ජනපතිගෙන් පලාත් සභාවලට රතු එලි.. බලතල දුන්නොත් වෙන විපත කෙලින්ම කියයි..

September 6, 2020 at 12:02 am | lanka C news
ජනපතිගෙන් පලාත් සභාවලට රතු එලි.. බලතල දුන්නොත් වෙන විපත කෙලින්ම කියයි..

කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබිණැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී අද (05) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනය කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680ක් සහභාගී වෙති. අද ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවක 08 වැන්නයි. එහිදී සියයකට අධික මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු දේශන කරති.

ජනාධිපතිතුමා සිය කථාව ආරම්භ කරමින් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ රජයේ විවිධ අංශ ගත් තීරණාත්මක හා කඩිනම් පියවර සහ අපේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශිෂ්ඨ ප්‍රයත්නය නිසා බව සඳහන් කළේය. මේ ව්‍යායාමයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයනට එතුමා කෘතඥතාව සහ උපහාරය පුද කළේය.

“ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා සාර්ථක ලෙස වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සමත් වූයේ නැහැ. ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ සර්වජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක්. පෙර සූදානමක් නොතිබීමත්, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීමත් ඊට බලපෑවා. ප්‍රතිඵලය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගියෙකු හෝ අප ආපසු හරවා යැවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි අන්තර්ජාතික සංවිධාන සේම බොහෝ රටවල් අප අත්කරගත් සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රි ලංකාවට මේ ප්‍රගතිය හිමිකර ගැනීමට හැකි වූයේ අපේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” ජනාධිපතිතුමා පැවසීය.

කොවිඩ් 19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය අපේ මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට ප්‍රබල සාක්ෂියකි. එසේ තිබියදී අපේ රට වැසියන් බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න තමාට ප්‍රහේළිකාවකැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කීය.

රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන සැකයක් නැත. රජය උත්පාදනය කරන අරමුදල් මහජන සෞඛ්‍ය සේවා අභිවෘද්ධිය පිණිස වැය කරන නිර්මාණශීලි ප්‍රවේශයකට කාලය එළැඹ තිබේ. එවැනි ක්‍රියාදාමයක අවසාන ප්‍රතිලාභය පුරවැසියාට බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මසකට පෙර පැවති පාර්ලි‍මේන්තු මැතිවරණයේදී ජනතාව රජයට දුන් ජනවරම සිහිපත් කළ ජනාධිපතිතුමා ජනතාව සංවර්ධන පිපාසයෙන් පසුවන බවත්, නිදහසට හේතු දැක්වීම්වලින් වෙහෙසට පත්ව සිටින බවත් පැවසීය. “ නිරෝගී ජනගහණයක් සිටීම සංවර්ධනයේ මුලික කුළුණු වලින් එකක්. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීමයි. මගේ ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා”, ජනාධිපතිතුමා කියා සිටියේය.

වෛද්‍යවරයෙකු හමුවීම සඳහා බොහෝ දුර ගමන් කිරීමට සිදුව ඇති ගම්බද ජනයා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සක්‍රීය ප්‍රායෝගික දෘෂ්ටියකින් බලා ගැටළු විසඳීමට හැකි බව පෙන්වා දුන්නේය. නව සංකල්ප හඳුන්වාදීමට දැන් කාලය පැමිණ තිබේ. සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති ගම්මානවල සුවසේවා සැලසීමට දායකවීමට මහජන සෞඛ්‍ය හෙදියනට පිළිවන. ග්‍රාමීය බෙහෙත් ශාලා නැවත පණ ගැන්වීම තවත් විසඳුමකි.

“යහපත් සීමාවාසිකයා” වැඩමුළුවට එක්ව සිටින තරුණ වෛද්‍ය උපාධිධාරීන් විශේෂයෙන් ආමන්ත්‍රණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෛද්‍ය ක්ෂේත්‍රය පුද්ගලයෙකුට පිවිසීමට හැකි උතුම් වෘත්තීන්ගෙන් එකක් ලෙස හැඳින්වීය.

“ රෝගීන්ගේ ජිවිතය කෙරෙහි වෛද්‍යවරයාට ඇත්තේ විශාල වගකීමක්. පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වන්නේ ඔබ එළැඹෙන නිගමනය අනුව. ඔබේ වගකීම සුළුකොට තැකීමට පිළිවන්කමක් නැහැ”, ජනාධිපතිතුමා කීය.

දේශනය අවසන් කරමින් “ආරෝග්‍යා පරමාලාභා” යන බුද්ධ වචනය සිහිපත් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාවේ ඉහළම ප්‍රමිතීන් සාක්ෂාත් කර ගනිමින් සහෝදර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැප වන්නැයි ආධුනික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සහ සෞඛ්‍ය නිලධාරීහූ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රමුඛ සංගමයේ සාමාජිකයෝ සහ සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් වැඩමුළුවේ සමාරම්භයට එක්ව සිටියහ.

වැඩමුළුවට සහභාගී වූ රාජපක්ෂ මැතිතුමා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැළණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුරුවක් තිළිණ කළහ.

ජනාධිපතිතුමා මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයේ මෙහෙණින්වහන්සේ, ආයතන කාර්ය මණ්ඩලය සහ ධර්මචක්‍ර ළමා පදනමේ දැරියන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

 

101,574 views

23 Comments to “ජනපතිගෙන් පලාත් සභාවලට රතු එලි.. බලතල දුන්නොත් වෙන විපත කෙලින්ම කියයි..”

  1. දප්පුල says:

    හූලගෙ බූල් ගලවන්ඩනම් 20 සංශෝධනය අත්‍යවශ්‍යමයි. නැත්නම් බූලා හෙලවීම බොරු.

  2. tutu says:

    ජනාධිපති තුමාට ජය ශ්‍රී!

  3. පලාත් සභා එපා..............! says:

    ජනාධිපති තුමනි, මේ පලාත් සභා එපා…………..!

    13වන සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීදෙනෙක් එදා විරුධ්ධාවෙලා JRJ රජයෙන් ගුටි කෑවද කියලා මේ පළාත් සභාවලින් ජීවත්වෙන්න හදන පාපතරයන් දන්නේ නැහැ …
    පලාත් සභා නැතුව වර්ෂ 2 ක් පමණ රට ලස්සනට ගියා.රුපියල් කෝටි 4000 ක් පමණ රටට ඉතුරු වුනා.ලංකාව කුඩා රටක්.පලාත් සභා ඕන නෑ.ඉන්දියාව බලෙන් දාපු එකක් නිසා ඕනෙම නෑ.සිංහල අය සාතිශය බහුතරයක් පලාත් සභා වලට කැමති නෑ.සල්ලි වියදම් වීමයි,වැඩ පරක්කු වීමයි විතරයි

    පළාත් සභා මගින් ජනතාවයට කල සේවයක් නැහැ මුන් කලේ මහජන මුදල් වලින් රට සංචාරය කල එක පමණයි.

    රටේ නියම දේශප්‍රේමී ජනතාව ඔක්කොම සරත් වීරසේකර මහතා සමගයි

    සුද්දා ලංකාවට එනකොට මේ රටේ හිටියේ ඉතාමත් ශක්තිමත් මිනිස්සු… සුද්දා බැලුවා මොකද්ද ඒකට හේතුව කියල… රණවරා බෙලිමල් පොල්පලා අදීන් ගෙන් නිර්මාණය උන 100% ක් ඇගට ගුණ බීම… ඒ වගේම ගංජා සහ දියුණු කෘෂි සහ වාරි කර්මාන්තය එයට ප්රධාන හේතුවක් කියල සුද්ද දැක්කා. අපේ දේෂීය වාරි කර්මාන්තය විනාශ කරන ගමම්ම අපිට තේ බොන්න හුරු කරපු සුද්දා ගංජා තහනම් කරල අරක්කු බොන්න අපිව හුරු කලා. හැබැයි අපේ මිනිස්සු ඒ කාලේ ගංජ පාවිච්චි කලේ දැං කරන විදියට නෙමෙයි.මී පැණි එක්ක වේලලා හොදට. කුඩු කරලා පානයක් විදියට තමයි ගංජා කියන දේ පාවිච්චි කලේ. ඊට අමතරව මස් උයනකොටත් ඒ කුඩු පාවිච්චි කලා.මේ කතාවට ඉතිහාසය නොදැන හිනා වෙන්ට පෙර ඉතිහාසය හදාරන්න ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකියි.! අද විෂ සහිත කේරල ගංජා භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනමෙන්..! ලෝකයේ වෙනත් රටවල නම් විශාල වශයෙන් ගංජා අපනයනය කරන නමුත්.. බ්‍රිතාන්‍ය අධරාජ්‍යවාදීන්ට විරුද්ධව ශක්තිමත්ව ගැටීම හේතුවෙන් ගංජා බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව ද ඉතිහාසයේ ඇත…!

  4. Rajith says:

    ඉන්දියාවට 13 එක්ක කුදගහගන්න කියලා අපි අළුත් ව්‍යවස්ථාවක් හදමු.

  5. HUKARIS says:

    Ane Apoy,
    Api palath shaba wala honnddaata hambu kora.
    Meka nethiunoth, O level fail, apita yana ena mang nethiweawa sure.
    No gehii for us.

  6. Sanath says:

    In the era Mahaweli project launched if the Provincial Councils excited nothing could be done.Mahaweli Project is a good example to do work very past.What ever decided could be done same day in any area 0f Mahawei thanks to the Mahaweli administration system

  7. ජනිත් අසංක සමරසිංහ says:

    උපුටා ගැනීම:
    “අපේ රට වැසියන් බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න තමාට ප්‍රහේළිකාවකැයි ජනාධිපති …
    උපුටා ගැනීම අවසන්.

    මගේ පිළිතුර
    එකම දොස්තර මහතා උනත් තැන් දෙකකදී හැසිරීම වෙනස්, එක තැනකදී හරියටම ලෙඩේ ගැන අහගන්න බැහැ. බයාදුව සිටිය යුතුයි. අනික් තැනදී දොස්තර මහතා අපට නොවඳින ටික විතරයි. කාර්යය මණ්ඩලත් එහෙමයි.

    එහෙම වෙනකොට මෙහෙම තමයි. අපි කියන්නේ ලෙඩ්ඩු හුරතල් කරන්න කියලා නෙමෙයි

  8. සිංහල බන්ඩා says:

    කොටි විගී ලට එපා පලාබබා සුදු අලියා සිංහල අපටත් එපා.

  9. Aurora says:

    ජනාධිපති තුමා 100% නිවැරදියි . අද්‍යපනය, සෞඛ්‍යය පලාත් සභා යටතේ නොවේ මහ ආන්ඩුව යටතේ තිබිය යුතුයි. ඒත් එක්ක පොලිස් සහ ඉඩම් බලතලද මහ අන්ඩුව යටතේ තිබිය යුතුයි. එතකොට පලාත් සභා මොන මගුලකටද.

    • 77 UNP says:

      ඇමැති සහ මන්තමන්ත්‍රීවරුන්ගගේ පාර්ලිමේන්තු යන්න බැරි ගෑනුන්ට, මිමිනිස්සුන්ට, දරුවන්ට, නෑයන්ට මන්ත්‍රී කම්, ඩියුටි ෆ්‍රී වාහන, අර්ක්ශකයෝ සහ තවතවත් වරප්‍රසාද ගන්නයි .

  10. GAMINI SENANAYAKE says:

    If powers to land & police hand over to PROVINCIAL COUNCIL they will handle these resources as they wants. While these powers confine to central government they are already excised these resources as they wants. Both are same.

Main News