ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා…

August 26, 2020 at 8:02 am | lanka C news
ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා…

යම් යම් නීතිමය බාධාවන්, බදු ක‍්‍රමයන්හි පැවැති ගැටලූ ආදිය ඉවත් කරමින් දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දීමේ තම වගකීම ඉටු කරමින් සිටින බවත් හො`දින් ලකුණු රැස් කරමින්, මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නව නැම්මක් ඇති කිරීමට දායක වීම දේශීය කර්මාන්තකරුවාගේ කාර්යය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ලේ දියත උයන පරිශ‍්‍රයේ ‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද ස`දහන් කළේය.

‘‘දේශීය වශයෙන් පාවහන් නිෂ්පාදනයේ යෙදෙන සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවා දිරි ගන්වන්නත් ඔවුන්ගේ නිෂ්පාදන අපේ පාරිභෝගිකයාට සමීප කරවන්න අතරමැදියා ලෙස මැදිහත් වන්නත් මෙවැනි පාවහන් සල්පිලක් පැවැත්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව සඵල කර ගැනීමට ප‍්‍රදර්ශන කුටි 47කින් යුත් මෙම සල්පිලෙන් හැකි වන බව අපට විශ්වාසයි.

දේශීය පාවහන් නිෂ්පාදකයා රැක ගැනීම ස`දහා ආනයනය කරනු ලබන පාවහන් ස`දහා අය කරනු ලැබූ සෙස් බද්ද වැඩි කිරීමට අපි රජයක් ලෙස පියවර ගෙන තිබෙනවා. එසේම නීති විරෝධීව මෙරටට රැගෙන එන පාවහන් හේතුවෙන් ද දේශීය පාවහන් නිෂ්පාදකයා ගැටලූවකට මුහුණපානවා. එසේ නීති විරෝධිව මෙරට තුළට පාවහන් රැගෙන ඒම නතර කිරීම ස`දහා ද අපි අදාළ අංශ සම`ග සාකච්ඡුා කර අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

පාවහන් නිෂ්පාදකයාට විදෙස් වෙළෙ`දපොළ ජය ගැනීම ස`දහා අවශ්‍ය වාතාවරණය ද අපි සකසා දෙනවා. යම් යම් නීතිමය බාධාවන්, බදු ක‍්‍රමයේ පැවැති ගැටලූ ආදිය නිරාකරණය කර දී දේශීය කර්මාන්තකරුවා දිරි ගැන්වීමයි අපි සිදු කරන්නේ. කර්මාන්ත අමාත්‍යාංශය විදිහට අපට දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දිය හැකියි. ලකුණු රැස් කිරීම ඔහුගේ කාර්යයයි.

විදේශීය නිෂ්පාදන හා සමාන තත්ත්වයේ පමණක් නොවෙයි ඊටත් වඩා හො`ද තත්ත්වයේ නිෂ්පාදනයන් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙනවා. නමුත් අපේ රටේ ඇතැමුන් තුළ තවමත් පවතින ‘දීන ආකල්පයක්‘ නිසා ආනයනික නිෂ්පාදනයන් ඉහළින් තබනවා. විකුණන විටත් කියන්නේ ‘මේක රට එක’ කියලයි. අපි ඒ ආකල්පයෙන් මිදිලා දේශීය දේවල් අගය කිරීමටත් ඒවා පාරිභෝජනය කිරීමටත් සූදානම් විය යුතුයි. එවිට දේශීය නිෂ්පාදකයා රැක ගත හැකියි.

ලංකා කඩදාසි සමාගමට අයත් යකඩවලට විකිණීමට සූදානම් කර තිබූ වාලච්චේන කඩදාසි කම්හලට අපි යළි පණ දුන්නා. ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් නුදුරේදීම යළි විවෘත කෙරෙනවා. ලංකා පි`ගන් සංස්ථාව සතු වසා දමා තිබූ තිබූ ‘මහියංගනය උළු කම්හල‘ යළි විවෘත කළා. ඉදිරියේ දී ඔඞ්ඩුසුඩන් උළු කම්හලත් යළි විවෘත වේවි. ඛනිජ සම්පත් ආශ‍්‍රිත රාජ්‍ය සමාගම් මගින් මිනිරන්, ඛනිජ වැලි ආදිය අගය එකතු කිරීමක් සිදු කර අපනයනය ස`දහා ගත යුතු පියවර අපි ගනිමින් ඉන්නවා. පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවාට ද දිරි දෙමින් සිටිනවා. කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදයක් ඇති කිරීමට අපි ක‍්‍රමානුකූලව ගමන් කරමින් සිටිනවා.

මම මේ කර්මාන්ත අමාත්‍යාංශය ඉතා සතුටින් භාර ගත්තේ. මේ රටේ කර්මාන්තකරුවාට අත දීම, දිරි දීම පිංකමක් ලෙසයි මම දකින්නේ. ඒ පිංකමට මම ඉතා කැමැත්තෙන් සම්මාදම් වෙනවා.’’

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන බුද්ධික විමලසිරි, ආලෝක වාහලවත්ත, ශ‍්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී. ජී. විමලසිරි, ලේකම් ශ‍්‍රියානි ද සේරම් ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

29,362 views

6 Comments to “ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා…”

  1. Abc says:

    Dear Sir
    Well said
    The vision of u may ignite 2030 and beyond.
    Small change can make big change
    Covid is the God and lets fallow it
    If not thos land surely a colony of someone.
    We have money n can invest
    Waiting for invitation to become investors and or entrepreneur
    Plz lets do this
    The era of barrow to eat has ro eliminate
    Your role to the nation is vital
    Nothing expect personally except mental freedom as SLns
    Thank you

  2. Jeewanee Kariyawasam , chilaw says:

    cricket ground hadanna welawakda meka , ratama gini ganna onna menna , after covid monawa weida. moda kama , cricket ground hadala commies gahanna hadanne

  3. kanishka Tissa says:

    Well said sir! All the best! We need to develop the local industries in order to develop the rural economy. Among the many benefits that we reap we can stop sending our women to the Middle Eastern countries as house-maids.

  4. Gotaimbara says:

    Sri Lankan small businesses were ignored by Yahapalanaya. Our people are waiting to be given a small encouragement and they could succeed.

  5. කමල් says:

    දේශීය නිශ්පාදකයාට තැනදීම වගේම තත්ත්වය උසස් භාන්ඩ නිශ්පාදනය වැදගත් .එය නියාමනය නොකලොත් පාරිභෝගිකයන්ට දේශීය කියා බාල බඩු ගන්න උනොත් ඔවුන්ට දේශීය නිශ්පාදන එපා වෙයි.එනිසා SLS වගේ දේශීය සහතිකයක් හදුන්වා දෙන්න. අනිවාර්ය කරන්න .ගන්න බැරි අයට ඒ තත්ත්වයට එන්න උදවු කරන්න. අපේ මිනිස්සු බලන්නෙ එක රැයින් පෝසත් වෙන්න.

  6. Samjith says:

    ඇමති තුමනි.
    ජනමාධ්‍ය හරහා දේශීය දේ ගැන ජනතාවගේ ඇති “ලොක්ල් බඩු” තත්වයෙන් බාලයි . කියන ආකල්පය වෙනස් කරන්න . නැත්තන් ඔය යහපත් වැඩපිලිවෙල සාර්ථක කරගන්න බැහැ.

Main News