ඒකාබද්දය දැන් අපේ හතුරන් නොවේ.. ඒ අය ජනපතිත්, මාත් රාත‍්‍රියේ මුණ ගැසෙනවා..

January 23, 2017 at 6:48 pm | lanka C news
ඒකාබද්දය දැන් අපේ හතුරන් නොවේ.. ඒ අය ජනපතිත්, මාත් රාත‍්‍රියේ මුණ ගැසෙනවා..

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම තවමත් හතුරු කණ්ඩායමක් ලෙස තමන් නොදකින බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ හේවාහැට බැඹිය උනන්තැන්න පාලමට මුල්ගල් තැබීමේ උත්සවය අවසානයේ මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ඒකාබද්ධ විපක්ෂය විසින් වෙනම රැස්වීමක් පැවැත්වීමට යාම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසූ අතර රැස්වීම් පැවැත්වීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී අයිතියක් බවත්, ඔවුන් තමන්ගේ මිත්‍ර‍ සහෝදර කණ්ඩායමක් බවත්, ඔවුන් තවමත් සතුරු කණ්ඩායමක් හැටියට නොදකින බවත් සඳහන් කළ ඇමැතිවරයා එවැනි රුස්වීමක් පවත්වන්නේ නම් එයට ආශිර්වාද කරන බවත් කීවේය.

ඉදිරි පලාත් පාලන මැතිවරණයේ දී එන්නේ කොට්ඨාශ ක්‍ර‍මයක් බව කී ඇමැතෙිවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එහිදී එක් කොට්ඨාශයකට එක් අපේක්ෂකයෙක් පමණක් යොදවා තරග කරන නිසා කාට කාටත් එකට එකතු වී එක් අයෙකුට පමනක් අපේක්ෂකත්වය ලබා දීමට සිදුවන බව සඳහන් කළේය.

පොදු විපක්ෂයේ රැළියට යන අය තමන්ව ද, ජනාධිපතිතුමන්ව ද, රාත්‍රීයට මුණ ගැසෙන නිසා ඒ පිළිබඳව ගැටළුවක් නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

අළුතින් ඉදිවන මෙම පාලම නිසා කොළබිස්ස, නවනැලිය හා උනන්තැන්න ප්‍රදේශවල සිට හඟුරන්කෙතට දැනට යාමට ඇති දුරවන කි.මී.26 කි.මී.06 ක් දක්වා අවම වන බවත්, මෙම පාලම සඳහා රුපියල් කෝටි 05 ක්ද, බැඹිය නවනැලිය වටපඳුර මාර්ගය සඳහා රුපියල් කෝටි 03 ක්ද වැයවන බවත් ඇමැතිවරයා ප්‍ර‍කාශ කළේය.

– සංජය දසනායක

153 views

11 Comments to “ඒකාබද්දය දැන් අපේ හතුරන් නොවේ.. ඒ අය ජනපතිත්, මාත් රාත‍්‍රියේ මුණ ගැසෙනවා..”

  1. දේශද්‍රෝහීන්ගේ හතුරා says:

    මු නියම ට්‍රෝජන් අස්පයෙක්. පාවාදීමේ උස්තාද් කෙනෙක්. කොටි ප්‍රභාකරන් ව විශ්වාස කලත් මූව නං විශ්වාස කරන්න එපා

  2. kamasiri Kuruwita says:

    අම්මේ ! කට ඇරිය ගමන් ඇත්තම කියන මිනිහ. ඔය ගුණ්ඩු වලට එකාබද්දේ ඉන්න මහා ජනතාව රවටන්න නම් බැරිවෙයි. දැන් එයාල කොයි සතත් හොඳට අඳුනනවා

  3. Asitha says:

    Apathaya…..

  4. Kamal says:

    ඇත්ත වෙන්නත් පුලුවන් නෙහ්?

  5. Champa says:

    😀 😀 😀

    I feel sorry for the people who attacked me. They are in a ship without a rudder…..

    SB, you have graciously omitted that some of them meet Ranil too.

  6. gadol says:

    පින් ගොනා ඇමති

  7. saradieal says:

    මේ කොතනින් ගෙනා ගොනා
    යම පාලනයෙන් ගෙනා ගොනා
    මේ මොනවට ගෙනා ගොනා
    කොළ මඩනට ගෙනා ගොනා

  8. love nature says:

    අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ – නිෂ්ඵල කාර්යයක නිරත වීම

  9. saradieal says:

    නරියා හුවෙන් හඳුනා ගත හැකිය – කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය

  10. JON Bass says:

    “ඒකා ….බද්දය දැන් අපේ හතුරන් නොවේ.. ඒ අය ජනපතිත්, මාත් රාත‍්‍රියේ මුණ ගැසෙනවා බද්ද වෙනවා.Pawla wena koheda yanwaa. Api GSP eke pihiten swaadhinawa sam linganaye yedanwaa kiwwa nam hari. Ane munge bahirawa katawal. Henama gahapiya.

Main News