තෙල් නැවේ ගින්න දළුලයි.. මුහුදු කලාපය දැඩි අවදානමේ.. [Photo]

September 4, 2020 at 12:00 pm | lanka C news
තෙල් නැවේ ගින්න දළුලයි.. මුහුදු කලාපය දැඩි අවදානමේ.. [Photo]

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබෙන ඉන්ධන නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් පවතී.

ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික යාත්‍රා කිහිපයක් උත්සාහ දැරුවද එය පාලනය කිරීමට මෙතෙක් හැකිව නැත.

නෞකාවේ කපිතාන්වරයා සමඟ සාකච්ඡා කරමින් එම නෞකාවේ සැලැස්ම පිළිබඳ අවබෝධයෙන් මෙම ගින්න පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව නාවුක හමුදාව කියයි.

දැනටමත් අනතුරු අඟවා ඇත්තේ මෙම නැවේ තෙල් මුහුදට එක් වුවහොත් ශ‍්‍රී ලංකාවේ මුහුදු කලාපයටද දැඩි ලෙස බලපෑම් එල්ල වනු ඇති බවයි.

61,362 views

14 Comments to “තෙල් නැවේ ගින්න දළුලයි.. මුහුදු කලාපය දැඩි අවදානමේ.. [Photo]”

  1. අග්‍ර ඵලය says:

    මෙච්චර වතුර ඉහලත් ගින්න නිවෙන්නෙ නැත්තේ ඒ වතුර රතන සූත්‍රයෙන් පිරිත් කරලා නැති නිසයි . ඔය ටග් යාත්‍රාවලයි නැව් වලයි ඉක්මනින්ම පීකර් බැඳලා හයියෙන් නැවට ඇහෙන්න රතන සූත්‍රය දමන්න ඕනෑ. එයින් පස්සේ පිරිත් පැන් ගුවනින් ඉහින්න ඕනෑ… ඒක තමා එකම ක්‍රමය…

    • Asitha says:

      ඔබ ගැන අනූකම්පා කරනවා හැර වෙනත් දෙයක් කිව යුතු නොවේ..

    • gamarala says:

      මේ නැව කතෝලික නැවක්‌ පිරිත් කිමෙන් වැඩක් නැහැ

    • SPAD says:

      නෑ නෑ ඕකට කියන්න ඕනෙ රතන සූත්‍රය නෙවේ, තෙල් මිල සූත්‍රය

    • saman says:

      කුරුසය දාල මුහුදේ වතුර හෝලි වතුර කරලා ගහන්න. එහෙම නැත්නම් මුහුදට දන්නා සෞදි ලිඳෙන් ගෙනාව හෝලි වතුර, කලවම් කරලා ගහන්න. හරි යනවා.

    • damian says:

      මේ තෙල් අ රාබියෙන් එන්නේ. රතන සූත්‍රය වැදක් නෑ. කුරානේ කියන්න වෙනව​.

      හැබැයි අර පුටුව හොරකම් කරන්න දඟලන රතනව උස්සල ගිහින් ඕකට දැම්මොත් නිවෙන්නෙ බැරි නෑ.

    • ranga says:

      උඹේ මොලේ පට්ටනෙ බං.බැයිද ඕකෙන් ප්‍රයෝජනවත් වැඩක් ගන්න.

  2. Janaka from Matara says:

    මේක මහම ලොකුම අබියෝගයකුත් නෙවෙයි දැනට පේන විදියට​. ඒත් හරි යන්තර සූත්තර නැතිවුනොත් මහම විනාසයක් වෙන්න පුලුවං. දැං මේ වැඩේට ලෝකෙම ඉන්න උං ඇවිත්. රුසියන් කාරයොයි, ඉංදියන් නැවුයි.
    මේ තරම් මුහුදු පදාසයක් අයිති අපිට මෙයිට වඩා හොඳ බඩු තියෙන්න ඕනෑ ආපදා වලට මුහුන දෙන්න​.

  3. hitan says:

    Let it sink with oil .without spillage
    if oil spills,SL tourism finished for 10 years.

  4. වෙබ් බුවා says:

    මෙය පිටුපස රෝ ඔත්තු සේවය සිටිය හැකියි

Main News