විජේදාසගෙන් කොක්කක්.. 20ට සහාය දීම අසීරු බව ජනපතිට දන්වයි.. කොන්දේසි දමයි..

October 3, 2020 at 9:20 am | lanka C news
විජේදාසගෙන් කොක්කක්.. 20ට සහාය දීම අසීරු බව ජනපතිට දන්වයි.. කොන්දේසි දමයි..

යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ සහ 19 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු පෙන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් යවා ඇත.

එම අඩුපාඩු විසඳාගත හැකි විකල්ප ක්‍රම ද එමගින් අවධාරණය කර තිබේ.

එකී සංශෝධනයන් සිදු නොවන්නේ නම් මහජන පරමාධිපත්‍යයට ගරුකරන්නෙකු ලෙස 20 වන සංශෝධනය සහය දිය හැකිද යන ප්‍රශ්නය තමන්ට මතු වණ බව එම ලිපියෙන් ඔහු මතුකරයි.

එමෙන්ම විසිවෙනි සංශෝධනයේ බලතල වර්තමාන ජනාධිපතිවරයා විසින් භාවිතා කරද්දී රටට හානියක් සිදු නොකලද ඉදිරියේදී ප‍්‍රශ්න ඇතිවිය හැකි යැයි ද එම ලිපියෙන් පෙන්වා දී ඇත.

විජේදාස රාජපක්ෂ මහතා විසිවන සංශෝධනයට නිල වශයෙන් මත දැක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

කැබිනට් මණ්ඩල පිහිටුවීමේදී ඔහුට යෝජනා වූ රාජ්‍ය අමාත්‍යධූරය බාරගැනීම ප්‍රතික්ෂේප කලේය.

75,228 views

16 Comments to “විජේදාසගෙන් කොක්කක්.. 20ට සහාය දීම අසීරු බව ජනපතිට දන්වයි.. කොන්දේසි දමයි..”

  1. lotus says:

    Great. direct decision. always u r going on t correct way.

  2. Nandasoma Suriyaarachchi says:

    20 සංශෝධනය කියන්නෙ තාවකාලික පියවරක් විතරයි…… ! ඒ නිසා ඒකෙ අඩුපාඩු සෙවීම එතරම් වැදගත් නැහැ…..!!

    පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කර ගන්න පුලුවන් දෙයක් නිසා විශාල වෙනසක් වෙන්නතේ නැහැ…..!!!

    වැදගත් වෙන්නෙ ඉක්මනින්ම නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කිරීමයි…..!!!!!

  3. yvonne- chula says:

    mekata mama chande dun ne – epa karapu ekek cia agent

  4. දුටුගැමුණු says:

    හාවුන් ට නොමිනේශන් දීපු පොහොට්ටු එවුන්ට හොඳ වැඩේ !

Main News