ජනපතිගෙන් පලාත් සභාවලට රතු එලි.. බලතල දුන්නොත් වෙන විපත කෙලින්ම කියයි..

September 6, 2020 at 12:02 am | lanka C news
ජනපතිගෙන් පලාත් සභාවලට රතු එලි.. බලතල දුන්නොත් වෙන විපත කෙලින්ම කියයි..

කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබිණැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී අද (05) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනය කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680ක් සහභාගී වෙති. අද ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවක 08 වැන්නයි. එහිදී සියයකට අධික මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු දේශන කරති.

ජනාධිපතිතුමා සිය කථාව ආරම්භ කරමින් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ රජයේ විවිධ අංශ ගත් තීරණාත්මක හා කඩිනම් පියවර සහ අපේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශිෂ්ඨ ප්‍රයත්නය නිසා බව සඳහන් කළේය. මේ ව්‍යායාමයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයනට එතුමා කෘතඥතාව සහ උපහාරය පුද කළේය.

“ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා සාර්ථක ලෙස වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සමත් වූයේ නැහැ. ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ සර්වජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක්. පෙර සූදානමක් නොතිබීමත්, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීමත් ඊට බලපෑවා. ප්‍රතිඵලය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගියෙකු හෝ අප ආපසු හරවා යැවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි අන්තර්ජාතික සංවිධාන සේම බොහෝ රටවල් අප අත්කරගත් සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රි ලංකාවට මේ ප්‍රගතිය හිමිකර ගැනීමට හැකි වූයේ අපේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” ජනාධිපතිතුමා පැවසීය.

කොවිඩ් 19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය අපේ මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට ප්‍රබල සාක්ෂියකි. එසේ තිබියදී අපේ රට වැසියන් බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න තමාට ප්‍රහේළිකාවකැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කීය.

රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන සැකයක් නැත. රජය උත්පාදනය කරන අරමුදල් මහජන සෞඛ්‍ය සේවා අභිවෘද්ධිය පිණිස වැය කරන නිර්මාණශීලි ප්‍රවේශයකට කාලය එළැඹ තිබේ. එවැනි ක්‍රියාදාමයක අවසාන ප්‍රතිලාභය පුරවැසියාට බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මසකට පෙර පැවති පාර්ලි‍මේන්තු මැතිවරණයේදී ජනතාව රජයට දුන් ජනවරම සිහිපත් කළ ජනාධිපතිතුමා ජනතාව සංවර්ධන පිපාසයෙන් පසුවන බවත්, නිදහසට හේතු දැක්වීම්වලින් වෙහෙසට පත්ව සිටින බවත් පැවසීය. “ නිරෝගී ජනගහණයක් සිටීම සංවර්ධනයේ මුලික කුළුණු වලින් එකක්. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීමයි. මගේ ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා”, ජනාධිපතිතුමා කියා සිටියේය.

වෛද්‍යවරයෙකු හමුවීම සඳහා බොහෝ දුර ගමන් කිරීමට සිදුව ඇති ගම්බද ජනයා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සක්‍රීය ප්‍රායෝගික දෘෂ්ටියකින් බලා ගැටළු විසඳීමට හැකි බව පෙන්වා දුන්නේය. නව සංකල්ප හඳුන්වාදීමට දැන් කාලය පැමිණ තිබේ. සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති ගම්මානවල සුවසේවා සැලසීමට දායකවීමට මහජන සෞඛ්‍ය හෙදියනට පිළිවන. ග්‍රාමීය බෙහෙත් ශාලා නැවත පණ ගැන්වීම තවත් විසඳුමකි.

“යහපත් සීමාවාසිකයා” වැඩමුළුවට එක්ව සිටින තරුණ වෛද්‍ය උපාධිධාරීන් විශේෂයෙන් ආමන්ත්‍රණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෛද්‍ය ක්ෂේත්‍රය පුද්ගලයෙකුට පිවිසීමට හැකි උතුම් වෘත්තීන්ගෙන් එකක් ලෙස හැඳින්වීය.

“ රෝගීන්ගේ ජිවිතය කෙරෙහි වෛද්‍යවරයාට ඇත්තේ විශාල වගකීමක්. පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වන්නේ ඔබ එළැඹෙන නිගමනය අනුව. ඔබේ වගකීම සුළුකොට තැකීමට පිළිවන්කමක් නැහැ”, ජනාධිපතිතුමා කීය.

දේශනය අවසන් කරමින් “ආරෝග්‍යා පරමාලාභා” යන බුද්ධ වචනය සිහිපත් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාවේ ඉහළම ප්‍රමිතීන් සාක්ෂාත් කර ගනිමින් සහෝදර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැප වන්නැයි ආධුනික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සහ සෞඛ්‍ය නිලධාරීහූ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රමුඛ සංගමයේ සාමාජිකයෝ සහ සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් වැඩමුළුවේ සමාරම්භයට එක්ව සිටියහ.

වැඩමුළුවට සහභාගී වූ රාජපක්ෂ මැතිතුමා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැළණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුරුවක් තිළිණ කළහ.

ජනාධිපතිතුමා මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයේ මෙහෙණින්වහන්සේ, ආයතන කාර්ය මණ්ඩලය සහ ධර්මචක්‍ර ළමා පදනමේ දැරියන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

 

96,912 views

23 Comments to “ජනපතිගෙන් පලාත් සභාවලට රතු එලි.. බලතල දුන්නොත් වෙන විපත කෙලින්ම කියයි..”

  1. පලාත් සභා එපා says:

    පිං පඩි ගිලිමින් පුටු රත් කරකර පගා කොමිස් අල්ලස් අරගෙන කාලා ගෙදර ගිහිනුත් ජනතා මුදලින් විශ්රාම වැටුප් ලබන කාලකන්නි හැත්තක් ඉන්නකං මේ රට හැදිලි බොරු…
    තොපිට කන්න තියනවනම් වෙන මොනවත් ඕනෙ නෑ. පලාත් සබාව රටේ සල්ලි කන machine එකක්. ඉන්දියාව අපේ රටට බලෙන් පැටවූ පළාත්සභා අහෝසිකළ යුතුයි.

    • පලා බබා says:

      පලාත් සභා අහෝසි කිටීමේ රනිල්ගේ ගැටය. ඔහු ඒ සඳහා මුලින්ම කලේ ප්‍රාදේශීය සභා සඳහා වැඩි බලතල සහිතව වැඩි නියෝජනයක් ලබාදීමයි. (මන්ත්‍රී සංඛ්‍යාව දේගුණයකින් පමණ වැඩි කරන ලදී) ඔවුන් තම ගමට වැඩ කලයුතු අතර අධ්‍යාපන, සෞඛ්‍ය, ඉඩම් හෝ පොලිස් බලතල අවශ්‍ය නැත. රනිල්මෙම වෙනස සිදු කිරීමේ දී නව සීමා නිර්ණයන් සිදුකර උතුරු පළාත් සමහර ප්‍රදෙශේය සභා උතුරු මැදටත්, නගේන්හිරටත් අමුණන ලදී. නැගෙනහිර යම් පර්දේශේය සභා උතුරු මැදට අමුණන ලදී. එසේ වෙනස් කල සීමා නිර්ණයන්ට ප්‍රාදේශීය සභා චන්දය පැවැත්වීමට 2/3 චන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී. එසේ කිරීමේදී පළාත් මායිම් වෙනස වේ. නැවත පළාත්සභා චන්දය පවත්වන්නේ නම් එම වෙනස්වූ පළාත් මායිම් වල සීමා නිර්ණය කර එය පාර්ලිමේන්තුවේ 2/3 චන්දයෙන් සම්මත විය යුතුය, තම පළාත් සීමා කුඩා වූ බැවින් සහ අචාරු වූ බැවින් දෙමළ සන්ධානය හෝ මුස්ලිම් කොන්ග්‍රසය පළාත්සභා චන්දය පැවතීමට බල කරන්නේ ද නැත. පළාත් සභා පනතේ දක්වා ඇත්තේ යම්කිසි නිස්චිත් කාලයකින් පළාත්සභාවේ ආයු කාලය අවසන් වන බව දක්වා තිබුන ද අහෝසි වූ දින සිට යම්කිසි නිස්චිත් දිනකින් එය පැවැත්විය යුතුයි සඳහන් කර නැත. එහි ඇත්තේ අහෝසිවූ දින සිට එහි බලතල ආණ්ඩුකාරවරයා හරහා මද්‍ය්ම රජයට ලැබෙන බව පමණකි. එම නිසා කලයුත්තේ පළාත් සභා චන්දය නොපවත්වා සිටීම පමණකි. අහෝසියක් එබෙම සිදුවේ. ඉන්දියාව තරහ නොවේ . සියල්ල සතුටින් සිටි.

  2. පුරවැසියා says:

    වෙන දේ බලන් එක තමයි හොඳ …අර ලංකාගමට දුන්න ඔන් ද ස්පොට් විසඳුම වගේ …පළාත් සභාත් හොඳයි කිව්වොත්..

  3. බේසම says:

    උත්තමයා ගේ ආණ්ඩුව …බලය…අපිට ගුණ අගුණ නොකියා ඕක අහෝසි කොලානම් හරි ..

    • Spirit says:

      ඉන්දියාව බලෙන් පැටවූ 13 සංශෝදනය අහෝසි කලයුතුයි.. පළාත් සභා අහෝසිකළ යුතුයි ..නමුත් MCC ඇමරිකානු කළු තරුව ගිවිසුම් අපේ රටේ ඇති නොකරන බවට ආණ්ඩුව ජනතාවට පොරොන්දු වියයුතුයි ..අපේ රටේ රජය සතු ඉඩම් කිසිවක් විදේශිකයින්ට බදු දීම හෝ සින්නක්කර විකිණීම සම්පුර්ණයෙන් තහනම් කලයුතුයි …ඒවා විකිනීමට දේශපාලක බලධාරීන්ට නොහැකි වන ලෙස නීති සකස් කල යුතුයි ..දැනට කොතරම් අපේ රටේ ජාතික සම්පත් විදේශීය සංගම් සතුවි තිබේද ? ඒවා පවරා ගැනීමට කටයුතු කලයුතුයි

  4. Gini says:

    The old rat politics is finish. Now you have to serve country, people who voted you. Any body who does not like the new ideology or the president has leave.

  5. PULATHISI says:

    . අපි දිනපතා බලන ප්රටවෘත්ති වලට අනුව “හිරු සහ දෙරණ” නාලිකාවන්හි ප්රුවෘත්ති වලට අනුව විවිධ ගම්බද ප්ර දේශවල පවතින පොදු ගැටලු පිළිබඳව හෙළිදරව් කරනු ලැබේ. ඔය කියන පලාත් සභා කෙරුවා කාරයෝ වසර ගණනාවක් තිස්සේ කුමක් කළේදැයි විමසිය යුතුය. එම මුදල් වලට සිදුවූයේ කුමක් ද?
    3. පෙර පැවති ආකාරයට ප්රාවදේශීය සභා ක්රෙමය සහ අදාල මන්ත්රී ැ වරුන් මගින් ප්‍රාදේශීය සංවර්ධන ක්රි‍යාත්මක කළ යුතුය.
    4.බෙදුම්වාදී ත්රවස්ත නායක ප්රිභාකරන්ගේ සන්නද්ධ අරගලයට විසඳුමක් ලෙස ඉන්දියාව විසින් ලංකාව මත බලෙන් පැටවු පළාත් සභා ක්රාමය ප්ර්භාකරන් විසින් ද ප්රදතික්ෂේාප කළේය. එහෙත් එවකට පැවති එ.ජා.ප. රජය විසින් මෙය ක්රිමයාත්මක කරන දෙශීය පුරවැසියන් කීප දෙනෙකුගේ ජීවිත පූජාවෙන් සහ සියගණනක් සිරගත කරමින්‍ බව වර්තමාන පළාත්සභාවාදීන් නොදන්නේද?
    5. අපේ රටේ ස්වෛරීභාවය ඉන්දියාවට පවාදීම තුළින් ජේ.ආර්. ජයවර්ධන සහ එවකට ඉන්දියානු අගමැතිව සිටි රජීව් ගාන්ධි අතර 1987 අත්සන් කළ පාවාදීමේ ගිවිසුම අනුව 1988 දී ක්රිියාත්මක කළ පළාත් සභා අපේ රටට කිසිසේත් ඔරොත්තු නොදෙන “සුදු අලියෙක්” බව පිළිගෙන අවසානය.
    6. පළාත් සභා අත්හිටුවා වසර ගණනක් ගතවී ඇතත් අදාල ප්රබදේශයන්හි සංවර්ධන සහ පරිපාලන කටයුතු ක්රසමානුකූලව ක්රිායාත්මකය. එසේ නම් තවත් මන්ත්රී වරප්රටසාද මවමින් පරාජිතයන් සහ දූෂිතයන් පිනවමින් අපේ බදුමුදල් විනාශ කරන්නේ කුමටද?
    හොරු නැගිටින්න තමයි පළාත් සභා ඉල්ලන්නේ. නැතුව රටට ආදරේට නෙමෙයි. 1988 පළාත් සභා ආරම්භයේ පටන් සිදු වූ සියල්ල මැනවින් විමසා බැලුවොත් ඕනැම කෙනෙකුට තේරැම් ගන්න පුලුවන් යථාර්තය කුමක් ද කියලා?

  6. ගමරාල says:

    පිං පඩි ගිලිමින් පුටු රත් කරකර පගා කොමිස් අල්ලස් අරගෙන කාලා ගෙදර ගිහිනුත් ජනතා මුදලින් විශ්රාම වැටුප් ලබන කාලකන්නි හැත්තක් ඉන්නකං මේ රට හැදිලි බොරු…
    තොපිට කන්න තියනවනම් වෙන මොනවත් ඕනෙ නෑ. පලාත් සබාව රටේ සල්ලි කන machine එකක්. ඉන්දියාව අපේ රටට බලෙන් පැටවූ පළාත්සභා අහෝසිකළ යුතුයි.

  7. සමනලයා says:

    ජනාධිපති තුමා 100% නිවැරදියි . අද්‍යපනය, සෞඛ්‍යය පලාත් සභා යටතේ නොවේ මහ ආන්ඩුව යටතේ තිබිය යුතුයි. ඒත් එක්ක පොලිස් සහ ඉඩම් බලතලද මහ අන්ඩුව යටතේ තිබිය යුතුයි. එතකොට පලාත් සභා මොන මගුලකටද.

    • sky says:

      පළාත් සභා අහෝසි කල යුතුයි ..එයින් රටට සිදුවන්නේ විනාශයක් ,පලාත්සභාවල පුද්ගලයෝ රටේ බදුමුදල් වලින් ධනවත් වීම හැර මෙතෙක් ඒවායින් සිදුවූ යහපතක නැත ..පලාත්සභා වලින් රටට සිදුවන්නේ සංවර්ධනයක් නොවේ රට අගාදයට යෑමකි… සමහර පලාත්වල සුළුජාතික බලයෙන් ජාති වාදය පැතිරවිමක් පමණි

  8. CJ says:

    Very true, we can see what is hpeening in US an America,the federal countries. Australia is struglling to get internal borders open. They cry for people to consider themsleves as Australians or American before think of state wise -Victorians or Queenslanders!

    Previously they talk about giving power to parts of the country now they suffer. SL does not want that. let the President correct this white elephant. (but no facilitaion of the Land Corridore please)

  9. HERATH says:

    ජනපති තුමනි,ඔබ කොටියා පලවා හැර පලමු වරට රට මුදා දුන්නේය​.කොරෝනා මැඩ දෙවන වරට රට සුරක්‍ෂිිත කලේය​.පළාත් සභා සුදු අලියා පලවා හැර තෙවන වරට අපේ රට මුදා දෙන්න​.

Main News