‘දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්..’ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගැන ජනපතිගෙන් ඉඟියක්..

January 21, 2017 at 10:40 am | lanka C news
‘දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්..’ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගැන ජනපතිගෙන් ඉඟියක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ වමට සිග්නල් දමා ගමන් කර, දකුණට හැරවීමට තමාට ගතවූ කාලයට වඩා අඩුවෙන්, දකුණට සිග්නල් දමා වමට හැරවීම තත්ත්පර ගණනකදී කළ හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් හමුවේ සඳහන් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමකදී ජනාධිපතිවරයා කළ එම දේශපාලන ඉඟියෙන් පසු එම පක්ෂයේ රජයක් පිහිටුවීම සඳහා පැවති උනන්දුව තවත් ඉහළ ගොස් ඇත.

ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා තමා දකුණට සිග්නල් දැමීම බුද්ධි අංශවලට පවා දැනගැනීමට නොලැබුණු බවත්, දැන් දකුණට සිග්නල් දමා වමට හැරැවීම බුද්ධි අංශවලට කෙසේවත් දැනගත නොහැකි වන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

අවශ්‍ය අවස්ථාවලදී තමා විසින් නිවැරැදි තීන්දු ගනු ලබන බැවින් තමන්ගේ ස්ථාවරය වෙනස් නොකර පක්ෂයත් සමඟ ඉදිරියට යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

කොතරම් බාධක ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන එම බාධක මැඬගෙන යන බවත්, පක්ෂයේ බලය තහවුරු කරගැනීමට කවුරුත් සැලකිලිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ කලකිරීමට පත්ව සිටින මැති ඇමැතිවරු පිරිසක්ද අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා මුණගැසී තමන් රජයේත්, පක්ෂයේත් කටයුතු කිරීමේදී මුහුණපා සිටින තත්ත්වය ගැන ජනාධිපතිවරයා හමුවේ පෞද්ගලිකවම කරුණු සැලකර ඇති බවද දැනගන්නට ඇත.

– මව්බිම

254 views

44 Comments to “‘දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්..’ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගැන ජනපතිගෙන් ඉඟියක්..”

  1. harsha says:

    oba mona paththata harunath oba kauda kiaya jathiyama dannawa… hari hari inna…

  2. ඔය වගේ සුපිරි සිරාමසේවක බයිලා අහලම කන් දෙකත් හිරිවැටිලා මෙදාපොටේ නම් ඉල්ලන් කැවා කියලා මතක තබාගනිමු නේද​?

  3. kamasiri Kuruwita says:

    කවුද අප්පා , මේ පොර ටෝක් පිලිගන්නෙ. රනිල්ගේ වචනෙට මෙයා භයයි. ඒ නිසා මොකුත්ම වෙන්නේ නැහැ කියල නම් ජනතාවට ෂුවර්.

  4. Polonnaruwe_Porak says:

    වමට සිග්නල් දැම්මත්, දකුණට සිග්නල් දැම්මත, ඩබල් සිග්නල් දැම්මත් යන්නෙ උතුරට මයි. අර යාපනේ ඉන්න විජේකලාඖත්ති දෙමල පට්ටේසිට සැප දෙන්න.
    ක්‍රෝටන් කොල ටිකක් කොටල කවන්න ඕනි සරලවම හිටං .

  5. S shantha says:

    He knows well that people of this country going to teach him a good bloody lesson.
    He wants to try his luck for the last time by trying to cheat the masses again.
    Do we, people of this country show that we still eat grass and drink punnakku? ????

  6. අනාථ ජනයා says:

    මෙ යකාගෙ නැකපැටවෙන විදිහට තමා රට පාලනය කරන්නෙ. මෙහෙම සමනල් කතා කියන ජරාපති කෙනෙක් මේ තුන් ලෝකයේ කොහෙවත් නැත

  7. Desapremiya says:

    ජනපති තුමෝ ඔය වැඩේ දැන් කරන්න බැහැ මොකද ආණ්ඩුව දැන් යන්නේ හැසාර්ඩ් ලයිට් දාගෙන. වම දකුණ දෙකම එකට පත්තු වෙනවා. කොයි පැත්තට හැරෙව් වත් හැප්පිලා මැරෙනවා.

  8. sakunathalaa says:

    Haa haa balaa gena wama dakuna marwela monawaa harawaavida manda? Uthura dakunatha harawanawalu. Indiyaawa lankaawatha harawanawalu. Howw….Howw.. dore poddka sarma dore patalilaa.

  9. සිරිසේන says:

    ඒ වගේම පසු පසින් සිට පිහියෙන් ඇනීමත් මට සුළු දෙයක්.

  10. minimuthu says:

    He admits that what he does is not what he says in simple. Is there any single idiot in this country to trust and believe this traitor? Only boasts that he did this and that.. ultimately what he did was came to power by someone else’s votes and says he is the leader of SLFP.. These are not speeches.. Only gossips

Main News