථාවලදී තමා විසින් නිවැරැදි තීන්දු ගනු ලබන බැවින් තමන්ගේ ස්ථාවරය වෙනස් නොකර පක්ෂයත් සමඟ ඉදිරියට යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

කොතරම් බාධක ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන එම බාධක මැඬගෙන යන බවත්, පක්ෂයේ බලය තහවුරු කරගැනීමට කවුරුත් සැලකිලිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ කලකිරීමට පත්ව සිටින මැති ඇමැතිවරු පිරිසක්ද අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා මුණගැසී තමන් රජයේත්, පක්ෂයේත් කටයුතු කිරීමේදී මුහුණපා සිටින තත්ත්වය ගැන ජනාධිපතිවරයා හමුවේ පෞද්ගලිකවම කරුණු සැලකර ඇති බවද දැනගන්නට ඇත.

– මව්බිම

50 views

44 Comments to “‘දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්..’ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගැන ජනපතිගෙන් ඉඟියක්..”

  1. ~Micro Man~ says:

    තමා පදවන රථය වමට සිග්නල් දමා දකුණට හැරවීමෙන් සිදු වනුයේ තමන් ඇතුළු තම රථයේ ගමන් කරන සියළු දෙනාම මහත් අනතුරක හෙලීමය.2015 ජනවාරී 8 වනදාත් මෙරටට සිදුවූයේ එයමය.වම දකුණ මාරු වූ කල්ලියකට රටේ බලය ලබා ගැනීම උදෙසා රටේ ජනතාව දුන් මනාපය අනුහසින් දැන් සියල්ලටම වම දකුණ පමණක් නොව වයරුත් මාරු වී ඇතිය.ජනාධිපතිවරයෙක් සිටි රටක් පඹයෙකුට දුන් විට එසේ වීම පිළිබඳව පුදුම විය යුතු ද නැත.එදා මහන්ද හොරා වූ අපමණ වෙනසක් සෙවූ සමහර ඈයන්ට අද මහින්ද හරි සුද්ධවන්තයෙක් වෙලාය.තමාට කෙලවූ බව දැනුණු විට වස විසත් කිරි බවට හැරෙනවා කියන්නෙ එය නිසා විය යුතුය. ප්‍රමාද වී හෝ එවැනි උදවියට යථාර්තය වර්තමානයේදී හෝ සත්සුඳක් සේ පැහැදිලි වීම පිළිබඳව අපටද ඇත්තේ බලවත් සතුටක්ය.කෙසේ වෙතත් සිරිසේන ජනාධිපතිවරයාගේ ආප්ප සූත්තර වලට හසු නොවී සිටීමට රට,ජාතියට හිතැති සැමගේ පරම යුතුකමකි.

  2. sarath says:

    One shall be consistent with what he says ans what he does. So far you have escaped by saying ” I first heard from the news papers” Your time is over and get ready to go.

  3. දුගී_පුරවැසියා says:

    උදාහරණෙන්ම පේනව හැමදාම නීතිය කැඩූ අයෙක් බවට.

  4. 8න් පසු ඇරගත් මා says:

    මේ තරම් සියුමැලිද කොස්කොළ
    හිතන්නටවත් බැරි නිසා…
    මම ගියා බත් කන හරක්ටත්
    මොළේ දුන් මිනිසා සොයා…//

    පොළොන්නරුවේ සරල නිවෙසක
    මැටි පිළෙක පැදුරක් එළා..
    සරල ලෙස අනුභව කරයි ඔහු
    කොස් කොළේ කදිමයි කියා…//

    වසර දෙකකට ඉහතදී නුඹ
    මැවූ සිහිනය කොහි කියා..
    ඇසූ විට සරලව සිනාසුණි
    අහෝ තොපි මෝඩයි කියා//

  5. judas says:

    Pahara…thowa viswasa karanda apita marila upadinda waie.!

  6. pilliya says:

    ජල්ලි කට්ටු ගොන් පොර ක්‍රීඩාව තහනම් කිරීමට එරෙහිව ත්‍රිකුණාමල උද්ඝෝෂණයක් පැවැත්වූහ ethakota wama dakauna nodanna gon pora?

Main News