හන්තානේ ඉඩම මගේ.. එනිසා මා එලි පෙහෙලි කලා.. මීටර 3000ට වඩා උසින් ඇති බව ඇත්තයි..- කිරිඇල්ල

September 3, 2020 at 2:10 pm | lanka C news
හන්තානේ ඉඩම මගේ.. එනිසා මා එලි පෙහෙලි කලා.. මීටර 3000ට වඩා උසින් ඇති බව ඇත්තයි..- කිරිඇල්ල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි. – හන්තාන ඉඩම පෞද්ගලික අයිතිය ඇති ඉඩමකි.

පසුගිය දිනවල විවිධ මාධ්‍ය හරහා මාගේ පවුලට අයිතිය ඇති හන්තාන ඉඩම පිළිබදව විවිධ සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කර ඇත. එම පුවතට අදාල අක්කර 8 ක ඉඩම් කොටස මීට වසර 30 කට පෙර 1990 නොවැම්බර් මස 30 වන දින පමුණුව පදිංචි ඉඩම් හිමි වැවිලිකරු අංදිරිස් ජයසිංහ යන අයගෙන් මා විසින් සින්නක්කරව මිළදීගත් ඉඩමකි.

මෙම ඉඩම අවම වශයෙන් 1947 වර්ෂයේ සිට පෞද්ගලික අයිතිකරුවන්ට හිමිවූ බව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛණවල පැහැදිලිව සදහන්වේ. තවද අපගේ අයිතිය ප‍්‍රාදේශීය සභාවේද ලියාපදිංචිවී ඇත. අදාල පුවතට අයත් හන්තාන ඉඩම රජයට අයත් ඉඩමක් නොවේ.

මෙම ඉඩම හන්තාන රක්‍ෂිතයට අදාලව පනවා ඇති රෙගුලාසි අනුව මුහුදු මට්ටමේ සිට අඩි 3000 කට ඉහලින් පිහිටා ඇති බව මා පිළිගන්නා අතර. හන්තාන සුරුකීමේ නීති රීති අනුව හන්තාන රක්‍ෂිත කළාපයේ ගොඩනැගිලි ඉදිකිරීම් තහනම් වුවද, ඉඩමේ හිමිකරුවන් හට හන්තාන සුරැුකීමේ කමිටුවේ නිර්දේශයට යටත්ව තම ඉඩම්හි කාබනික වගා කටයුතු සිදුකිරීමට අයිතිය ඇත. ඒ සදහා මේ වනවිටත් හන්තාන සුරුකීමේ කමිටුව වෙතින් කාබනික වගා කටයුතු සදහා අනුමැතිය අයදුම්කර ඇත.

නව රජය පත්වීමෙන් පසු වගා කටයුතු පිළිබදව රට තුල ඇති කල උද්යෝගයත් සමග මා හට අයත්, මීට පෙර තේ හා ගම්මිරිස් වගාකර තිබූ, හන්තාන ඉඩමට ඇතුළුවීමට තිබූ අපහසුතාවය හේතුකොටගෙන, ඉඩමෙහි යම් යම් කොටස්වල උසට වැවී තිබූ තණ කොළ පමණක්, ඉතා වගකීමෙන් හා සැළකිල්ලෙන් අඩු කරන ලදී. ඉඩමෙහි හිමිකරු වශයෙන් ඒ සදහා මා හට අයිතියක් ඇත.

පරිසරයට ආදරය කරන ශී‍්‍ර ලාංකිකයකු වශයෙන් මාගේ මෙම පෞද්ගලික ඉඩමෙහි කිසිදු ගස් කැපීමක් හෝ කිසිදු පරිසර හානියක් සිදුවී නොමැති බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමි. හන්තාන රක්‍ෂිතය පිළිබද රෙගුලාසි ඇතුලත් ගැසට් පත‍්‍රයේ පිටපතක් මා විසින් මහනුවර පොලිසිය වෙතද ලබාදී ඇත.

පටු දේශපාලන වාසි උදෙසා, විවිධ පාර්ශවයන් විසින් නොයෙක් මාධ්‍ය හරහා මාගේ සහ පවුලේ කීර්තිනාමයට හානි වන ලෙස මෙවැනි අසත්‍ය පුවත් ප‍්‍රචාරය කිරීම පිළිබදව මාගේ කණගාටුව ප‍්‍රකාශ කරමි.

ස්තූතියි,
මෙයට විශ්වාසී,

අධිනීතීඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල
මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර,
ශි‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක

67,453 views

27 Comments to “හන්තානේ ඉඩම මගේ.. එනිසා මා එලි පෙහෙලි කලා.. මීටර 3000ට වඩා උසින් ඇති බව ඇත්තයි..- කිරිඇල්ල”

  1. ගරසරප says:

    හා…හා…ඕකනේ. ජවිපාවුන් මේකට සද්ද නැත්තෙ .

    • sam says:

      ජවීපෙට බැනල වැඩැක් නෑ. නමුත් හොඳින් බලන්න. පරිසරයට වෙන මහා පරිමාන හානි ඔක්කොම පස්සේ ඉන්නේ ලොකු දේශපාලකයින්. ගම් වල මිනිස්සුත් පරිසරයට හානි කරනවා. නමුත් ඒ ජීවත් වීමට. ලොකු කරන්නේ ලොකු ධන කුවේරයන් වීමට..

  2. Makal says:

    90 ගණන් වලද කියල මතක නෑ, ඒ වගෙ කාලෙ හන්තානෙ රක්ෂිත ඉඩම් විවිධ ක්‍රම වලට අලුතෙන් ඔප්පු ප්ලෑන් හදල ලියා ගන්න පුලුවන් වුන බවට මිනිසු කතා වෙනවා මට ඇහුනා…

    • "අටරියන" says:

      කන්ඳ මුදුනම පේන්නම එලි පෙහෙලි කලේ සොහොන් කොතට සුදුසු තැන බලාගන්නද..??

      හැබැයි කිරිඇල්ල මහත්තයෝ මහනුවරට ඔබගේ මැති ඇමති කාලේ කල දේවල් අපට මනාව පෙනේ….
      මීටර් 3000 උඩට ගිහිල්ලා බලන්න ඕනි නැහැ ..

      පරිසර හානි ධන කුවේරන්ට “අටරියන” නිරයට ඇති ලඟම දුරය…!

  3. Upul Attanayake says:

    munta munge hamputhalage labuna deval . monawa katha karanavada Lankave Baiyyo

  4. Nimal says:

    Horakamkarala gaththa salliwalin gaththa idama neda hora gediya

  5. godaya says:

    මේ සැරේ පරදින්න තිබුණු මිනිහෙක්. රටේ කරුමෙට දිනුවේ.

  6. බන්ඩා says:

    කිරිඇල්ලයා ඔලිගාචයෙක්. ජනතාව මෙවැනි තන්හාදිතයන් මංත්‍රී වරු නොකල යුතුය්.

  7. Jagath says:

    අම්මට හුඩු අක්කර 8ක් ??? (පර්චස් 1280ක්) රජයේ සේවකයෙක් වෙන මම අවුරුදු 35ක් සේවය කරලත් හන්තානෙන් පර්චස් 2ක් වත් ගන්න සල්ලියක් නැහැනේ. මට මතකයි මු 1977ට ඉස්සර ගලහා ඉඳලා ලොරි බාගෙක එල්ලිලා නුවර ආපු එකෙක්

  8. Sanath says:

    You cannot destroy the natural environment just because the land is yours. People in down south in Akurala area destroyed coral reefs saying these are part of their land. Because of this Sri Lanka lost nearly 50 square kilometres of land, and government had to spend billions of dollars to build “bunds” to prevent sea advancing to land.

  9. අපි කියමුකෝ එහෙමයි කියලා දීකිරට බලල්ලුත් සාක්‍ෂියි???

  10. On The Spot says:

    ඉඩම ඔහුගේ වූ පමණින් රක්‍ෂිත තෙත් කලාපයක හිතුමතයට වැඩ කල නොහැකිය​.මොහුගේත් ඔක්‍ෂිජන් එපා කියා කඩොලාන කපන උන්ගේත් වෙනසක් නැත​.එකිනෙකාට හිතෙන පරිදි රටේ පරිසර පද්ධතීන් විනාශ කලහොත් නුදුරේදීම එහි පල විපාක රටේ අතිමහත් ජනයාට විඳින්නට සිදුවන බව නොරහසකි.නීතිය සැමට එක නම් මේ අවනීති නැවතිය යුතුය​.අපි බලා හිඳිමු.

Main News