අපේ රජයේ රැකියා වැඩපිලිවෙල පක්‍ෂග‍්‍රාහීයි.. අසාධාරණයි..- ඇමති වක්කුඹුර

August 30, 2020 at 3:00 pm | lanka C news
අපේ රජයේ රැකියා වැඩපිලිවෙල පක්‍ෂග‍්‍රාහීයි.. අසාධාරණයි..- ඇමති වක්කුඹුර

‘රැකියා ලක්ෂය පක්ෂග්‍රාහිව තෝරලා කියන එක මේ ලැයිස්තු බැලුවම පේනවා. මේකෙන් අපිටයි අවාසි වෙලා තියෙන්නේ.ජනාදිපතිතුමා කිව්වේ දුප්පත්කම සලකල කටයුතු කරන්න කියල.කිසිම දේහපාලන බේදයකින් තොරව මේ රැකියා ලක්සය අපි ලබල දෙනවා. හැබැයි තෝරපු ක්‍රමයේ වෙසක් තියෙනවා. මේවා මේග්‍රා ම නිලධාරිවරු හා තව කට්ටියක් එකතුවෙලා තෝරල තියෙනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ සතිපතා පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට ඇඹිලිපිටියේදී එක්වෙමිණි.

වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේක තෝරපු ආකාරයට අපිට ප්‍රශ්ණයක් තියෙනවා.මේකෙන් අසාධාරණය වෙලා තියෙන්නේ පොහොට්ටුවට ඡන්දය දීපු අයට. මේ ලැයිස්තුවල වැඩි හරියක් බැලුවම තේරිලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය. ජනාධිපතිතුමාටයි සියලු දෙනාටම කියනවා මේ තොරපු ක්‍රමය වැරදියි.

මේ අයට වත්කමක් තියනවනම් මේ වගේ වත්කමක් තියනව කියල ග්‍රාම නිළධාරී සහතිකයක් දිය යුතුයි. ලක්ෂ 14ක් විතර පෙනී ඉදල ඒ ගොල්ලන් තෝරල එවල තියෙනවා ඒ ගොල්ලොන්ගේ පාක්ෂිකයන් කියන පිරිසක්.

දැන් මේ තොරපු ක්‍රමය වැරදියි. මේක තෝරනවනම් කමිටුවක් පත්කල යුතුයි. අපි රුපියල් 5000 දෙනකොට කමිටුවක් පත්කලා. අපි කියනවා මන්ත්‍රිවරයා අයින් කරන්න ප්‍රශ්නයක් නැහැ. මේකට ග්‍රාම නිළධාරිතුමා,සංවර්ධන නිළධාරීතුමා,මේකට  හමුදාව දැම්මට ප්‍රශ්ණයක් නැහැ. එක්කෙනෙක් දාල තෝරණ එක අසාදාරණයි. අපේ අපේ ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ කිසිම ලැයිස්තුවක් අපි දාල නැහැ. මේකෙන් අසාදාරනය වෙලා තියෙන්නේ අපේ අහින්සක දුප්පත් ජනතාවට.

දුප්පත් 50ක් ගමක ඉන්නවනම් ඒ පනහම තොරන්න ඒ අය එන්න ඕන. මේක සාදාරන වියයුතුයි. මේ රැකියා ලක්ෂය දෙන්නේ පවුල් ලක්ෂයක් පොහොසත් කරන්න. විපක්ෂය වෙනුවෙන් පෙනි සිටින අයට තමයි මේ තේරිම් කරල තියෙන්නේ.

කිසි  සේත්ම මේ ආකාරයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කටයුතු වෙන්න ඉඩ නොතබන බවද  රාජ්‍ය අමාතය ජානක වක්කුඹුර මහතා වැඩි දුරටත් කීය.

48,495 views

11 Comments to “අපේ රජයේ රැකියා වැඩපිලිවෙල පක්‍ෂග‍්‍රාහීයි.. අසාධාරණයි..- ඇමති වක්කුඹුර”

  1. Prasantha says:

    Dear Minister
    You people are there to make new lows and other administrative works to the contry. Not to perticuler party.Current system is exelent.That is why everyone get selected.Politecians are not to give jobs. Ut to establish systems to the country. Not to yuor loyalist.

  2. Modaya says:

    Your are very correct. When they were selecting people from among the poors, some Viyathmaga people in troduced their kith and kins. I vehemently opposed this but my single power was not sufficient to thwart their the majority culprits. It is neceassry that the appointments are re-evaluated.

  3. RW says:

    Don’t be selfish Mr Lawmaker. If UNP, SJB people also got, that means , selection is not biased . You got 75%of votes this time . Next time , it will be 90%.

  4. හෙලුව says:

    ඇති යාන්තම් රාජ්‍ය අමාත්‍යවරයා තමාගෙ හෙලුව රටටම එලි කලාට….!!!
    වරද කාගෙද..??

  5. නිමල් ජයසිංහ, කොටාමුල්ල says:

    මෙි ඇමතිතුමා කියන අප්‍රබංශ කතාව තේරෙන්නෙ නෑ. රැකියා ලක්ෂය තේරීම පක්ෂග්‍රාහීලු. පොහොටිටු ආධාරකරැවන්ට ලැබිල නෑලු. යූඇන්පී උන්ට ලැබිලලු. දුප්පත් පවුල් ලක්ෂයක් සවිමත් කරන්නලු අරමුණ. කතාවෙන් තේරෙන්නෙ පොහොටිටුවෙ කටිටියට පමණක් දෙන්න ඔනැ කියන බවක්. ඒ කියන්නෙ එයාලට විතරක් ලැබුනොත් පක්ෂග්‍රාහී නෑ. මාර තර්කයක්.
    ගමෙි උන් කියන මෙි ඇමති සාමාන්‍ය පෙළ ගණිතය අසමත් කියන කතාව ඇත්තක් වගේ.

  6. රජරට බයියා says:

    චන්දයට ඉස්සර පත්වීම් ලියුම් දීලා වැඩටත් වාර්තා කරපු අයගෙත් නම් කපලා. මැකෝ ගේ වැඩේ නිසා ඒ අයගේ රස්සවත් නැතිවෙලා.

  7. Charles says:

    Mr Wakkumbura, do not interfere with what president try to do . What president is doing is the right way. Other thing is do not play games with GR.

  8. gamarala says:

    ග්‍රාම නිළධාරී කියන්නේ හොරු රැලක් මේ අය ගැනත් සොයා බැලිය යුතුය අල්ලස් කප්පිත්තෝ.

  9. ඔන්න පුතෝ පාර වරද්දගන්න හදන්නේ. පක්ෂය තෝරල රැකියා දුන්නේ 1977 ජේආර්ගේ පරම්පරාව. පොහොට්ටුවට ඕව ඈඳා ගන්න එපා. ඔය කියපු ප්‍රකාශෙනුත් තමුන්ගේ ලකුණු බර ගණනක් කැපිලා.

Main News