ඉරි තැලූ ගොඩනැගිල්ලක් පොලිසියෙන් වසා දමයි.. ටියුෂන් පන්තියක් උඩු මහලේ..

September 21, 2020 at 12:40 pm | lanka C news
ඉරි තැලූ ගොඩනැගිල්ලක් පොලිසියෙන් වසා දමයි.. ටියුෂන් පන්තියක් උඩු මහලේ..

කඩ කාමර අටකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලේ ඉරි තැලිම් කිහිපයක් හේතුවෙන් එම ස්ථානයේ වෙළඳාම් සිදු කරන කඩ හිමියන්ට ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන තෙක් සිය වෙළෙද ආයතන විවෘත නොකරන ලෙසට හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අද එම ස්ථානයේ ස්ථාන පරික්ෂණයකින් පසුව පැවසිය.

හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා, හෙම්මාතගම වසම භාර ග‍්‍රාම නිලධාරි සෙනරත් වීරසේකර මහතා ඇතුලූ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් එම ගොඩනැගිල්ල නිරික්ෂණය කිරිමෙන් පසුව එම තීරණය ගනු ලැබිය.

හෙම්මාතගම අරණායක ප‍්‍රධාන මාර්ගය අසල හෙම්මාතගම නගරයේ පිහිටා ඇති මෙම තෙමහල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයට දරුවන් පැමිණෙන ප‍්‍රධාන ගෙට්ටුව අසලයි. ගොඩනැගිල්ලේ අවදානම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුයේ එම ගොඩනැගිල්ල ඉදිරිපිටින් පාසල් දරුවන් මෙන්ම ජනතාව ගමන් කිරිම වැලැක්විමට පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් සේවයට යොදවන බවයි.

මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ඉරි තැලිම් කිහිපයක්ම දක්නට ඇති අතර ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රීට් කණු කිහිපයක් අතින් සෝලවන විට ඒවා සේලවෙන අයුරුද එහිදි පැමිණි නිලධාරින්ට නිරික්ෂණය විය.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර තුන්වන මහලේ දැනට වසර කිහිපයකට පෙර පංති පැවැත්විම් කර ඇති අතර පවතින අවදානම හේතුවෙන් එහි පංති පැවැත්විම සිදු නොකර තුන්වන මහලයට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා වසා ඇත.

– සමන් විජය බණ්ඩාර

45,017 views

3 Comments to “ඉරි තැලූ ගොඩනැගිල්ලක් පොලිසියෙන් වසා දමයි.. ටියුෂන් පන්තියක් උඩු මහලේ..”

  1. US marine man says:

    To repair this building we are planing to deploy a US marine unit to the area.

  2. John says:

    හුණුගල් කැඩීමේ විපාකය …මේවාට මහනුවර නගර සභාව වගකිව යුතුයි …ඔවුන් කප්පන් අරන් කරන අවසරදීම් නිසා අද මහනුවර අවට ප්‍රදේශය අවධානම් තත්වයකට පත්ව ඇත…ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නගර සභාවට අලුතින් පුද්ගලයින් පත්කළ යුතුයි නගර සභාව දැන් පාලනය කරන්නේ හම්බයන්ගේ මුදල් බලේට …මහනුවර අවට මත් කුඩු ජාවාරම් පිලිබදව පරික්ෂණ සිදු නොකරන්නේ මන්ද ?ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?

  3. Janu says:

    කටුගස්තොට අකුරණ මඩවල කෙතරම් අනවසර ඉදිකිරීම් ඇතිද? ඔය නගරවල දවසපුරා කඩවල් අසල වාහන සහ ත්‍රි වීල් ගාල් කර ඇති නිසා මාර්ගයේ වහනගමනගමනය එක තීරුවකට පමණක් සිමා වේ. මෙයින් දිනය පුරාම මහත් අවහියිරයක් ඇති වී මහනුවර දක්වාම හිරවෙයි. . පොලිසිය මේ නතරකර ඇති වාහන ඉවත් නොකරන්නේ ඇයි?

Main News