වන්නි කැලේ බුරුත ගස් කපන මහපරිමාණ ජාවාරමක්…

October 2, 2020 at 12:00 pm | lanka C news
වන්නි කැලේ බුරුත ගස් කපන මහපරිමාණ ජාවාරමක්…

වව්නියාව ඕමන්ත, පාලමොට්ටෙයි රක්ෂිතයේ මහපරිමාණයෙන් බුරුත දැව ගස් කපා ඉතා සූක්ෂමව උතුරු පලාතේ විවිධ ප්‍රදේශ වෙතට දැව රැගෙන යාමේ ජාවාරමක් අද (02) උදෑසන පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සෙබලුන් විසින් වටලන ලදි.

එහිදී ලොරි රථයකට බුරුත දැව ගස් කුට්ටි කර දමා දැව වැසෙන සේ ඊට උඩින් දහයියා දමා පාලමොට්ටෙයි රක්ෂිත කැලෑවේ සිට ලොරිරථය ධාවනය කරමින් සිටින අතර තුරදී පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් වැටලීම කොට ලොරි රථය සමග රියදුරුදු අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.

එහිදී ලොරි රථයේ සඟවා තිබූ විශාල බුරුත කඳං 23 ක් තිබී ඇති අතර රක්ෂිතයෙන් කපා ගන්නා බුරුත දැව ඉතා රහසිගතව දහයියා ප්‍රවාහනය කරන මුවාවේන් රැගෙන යාමට ජාවාරම් කරුවන් සැලසුම් කොට තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර බුරුත තොගය හා සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඕමන්ත පොලීස් සථානය වෙතට භාර දීමට පියවර ගත් බවට පුලියන් කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

බුරුත දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී අබේසේකර මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණිදෙන නිලධාරීතුමන් ඇතුලු එහි නිලධාරීන් විසින් මේ සඳහා දායක විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,775 views

One Comment to “වන්නි කැලේ බුරුත ගස් කපන මහපරිමාණ ජාවාරමක්…”

  1. බඩයන ට‌ොයියා says:

    ඔිවා නිකන් මාධ්‍ය සංදර්ශන විතරයි
    ට‌ොයියන්ට දැන් කියන්න දේවල් නැතිව අනාථ ව‌ෙලා බ‌ොරු වපුරනවා
    සර් කියපු විදිහට ම‌ෙිවා මාධ්‍ය වලින් තමයි උලුප්පන්න‌ේ
    පවි ට‌ොයිය‌ෝ
    විපක්ෂෙන් අපි 20ක් ගන්නවා රිෂාඩි බදියුදීන් එක්ක
    ගිහිල්ලා ගමිවදින නරි එක්ක බුදිය පල්ලා

Main News