කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි..

September 15, 2020 at 10:40 am | lanka C news
කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි..

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ දින පැවති එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කිසිදු මාධ්‍යවේදියකුට වාර්තා කිරීම තහනම් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහන් කරන්නේ සම්බන්ධීකරණ කමිටුව වාර්තා කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු වතාවට බවයි.

ඊට පෙර පැවති සෑම රැස්වීමක් සඳහා සහභාගී වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබිණි.

නව රජයේ යටතේ පවත්වන පළමු සම්බන්ධීකරණ රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට ගත් තීරණය ගැන දැඩි විරෝධය පළ කරන බව මාධ්‍යවේදීන් සඳහන් කරති.

මෙම රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කර ඇත්තේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා විසින් කරන ලද දැනුම් දීමක් හමු යයි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වරයා සඳහා සඳහන් කර ඇත.

15,022 views

6 Comments to “කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි..”

  1. Alapaluwa says:

    මාද්‍යවේදීන්ට තහනම් කිරීම එතරම් ඇඟට ගුණ දෙයක් නොවේ කරුණාකර රටේ වෙන දේවල් රටේ ජනයාට දැනගැනීමට කටයුතු සලස්වන්න පසුගිය රජයවත් එවන් දෙයක් කළේ නැහැනේද?මේවගේ හිතුවක්කාර වැඩ කරන්න ගියහොත්නම් පුතේ ඉල්ලං කන්න තමයි වෙන්නේ ඊයෙත් මද්‍යාමගින් දැණුවත් කල ඉස්සන් කොටුවේ විස්තර දැනගැනීමට අවකශය ලබාදුන්නේ නාහ්නේද මේවා තවත් ඉදිරියට නොකරන්න වගබලාගන්න කෙලවගන්නේ නැතිව.

  2. sand man says:

    come on ” jaya wewa “‘

    • ටානියා මුතු says:

      කුරුණෑගල රජ සභාව රෑම ඩෝසර් කරලා ඉවරයි දැන් සාකච්චා වෙන්නේ තව කුරුණෑගල වෙන මොනාද රැට ඩෝසර් කරන්න පුළුවන් කියල ඉතින් කලින්ම මාධ්‍යට එක කියන්න බෑ එකයි මාධ්‍ය වර්ජනය කලේ රෑ ඩෝසර් කාරයින් පස්සේ උදේ මාධ්‍යට දන ගන්න පුළුවන් වෙයි ඒ ඇති නේ

  3. Mtmmanvar says:

    Sawbagye dekma. Ohoma yang

  4. අපේ රට says:

    “මෙම රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කර ඇත්තේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා විසින් කරන ලද දැනුම් දීමක් හමු යයි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වරයා සඳහා සඳහන් කර ඇත”. ජනපතිතුමනි, මේ ප්‍රකාශය ඇත්තක් නම් වහා මේ ගැන සොයාබලා රටේ වෙන දේවල් රටේ ජනයාට දැනගැනීමට කටයුතු සලස්වන්න. ජනයාගේ බලාපොරොත්තුව එයයි.