තව එකකින් මෙරට කොරෝනා සමාජ පැතිරීමක් කියා ප‍්‍රකාශ කරන්නට සිදු වෙනවා..- වසංගත රෝග ප‍්‍රධානී

October 9, 2020 at 10:02 pm | lanka C news
තව එකකින් මෙරට කොරෝනා සමාජ පැතිරීමක් කියා ප‍්‍රකාශ කරන්නට සිදු වෙනවා..- වසංගත රෝග ප‍්‍රධානී

හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් රට තුළ සිටිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මෙවන් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට හෝ කිහිප දෙනෙකුට ආසාදනය රෝගී පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි.

එවන් තත්ත්වයක් ඇති වුවොත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වීමක් ඇතැයි නම් කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

නමුත් මේ දක්වා එය සමාජගත වීමක් යැයි කීමට ප්‍රමාණවත් තරම් සාධක නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

70,827 views

12 Comments to “තව එකකින් මෙරට කොරෝනා සමාජ පැතිරීමක් කියා ප‍්‍රකාශ කරන්නට සිදු වෙනවා..- වසංගත රෝග ප‍්‍රධානී”

  1. Kalana says:

    ඇයි රටටම ඇඳිරිනීතිය ගේන්නේ නැත්තේ තවම ?

    • 😨😨 says:

      HIV positive නිසා…😨😨

    • Nimal says:

      ඔහේ වගේ අය ලක්ස කීපයක් ඉන්න නිසා, දැන් අහනවා ඇයි දන්නේ නැත්තේ කියල, දැම්මම අහනවා ඇයි දැම්මේ කියලා

  2. senanayake says:

    ow me hadilaa ttiyenne samaje unta nemeinne pita sakwalin aapu set ekakatane. therune dan thamai. respect sir

  3. ඩී says:

    මිනිස්සුන්ගේ හම ගියත් කමක් නැහැ නම තියාගන්න දරන වෑයමක්.

  4. Jaya says:

    සුනාමි 1රැල්ල බලන්න ගිය මිනිසුන්ට දෙවැනි රැල්ලෙන් හොදට නාගන්න දුන්නේ. ..!

  5. සානිකා says:

    කොරෝනා ඉවර කරපු ක්‍රෙඩිට් එක අරන් චන්දෙ දිනන්න චන්දෙ ඉවර වෙනකම් කොරෝනා නෑ කියලා අල්ලන් හිටියා …
    චන්දෙ ඉවර වෙච්ච් ගමන් කොරොනා තියෙනවා කියන්න බෑනෙ..
    ඉතින් මාස 2ක් වගේ යන්න දීලා ආපහු වැඩේ පටන් ගත්තා
    ඔන්න ඕකයි උනේ

    ජනතාව ඇන්දීම කලාවක් නම් රාජපක්ශලා එහි පිකාසෝලා වෙයි

  6. bua says:

    if he does that his ticket will be cut.

    GMOA told this long ago.

    Thank you very much GMOA.

  7. Nandana says:

    විවාහ උත්සව අවලංගු කරන්න වෙනව මොකද එවාගේදි මිනිස්සු මාස්ක් දාන්නෙ නෑ . විවාහ කියන්නෙ කොරොනා පතුරුවන හොදම අවස්තවක්.

  8. ක්‍රිමිනල් says:

    සමාජය කියන්නේ මොකක්ද කියලා අපිට විග්‍රහ කරලා දෙන්නකො ජොස්තර මහත්තයො ! අටපාස් බූරූවො ලියලා දෙන කොල “ගිරව්” වගේ කියවන්නේ ආත්ම ගෞරවය බල්ලට දාලද ? මිණුවන්ගොඩ කොවිඩ් ආසාධිතයො හමු වුනේ අගහරු ලෝකෙන්ද ? රටපුරා කොවිඩ් ආසාධිතයන් හමුවෙන්නේ වෙනම රටක ප්‍රාන්ථ වලින්ද ? පොත් ප්‍රදර්ශණ වලට , රොහල් වලට ගිය , ට්‍රිප් ගිය උදවිය කොවිඩ් පොසිටිව් වෙලා කොටිම්ම කිව්වොත් ලංකාව පුරාවටම කොවිඩ් පැතිරීලා කියලා , අපි දැනගන්නේ රජයේම මාධ්‍ය වලීන් ; බෛයො අන්දන්න බෛලා ගැහුවට මේරටේ ඉන්නවා මොලේ කලදක් හරි තියෙන මිනිස්සූ , සත්‍ය තෙරුම් බෙරුම් කරගන්න පුලුවන් . උන්ට ඔය බෛලා ගැහුවට වැඩක් නෑ ..

  9. හිතුමතේ says:

    උබලා ලොක් ඩවුන් කරන්න කිවට මෙ කොරොනා රෙද්ද නිසා අපි අනාතයි.පලවෙනි පාර වහපු වෙලෙ මාස 3ක් පඩි දුන් නැ.දැන් දෙන්නෙත් බෙසික් එකෙන් 25% විතරයි.ආයෙ රට වැහුවොත් අපි අනාතයි.දැන් ජොබ් වලට ගන්නෙත් නැ.අපි එයාපොට් ෆිල්ඩ් එකෙ ඉන්නෙ.ගෙදරට වෙලා ඉන්න එවුන්ට හොදයි රට වහන එක

Main News